Mother’s Day එකේදී අම්මා පුදුම වෙන තෑග්ගක් දෙමු



ළඟ ළඟම විශේෂ දවසක් එනවා කියලා හැමෝටම මතකයි නේද? ඔන්න ඉතින් අමතක වුණ අයට දැන ගන්නත් එක්ක මතක් කරන්නම්කෝ. ඒ තමයි මැයි 12 වෙනිදා තියෙන mother’s day එක. ඉතින් අපි වෙනුවෙන් හැමදේම  කරන අපේ ආදරණීය අම්මා වෙනුවෙන් මේ දවසෙදි පුංචි දෙයක් කරලා එයාව පුදුම කරමුද?  ඉතින් ඔන්න lunu.lk අපි මේ සූදානම් වෙන්නේ mother’s day එකට හොඳ  gift ideas ටිකක් කියන්න. එහෙනම් කියවලා බලන්නකෝ.

01. ඔයාගේ අතින්ම හදපු ලස්සන කාඩ් එකක්

ඔයාට පුළුවන් නම් ලස්සනම ලස්සන කාඩ්  එකක් ඔයාගේ අතින්ම හදන්න ඔයාගේ අම්මා ඒකට ගොඩක් ආස වෙයි. ඒ වගේම අම්මට පේන්නේ නැතුව හොරෙන් හොරෙන් හදනකොට තියෙන හරි අපූරු හැඟීමත්  විඳගන්න පුළුවන්. අන්තිමට මේ කාඩ්  එක ඔයාගේ අතින්ම අම්මට දෙනකොට අම්මා ගොඩක් පුදුම වෙයි. ඔයාට මේ දේවල් කරන්න වෙලාව තිබුණද කියලා. මේ කාඩ් එකට අම්මගෙයි ඔයාගෙයි මතකයන්ගේ photos ටිකක් දාන්නත් ඔයාට පුළුවන්. you-tube එකේ  search කරලා බැලුවොත් ඔයාට ලස්සන ideas ටිකක් හොයා ගන්න පුළුවන්.

02. හොඳ Lunch/Dinner එකක්

හැමදාම උයන පිහන කටයුතු කරන්නේ අම්මා නේ. ඉතින් මේ mother’s day එකේදි අම්මට පොඩි නිවාඩුවක් දෙමු. ඔයාට පුළුවන්  අම්මා කැමතිම කෑම හදලා ගෙදරදිම Lunch/Dinner එකක් සූදානම් කරන්න. එහෙම නැත්නම් අම්මා කැමති විදියේ කෑම තියෙන රෙස්ටුරන්ට් එකකට අම්මව එක්කන් යන්න. උයන පිහන වැඩවලින් එක දවසක් හරි නිවාඩුවක් ලැබෙන එකට නම් ඔන්න අම්මා ගොඩක් සතුටු වෙයි.

03. අම්මා කැමතිම Movie එකක්

එදිනෙදා වැඩත් එක්ක අපිත් ගොඩක් busy වෙනවා. එතකොට අපිට අපේ අම්මාව මඟ හැරෙන්නේ අපිටත් නොදැනීම. අලුතෙන් එන ෆිල්ම්ස් බලන්න යන්න අම්මා කොච්චර ආස වුණත් අපිට කරදර කරන්න බෑ කියලා පාඩුවේ ඉන්නවා. ඉතින් ඔන්න ඔයාට පුළුවන්  එයාව පුදුම කරන්න. අම්මා මේ දවස්වල වැඩියෙන් කථා කරන ෆිල්ම් එකකට ටිකට්ස් බුක් කරලා එයාව පුදුම කරන්න.

04. පොත් ටිකක්

ඔයාගේ අම්මත් පොත් කියවන්න ගොඩක් ආස කෙනෙක් නම් ඔයාට පුළුවන්  අම්මට ලස්සන ගිෆ්ට් එකක් දෙන්න. ඒ තමයි එක එක විදියේ පොත්වල එකතුවකින් හදන gift box එකක්. මේ පොත් ගොන්නට අම්මා ඉස්සර කියවපු එයා ගොඩක් ආස කරන පොතක් එකතු කරන්නත් ඔයාට පුළුවන්.

05. Sweets Box එකක්

Sweets කියන්නේ ඉතින් හැමෝම කැමති දෙයක්නේ. හැබැයි හරියට හිතුවොත් අම්මලා sweets කන්න ටිකක් වැඩියෙන් කැමතියි. එහෙම නේද? ඔයාගේ අම්මත් sweets lover කෙනෙක් නම් අම්මට දෙන්න පුළුවන්  හොඳම  gift එක තමයි අම්මා කැමතිම sweets එකතුවකින් sweets box එකක්. ඔයාට පුළුවන්  ලස්සන box එකකට එක එක විදියේ sweets පුරවලා මේ gift එක හදන්න.

06. ලස්සන Jewelry එකක්

ඔන්න ඔයාටත් ඉන්නේ එක එක විදියේ jewelries වලට ආස අම්මා කෙනෙක් නම් මේ mother’s day එකේදි දෙන්න හොඳම  ගිෆ්ට් එක තමයි ලස්සනම ලස්සනම jewelry එකක්. අම්මා කැමති විදිය ගැන අම්මට හොරෙන් හොයලා බලලා මේ ගිෆ්ට් එක රෙඩි කරන්න ඔයාට පුළුවන්. අම්මගේ jewelry එකතුවෙන් ඔයාගේ ගිෆ්ට් එකට ලොකු තැනක් හම්බවෙයි.

07. තවත් කෙනෙක්ට උදව්වක්

කාලයක් ඉඳලා අම්මගේ හිතේ තියෙනවා නම් ළමා නිවාසයකට හරි වැඩිහිටි නිවාසයකට හරි උදව් කරන්න  ඕන කියලා ඔන්න ඔයාට පුළුවන්  අම්මගේ හිතේ තියෙන මේ ආසාව mother’s එකේදි ඉටු කරන්න උදව් කරන්න. ඒ වගේ තැනක් බලලා අම්මත් එක්ක මේ හොඳ වැඩේ කරන්න. ඒක mother’s day එකේදි අම්මට ලැබෙන වටිනම ගිෆ්ට් එක වෙයි.
ඔන්න ඉතින්  මේ mother’s day එක ඔයාටයි අම්මටයි දෙන්නටම සතුට පිරුණු දවසක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔයාගේ අදහස් අපිට කියන්නත් අමතක කරන්න එපා.
Share