SLIIT වෙතින් උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වැඩමුළු මාලාවක්



SLIIT වෙතින් තම ජිවිතයේ වැදගත්ම අධ්‍යාපනික සන්ධිස්ථානයක් වන උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් උසස් දැනුමක් සහ විභාගයට නොබියව ඉදිරිපත්වී විශිෂ්ඨ ප්‍රථිපල අත්කර ගැනීමට සහය වන ආකර්ශනීය අධ්‍යාපන වැඩමුළු මාලාවක් දිවයිනේ ප්‍රධාන නගර කිහිපයකදී පැවැත් විය.

SLIIT තම ආයතනයේ පවතින අධ්‍යාපනික වත්කම් සහ සම්පත් මේ සිසුන්ගේ අනාගතය වෙනුවෙන් කැප කරමින් ඔවුන්ගේ දැනුම විෂයානු බද්ධව මෙන්ම ඔවුන්ගේ අන්තර් පුද්ගල සංවර්ධනය තුළින් ඉදිරි අධ්‍යාපන ඉලක්ක ජයග්‍රහණය කරගැනීමට අවශ්‍ය දැනුම ලබා දීමට මෙහිදී කටයුතු කළේය.
SLIIT වැඩමුළුව පිළිබඳව අදහස් දක්වමින් SLIIT ආයතනයේ උපකුලපති / ප්‍රධාන  විධායක නිලධාරී මහාචාර්ය ලලිත් ගමගේ මහතා මෙසේ පැවසීය. “ප්‍රධාන පෙලේ විද්වතුන්ගෙන් සමන්විත අධ්‍යාපන ආයතනයක් ලෙස , මේ සිසුන්ගේ ජිවිතයේ ප්‍රධානතම අධ්‍යාපන කඩයිමක් ජය ගැනීමට ඔවුන්ට උපකාර කිරීම අපගේ වගකීමක් සහ යුතුකමක් ලෙස සලකනවා. මේ වැඩමුළුව හරහා අප ඔවුන්ගේ විෂය ක්‍ෂේත්‍රයන් තුළ පමණක් නොව ඔවුන්ට පාසල් අධ්‍යාපනයේ යෙදෙමින් තමන්ගේ හැකියාවන් සහ දක්ෂතාවයන් ඔස්සේ අනාගත වෘත්තීයන් හඳුනාගනිමින් ඒවා ගොඩ නංවා ගන්නා අකාරය පිළිබඳවද උපදෙස් හා සහයන් ලබා දීමට කටයුතු කළා.’’
වැඩමුළුවලදී, තොරතුරු පද්ධති පිළිබඳව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, ගණිතය, ගෘහ නිර්මාණ ශිල්පය, කළමනාකරණය ආදී විෂය ක්‍ෂේත්‍රයන් පිළිබඳව ද භෞතික විද්‍යාව නව විෂය නිර්දේශය  අනුව නව දැනුම සහ උපදේශන ද ලබා දුනි. එලෙස SLIIT මහනුවරදී සංවිධානය කරන ලද වැඩමුළුව සඳහා උසස් පෙළ  ජීව විද්‍යාව සහ ගණිත අංශයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 2500ක් පමණ සහභාගී විය.
මනෝවිද්‍යාව, සයිබර් ආරක්ෂාව, කෘතිම බුද්ධිය, සමාජ මාධ්‍ය සහ අන්තර් ජාලයේ දැනුම පිළිබඳවද මෙම වැඩමුළු වල අන්තර්ගතයට ඇතුළත් කරමින් සිසුන් දැනුවත් කරනු ලැබූ අතර කාලය කළමනාකරණය, ආතතිය කළමනාකරණය, අභිප්‍රේරණය සහ විභාග ඉඟි පිළිබඳව ද SLIIT ආයතනය විසින් සිසුන්ට පුහුණුවක් ලබාදුන්නේය.
SLIIT හි ඉංජිනේරු සහ සංවර්ධන  අධ්‍යක්ෂ  උදිත ගමගේ මහතා පැවසුවේ, ”පිළිගත් සහ ගෞරවනීය ආයතනයක් වශයෙන් තම ආයතනයට මෙම සිසුන්ගේ අධ්‍යාපනික හා වෘත්තීය සංවර්ධනය වෙනුවෙන්  සහාය දැක්වීමේ හැකියාව ඇති අතර මෙම වැඩමුළු තුළින් ලබා දෙන වැදගත් තොරතුරු සහ උපදේශනයන් සිසුන්ගේ දැනුම වර්ධනය කරනවා පමණක් නොව, එහිදී පවත්වන මෘදු කුසලතා සැසි තුළින් සිසුන්ට තමන්ගේ වෘත්තීය අනාගතය පිළිබඳව අවබෝධයක්ද ලබා ගැනීමට හැකිවන බවයි.‘‘
මහනුවර ධර්මරාජ විද්‍යාලය, නුගේගොඩ අනුලා විද්‍යාලය, ගාල්ල සවුත්ලන්ඞ්ස් විද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය සහ කොළඹ විශාකා විද්‍යාලවලද මෙම වැඩමුළුව පැවැත්වුණු අතර එහිදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් 3400කට අධික පිරිසක් සහභාගී වූහ
වැඩමුළුව තුළදී සමාජය තුළ කාන්තාවගේ භූමිකාවෙහි  වැදගත්කම පිළිබඳවද ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පෙන්වා දුන් අතර SLIIT විසින් මේ සිසු සිසුවියන්ට තම සිහින අවබෝධ කරගනිමින් ඒවා ජයග්‍රහණය කරගැනීම සඳහා අවශ්‍ය මග පෙන්වීම  විවිධ ක්‍රියාකාරකම් පවත්වමින් විනෝදජනක ලෙස සිසු සිසුවියන්ගේ සිත් ඇඳ බැඳ තබා ගනිමින් පැවැත්වීය.
Share