ikman.lk රැකියා ද්වාරයන් සියල්ල නවතම රැකියා පොළකට ගෙන එයි



ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල වෙළඳ පොළ වන ikman.lk රැකියා අපේක්ෂකයින් සහ සේවායෝජකයින් එකට එක් තැන කරමින් වැඩි අවදානයක් සහිත නව වෙබ් අඩවියක් නිර්මාණය කර තිබේ.

ප‍්‍රථම වතාවට ikman.lk  සමාගම විසින් නිර්මාණය කර හඳුන්වා දුන් වෙනමම අනන්‍යතාවයක් සහිත ikmanJobs වෙබ් පිටුව මගින් ශ්‍රම බලකාය සඳහා එක්වන සියලුදෙනාටම නව රැකියා සියල්ලම පාහේ පරික්ෂා කිරීමට අවස්ථාව සැලසේ.

අවශ්‍යතාවයට සරිලන නිවැරදිම රැකියා අපේක්ෂකයා සොයමින් සිටින සේවායෝජකයන්හට හොඳම මිනිස් බලය සම්බන්ධ කිරීමට නවතම ikmanJobs පිටුව හරහා අවස්ථාව උදාවන අතර එහි වර්ණ සංයුතිය පවා සිත්ගන්නා සුළු නිල් පැහැති පසුබිමකින් සහ තැඹිලි පැහැති විශේෂ පෙන්නුම් කිරීම් සහිතව නිමවා ඇත.

නව වෙබ් අඩවියෙහි සුවිශේෂී අංගයක් වන්නේ රැකියා අවස්ථාවන් සහිත සමාගම් වල සන්නාම එක පෙලට පෙන්නුම් කරන ඉහළ වෙබ් බැනරයයිි. එමගින් රැකියා අයඳුම්කරුවන්ට තමන් උනන්දුවක් දක්වන සමාගම්වල සන්නාම මත ක්ලික් කිරීමෙන් එම ආයතනවල රැකියා අවස්ථා පිළිබඳව තොරතුරු විවෘත වේ.

මෙම රැකියා වේදිකාව සමාජ මාධ්‍ය සමගද ඒකාබද්ධ කරමින් රැකියා අපේක්ෂකයන් සහ රැකියා සපයන්නන් වෙනුවෙන් සහය වන මෙවලමක් ලෙසද ක්‍රියාත්මක අතර විශේෂයෙන්  LinkedIn  සහ  Facebook මගින් ප්‍රධාන වෙබ් අඩවියේ ඇති තොරතුරු පෙන්නම් කරනු ලබයි. එමගින් රැකියා සම්බන්ධයෙන් සිත් ඇදගන්නා සුළු ආකල්පමය විස්තර නිරන්තරයෙන් බෙදා හරිනු ලබයි.

වෙබ් අඩවියෙහි නව විශේෂාංගයක් වන පහසු ෆිල්ටර් කිරීමේ (තෝරාගැනීමේ) ක්‍රමවේදය සහ රැකියා පරික්ෂා කිරීමේ පහසුකම් මීට පෙර නොතිබුණි. බොහෝ සෙවුම් සහ ෆිල්ටර් කිරීම් (බෙදා වෙන්කිරීම්) මගින් පෙන්නුම් කරනු ලැබුවේ අදාළ දැන්වීමම පමණි. අනෙක් කාණ්ඩවල දැන්වීම් පෙන්නුම් කිරීම සිමා සහිත වූ බැවින් පරිශීලකයා සොයන ලද දැන්වීමම පමණක් පෙන්නුම් කරන ලදී.

ඩයලොග්, NTB, ඔඩෙල්, සොෆ්ට්ලොජික්, කාගිල්ස්, එල් බී ෆිනෑන්ස්, ජනශක්ති, පීසා හට් ආදී විශේෂිත සේවායෝජකයන් අතරට තවත් කීර්තිමත් වෙළඳ නාමයන් ඇතුලත් වෙමින් මෙම ලැයිස්තුව දිගින් දිගටම වර්ධනය වේ. එසේම ඉල්ලීම් පරිදි දේශීය සහ අන්තර්ජාතික ආයතනද අතුළත් කරනු ලැබේ.

