Xiaomi වෙතින් Redmi Go රු. 12,999 කට



Redmi Go  යනු Xiaomi  හඳුන්වාදෙන ප්‍රථම AndroidTM  ජංගම දුරකථනයයි
2019 මාර්තු 08, කොළඹ: ලොව තාක්ෂණ ක්ෂේත්‍රයේ  නියමුවෙකු වන Xiaomi, සිය ප්‍රථම AndroidTM Go  ස්මාට් ජංගම දුරකථනය වන Redmi Go, ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. විශේෂාංග රැසකින් සමන්විත මෙය රු. 12,999 කට මිලදීගැනීමට මෙරට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබෙනු ඇත.
AndroidTM Go  යනු 2017 වසරේදී Google විසින් හඳුන්වා දෙන ලද, අතිශය කාර්යක්ෂම Android පද්ධතියක් ස්මාර්ට් ජංගම දුරකථනය සඳහා භාවිතා කිරීමේ වැඩසටහනකි. නවමු ආකාරයේ Android™ 8.1 Oreo™ (Go edition) මෙහෙයුම් පද්ධතිය Redmi Go  ජංගම දුරකථනය සඳහා භාවිතා වී ඇති අතර, ගබඩා ධාරිතාව වැයවන ප්‍රමාණය සහ දත්ත වැයවන ප්‍රමාණය අවම වන පරිදි මෙහි Google apps ප්‍රති-සැලසුම්ගත කර ඇත.
“පසුගිය වසරේ ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් ව්‍යාපාර කටයුතු ආරම්භ කළ දා පටන්ම Xiaomi  වෙත මෙරට පාරිභෝගිකයන්ගේ උණුසුම් ප්‍රතිචාර  ලැබෙමින් පවතිනවා. ඔවුන් ලබාදෙන සහයෝගය ගැන අප ඔවුන්ට අතිශයින් කෘතඥ විය යුතුයි. Redmi Go  හඳුන්වා දීමත් සමග මේ ජනප්‍රියත්වය තවත් ඉහළ යාවි. මෙමගින් පාරිභෝගිකයන්ට ඉතාම සහනදායී මිලකට විශිෂ්ට ස්මාර්ට් ජංගම දුරකථන අත්දැකීමක් විඳගැනීමට හැකියාව ලැබෙනවා. මෙය ලොව නවීනතම නිපැයුම් සැමදෙනා වෙතම සමීප කරවීමට අප දරන උත්සාහයේ තවත් පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්.” Xiaomi India සමාගමේ මෙරට සාමාන්‍යාධිකාරී විද්‍යා සාගර් මහතා පැවසී ය.
Redmi Go  ස්මාට් ජංගම දුරකථනයේ 5.0-inch 720p HD  තිරයක්, Qualcomm® Snapdragon™ 425 SoC  සමග 3000mAh බැටරියක් ඇතුළත් වේ. පසුපස 8MP ප්‍රධාන කැමරාවට LED flashligh එකක්ද යොදා ඇති අතර, ඉදිරිපස කැමරාව 5MP ය. SIM  කාඞ් දෙකක් භාවිතා කළ හැකි මෙම දුරකථනයේ microSD slot  එකට 128GB දක්වා microSD කාඞ්පත් යෙදිය හැකි වේ. 2G, 3G  සහ 4G ජාල සඳහා භාවිතා කළ හැකි මෙම දුරකථනය VoLTE-ready  දුරකථනයකි.
8GB මතක ධාරිතාවක් සහිත Redmi Go  දුරකථන දැන් දිවයින පුරා අලෙවිසැල් වෙතින්, කළු සහ නිල් වර්ණ වලින් රු. 12,999 කට මිලදීගත හැකි වේ.

Xiaomi Corporation  පිළිබඳව
2010 වසරේ අප්‍රේල් මාසයේදී ආරම්භ වූ Xiaomi Corporation 2018  වසරේ ජූලි මාසයේදී හොංකොං කොටස් හුවමාරුවේ ලැයිස්තුගත විය (1810.HK). Xiaomi යනු මූලික වශයෙන් IoT පදනමක් සහිත, ස්මාර්ට්ෆෝන් සහ ස්මාර්ට් හාඞ්වෙයාර් නිපදවන අන්තර්ජාල සමාගමක් ලෙස හැඳින්විය හැක. සිය පාරිභෝගිකයන්ට බෙහෙවින් සමීප සමාගමක් ලෙස කටයුතු කරමින්, නිරන්තරයෙන් නව සොයාගැනීම් සිදුකරමින්, උසස්ම ප්‍රමිතියෙන් යුතුව ඒවා වෙළඳපොළ වෙත හඳුන්වා දීම සමාගමේ ප්‍රධානතම අරමුණ වී තිබේ. මේ ආකාරයට නවීන තාක්ෂණය ඔස්සේ පාරිභෝගිකයන්ගේ ජීවිත වඩාත් යහපත් කරන නිෂ්පාදන, ‘අවංක’ මිලගණන් යටතේ වෙළඳපොළට නිකුත් කිරීමට සමාගම කටයුතු කරයි. දැනට ලොව හතරවැනි විශාලතම ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය ලෙස සැලකෙන Xiaomi, ස්මාර්ට් ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක හැර අනෙකුත් ස්මාර්ට් ජංගම දුරකථන උපාංග මිලියන 132 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධ කරමින් ලොව විශාලතම පාරිභෝගික IoT පදනම ස්ථාපිත කර තිබේ. මේ වනවිට ලොව රටවල් හා කලාප 80 කට අධික සංඛ්‍යාවක ව්‍යාප්ත වී ඇති Xiaomi නිෂ්පාදන දැනටමත් ඒ අතරින් වෙළඳපොළවල් රැසක ඉදිරියටම පැමිණීමට සමත් වී ඇත.
Share