MDFD හි දශකය සැමරීමට චොකලාට් සඟරාව පවත්වන අනගි මව්-දූවරුන්ගේ විලාසිතා තරගය



2019ක් වූ පෙබරවාරි මස 06 වෙනි බදාදා, කොළඹදී: 10 වෙනි වසර ඉතා උත්කර්ෂවත් අන්දමින් සමරන කැපී පෙනෙන තරුණ නිර්මාණකරුවන් සහ ආදරණීය මව්-දියණිවරුනි, 2019 වසරේදීත් බලාපොරොත්තු පොඳි බැඳන් චොකලාට් සඟරාව මව්-දියණිවරු විලාසිතා දැක්ම පැවැත්වීමට නියමිත අතර අපි පුල පුලා බල සිටි එම විලාසිතා දැක්ම 2019 ජුනි 21 දින කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැත්වේ.

 

 

දශකයක් පුරාවට ආ පිය සටහන් සම්බන්ධයෙන් අප වෙත අදහස් සනිටුහන් කල එහි කතෘ තුමිය වන මිෂෙල් ගුණසේකර කියා සිටිනුයේ “MDFD” හි අදහස මීට වසර කිහිපයකට ප්‍රථම මාගේ හදවතට දැනුනු අතර මේ වන විට බොහෝ යටාහත්ව අපි දුර ගමනක් පැමිණ තිබෙනවා. 2010 වසරේදී පැවැත්වූ ප්‍රථම දැක්ම පටන් විලාසිතා දැක්මයන්ගේ මෙන්ම නිර්මාණකරුවන්ගේ ද වර්ධනය බොහෝ හැල හැප්පීම් මාධ්‍යයේ වුවද සතුටුදායක ලෙසින් සිදු වී ඇත. විලාසිතා සම්බන්ධ බොහෝ විද්වතුන්ගේ, නිර්මාණකරුවන්ගේ ඇතැම් වෙළෙඳ නාමයන් සහ අනුග්‍රාහක බවතුන්ගේ අනගි සහයක් මේ කාලය පුරාවට අපට නොමඳව ලැබුණා. ඔවුන් දක්වන පක්ෂපාතිත්වය සාක්‍ෂි දරමින් කියා පාන්නේ ඔවුන් අප කෙරෙහි තබා ඇති දැඩි විශ්වාසයයි” යනුවෙනි.

 

 

මෙම වසරේදීත් පසුගිය වසරවලදී නිර්මාණකරුවන් නිර්මාණය කළ සාමාන්‍ය ගමනට සුදුසු විලාසිතා,ක්‍රීඩා ඇඳුම්, සන්ධ්‍යා කාලයට සුදුසු ඇඳුම් විලාසිතාවන් මව්-දියණියන්ට ඔබින අයුරින් ඉදිරිපත් කරනු ලැබේ. ඒ කෙසේවෙතත් විලාසිතා දැක්ම පවත්වන ස්ථානය වෙනස් වන අතර වේදිකා සැරසිලිද වෙනස්ම අයුරකින් සිදු කිරීමට සංවිධානය කර ඇත.

 

 

 නැවතත් අදහස් ප්‍රකාශ කල මිෂෙල් මහත්මිය චොකලාට් කණ්ඩායමට ස්තුති කිරීමට මෙය අවස්ථාවක් බවට පත් කර ගත් අතර වසර 9ක් පුරාවට මෙම දැක්ම සාර්ථක කර ගැනීමට සහය දුන් සහභාගී වූ සැමටත් ජයග්‍රහණය ලැබූ යටත් සහ අනුග්‍රාහක බවතුන්ටත් සිය හද පිරි ස්තුතිය ප්‍රකාශ කර සිටියාය.

 

 