මිට අමතරව,  ikmanJobs වෙබ් අඩවිය මසකට 233,000ට අධික ප්‍රවෙශවන්නන් ප්‍රමාණයක් සනිටුහන් කරන අතර තනි පුද්ගල රැකියා අපේක්ෂක අයදුම්පත්‍ර 220.000 දත්ත සමුදායක් වෙබ් අඩවිය සතුය. එසේම සෑම මසකම නව අයදුම්කරුවන් 14000ක් එක් වන අතර සජීවී දැන්වීම් 4,100කුත් රැකියා දැන්වීම් 3,200කුත් මසකට ක්‍රියාත්මක වේ.

ikman.lk  ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී මෙත්සලා අත්තනායක මෙසේ අදහස් දැක්විය‘‘ අපගේ නව රැකියා ද්වාරය හඳුන්වාදීමත් සමග අන්තර්ජාලය මගින්  රැකියා සෙවීමේ අත්දැකීම නව මානයකට යොමු කර තිබෙනවා. මෙමගින් කුඩා හා මධ්‍යපරිමාන ව්‍යවසායකයින්ට උපකාරයක් වෙමින් ඔවුන්ට දියුණු වීමට අවශ්‍ය හැකියාවන් පහසු කුලියට ලබා ගත හැකියි. එලෙසම රැකියා අපේක්ෂකයන් ඉලක්ක කර ගෙන ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට සරිලන අද්විතීය විසඳුම් මේ හරහා ඉදිරිපත් කර තිබෙනවා” යැයි පැවසීය.

අනෙකුත් රැකියා සම්බන්ධ වෙබ් අඩවි මෙන් නොව  ikmanJobs අඩවිය ඩෑෂ් බෝඞ් හි සහ සෙවීමේ කුසලතාවය සඳහා වැඩි දියුණු කල මෙවලම් සහිතය. එහිදී  සේවායෝජකයන්ට තනි අයදුම් කරුවන් පිලිබඳ දත්ත පෙන්නුම් කිරීමක් අවශ්‍ය නොවේ නම් ක්ලික් කිරීමක් මගින් ඩෑෂ් බෝඞ් විශේෂාංගයක් ලෙස හොඳම අපේක්ෂකයින් ගේ කෙටි ලැයිස්තුවක් ලබා ගැනීමේ හැකියාව ඇත. එසේම අපේක්ෂකයන්ගේ කුසලතා සෙවීමේ අවස්ථාව භාවිත කිරීමෙන් ඉහළ කුසලතාවයෙන් යුත් අපේක්ෂකයින් පහසුවෙන් හඳුනා ගත හැකිය.

මීට අමතරව සංවිධාන, කුඩා හා මධ්‍යපරිමාණ සමාගම් සඳහා අවශ්‍ය අවස්තාවන්වලදී සම්බන්ධතාවයන් ගොඩ නැගීමට  ikmanJobs නියෝජිතයින්ගේ සහාය ලබා දෙයි. එසේම සිංහල, දමිල, ඉංග්‍රීසි භාෂා තුනෙන්ම වෙබ් අඩවිය හැසිර විය හැකි වීම තවත් පහසුවකි. පහසු ලැයිස්තු ගත කිරීම්, විවිධ අපේක්ෂක දත්ත පිළිගැනීමේ සහ ප‍්‍රතික්ෂේප කිරීමේ පහසුකම, ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් වෙළඳ දැන්වීම්,  දත්ත සංස්කරණය කිරීමේ හැකියාව සහ පහසු ගෙවීම් ක්‍රම මගින් රැකියා අපේක්ෂකයින්ට සහ සේවායෝජකයන්ට තම අවශ්‍යතාවයන් සපුරා ගැනීමට අවශ්‍ය වපසරිය නිර්මාණය කර දෙයි.

නව  ikmanJobs වෙබ් අඩවිය මගින් ලබා ගත හැකි තවත් විශේෂාංගයක් වන්නේ විශ්ලේෂණ වාර්තා ලබා ගැනීමේ හැකියාවයි.  ikmanJobs සාමාජිකයන්ට මෙම වාර්තා ලබා ගැනීමට හැකි අතර එහිදී සමස්ථ දැන්වීම් පිලිබඳ තොරතුරු රාශියක් සපයනු ලබයි. ව්‍යාපාර පිටුවට ප්‍රවිෂ්‍ට වූ පිරිස, සම්පුර්ණ දැන්වීම් බැලූ ප‍්‍රමාණය ආදි දත්ත, සපයන අතර ගනුදෙනුකරුවන්ගේ සියලූම දැන්වීම් සඳහා සංඛ්‍යාලේඛන තොරතුරු ලබාදෙයි. මෙි තුළින් ඔවුන්ට වැදගත් තොරතුරු පිළිබඳව දැනුවත්ව සෑම දැන්වීමක්ම සාර්ථක කර ගැනීමේ අවස්ථාවද හිමි වෙයි.

Share