2010 වසරේදී ප්‍රථම වරට පැවැත්වූ දැක්මේ පළමු ස්ථානය ශෙරුක මහකුමාරගේ දිනාගත් අතර 2011 වසරේ ෂේන් පෙරේරා විසින් අනර්ඝ ගරු නාමයක් ලබා ගත්තේය. අහඹු ලෙසින් ෂේන් ප්‍රකට වී තිබෙන්නේ වසර 9 පුරාවටම ගරු නම ලබා ගත් එකම පිරිමි තරගකරු ලෙසින්ය. අනු පිලිවෙලින් 2012,2013 සහ 2014 යන වසරවල ගෞරව නාමයන් තරගකරුවන් වන්නේ වින්ද්‍යා කීර්තිරත්න, මරියම් මරික්කාර්, රනිලු සින්ගප්පුලිගේ යන අයයි. 2015 වසරේ නටාලි යහම්පත් ජයග්‍රහණය කල අතර වයස අවුරුදු 16 දීම විනිසුරු මඩුල්ලේ සිත් සතන් සොරාගත් 2016 වසරේ ජයග්‍රාහකයා වූ විරන්ද බණ්ඩාර මෙතෙක් ජයග්‍රහණය කළ ලාබාලතම තරගකරුවාය. 2017 වසරේ හොඳම නිර්මාණකරු ලෙස තේරීපත් වුයේ නිසංසලා දීගල වන අතර අවසාන වශයෙන් MDFD ශූරතාවය දිනා ගත්තේ ප්‍රමෝදී ජයවර්ධනයි. මේ සියලුම ජයග්‍රාහකයින් මෙම වෙළඳ නාමයන් හි හිමිකරුවන් වන අතර බොහෝ පිරිස් මෝස්‌තර සහ නිරුපණ ශිල්පය පිලිබඳව තව දුරටත් අධ්‍යනය කරමින් සිටිති.

 




>අවසාන වටය සඳහා තරගකරුවන් 12 දෙනෙකු තෝරාගනු ලබන්නේ විලාසිතා සහ ඇගලුම් ක්‍ෂේත්‍රයේ අත්දැකීම් ඇති විනිසුරු මඩුල්ලක් විසිනි. ඉන්පසු ජයග්‍රාහකයින් තෝරා ගැනීම උසස් විනිසුරු මඩුල්ලක් විසින් සිදු කරනු ලැබේ. මව්වරු සහ දියණිවරු රෑම්පය ඇවිදීම් රටාව සහ නර්තනාංග රචනා කරනු ලබන්නේ ප්‍රවීන නිරුපනවේදී රොසෑන ඩයස් විසිනි. කොණ්ඩා සැකසුම් හා වේෂ නිරූපණ කටයුතු මෙහෙයවීම වුසී රොසැයිරෝ රුපලවන්‍යගාරයෙන් සිදු කරනු ලබයි. මෙම ප්‍රසංගය නිල වශයෙන් කැමරාකරණයෙන් ආවරණය කරනු ලබන්නේ වෘත්තිමය චායරූප ශිල්පී ප්‍රවීන් මිරැන්ඩෝ විසිනි. වීඩියෝ කිරීමෙන් සහය වන්නේ රැඩිකල්ස් රෙව්පොට් සහ ගයනි බැට්ස් සහ මාධ්‍ය කණ්ඩායමයි. ඔන්ලයින් මාධ්‍ය සහකරු ලෙස කටයුතු කරන අතර නිල වශයෙන් මහජන සම්බන්ධතා කළමනාකරණ සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ නෙහෙමායා උපදේශන ආයතනයයි. කූල් ටෙම්පෝ විසින් ශබ්ධ පරිපාලන හා ආලෝකකරණය සම්බන්ධ කටයුතු භාරව කටයුතු කරන අතර මල් සැරසිලි සම්බන්ධව කටයුතු කරනුයේ සෙකන්ඩ් චාන්ස් ආයතනයයි. නිල ගුවන් විදුලි සහකරුවන් ලෙසින් කිස් සහ රියල් රේඩියෝ නාලිකා නම් කළ හැකි අතර ආර්ට් ටීවී නිල රුපවාහිනී මාධ්‍ය සහකරු වේ, පල්ස් ද දෛනික මාධ්‍ය සහකරු ලෙස කටයුතු කරනු ලැබේ. මෙම විශේෂාංගය උත්කර්ෂවත් කර ගැනීමට ඉහත ප්‍රකාශ කල සියලු දෙනාගෙම සහය සැබවින්ම ආශීර්වාදයකි.

 

 
2019 වසර සඳහා අයදුම්පත් කැඳවීම දැන් ආරම්භ කර ඇති අතර ඒ සඳහා chokolate.net යන චොකලාට් වෙබ් අඩවිය භාවිතා කළ හැකිය.ඔවුන්ගේ ෆේස්බුක් පිටුවෙන් අයදුම්පත බා ගත කර ගැනීමද සිදු කර ගත හැකිය. වැඩි විස්තර සඳහා 0777 224645 යන අංකයෙන් මිෂෙල් සහ 0775 021166 යන අංකයෙන් ශමින්ද්‍රි අමතන්න.
Share