Google සමඟ ‘ඩිජිටල්කරණයේ අනාගතය’ උදෙසා Fine Tech වෙතින් සත්කාරකත්වය



2019 ක් වූ මාර්තු මස 06 වන බදාදා දින, කොළඹදී : ගූගල් හී ප්‍රමුඛතම සහතිකලත් ශ්‍රී ලාංකීය හවුල්කරු ෆයින් ටෙක් උපදේශකයෝ ‘ඩිජිටල්කරණයේ අනාගතය ‘ මැයෙන් සමුළුවක් ප්‍රධාන පෙලේ සමාගම් සහ පෞද්ගලික ආයතනයන් හී ප්‍රධාන දත්ත භාර නිලධාරීන් හා එක්ව මරීනෝ බීච් හෝටලයේ දී  පැවැත්විය. Cloud Partners & Alliance, Asia Pacific & Japan for Google හී ප්‍රධානි ඈෂ් විල්ස් මහත්මාගෙ පැමිණිමෙන් මෙම සමුළුව තවත් අර්ථවත් විය.
පිළිගැනීමේ කථාව ඉදිරිපත් කල ෆයින් ටෙක් හී සම – නිර්මාතෘ සහ අධ්‍යක්ෂක ධූරය දරන ක්ලේෂන් පුල්ලේ මහතා ප්‍රාකාශ කර සිටියේ ‘ගූගල් සමගින් ඉහලින් වැජඹෙන  ඩිජිටල්කරණය සම්බන්දයෙන් ප්‍රමුඛ සමාගම් වල ඉහලින් සිටින කලමණාකාරීත්වයට අයත් පුද්ගලයින් මේ සම්බන්දව දැනුවත් කිරීම ආදහස් කරයි . මෙම ඩිජිටල් පරිවර්ථනය ලංකාව පුරා පතල කිරීමට මෙවන් සමුළු කිහිපයකම අවශ්‍යතාවය ඇති අතර ඉදිරියේදී ඒ පිළිබඳව කටයුතු සම්පාදනය කෙරෙනු ඇත’ ලෙස යි.
මාතෘකාව වශයෙන් යෙදුනු ‘Cloud යුගයක ඩිජිටල් පරිවර්ථනය සහ Google හී නවෝත්පාදනය’ සම්බන්දයෙන් කරුණු දැක්වීමේදී විල්ස් මහතා ප්‍රයෝගික  උදාහරණ දක්වමින් පෙන්වා සිටියේ  බහු විධ සමාගමක් සිට සුළු ව්‍යාපාරයක් දක්වා Google හරහා ප්‍රතිලාබ ලබාගන්න අයුරු ය. එමෙන්ම ඔහු විසින් නැවතත් අවධාරණය කර සිටියේ Google විසින් වෙනස් වීමට භාජනය වනුයේ ව්‍යාපාර පමණක්ම නොව මිනිස් ජීවිත ද එයට අයත් බව යි . තවදුරටත් කරුණු දැක්වූ ඔහු පැවසුවේ ඩිජිටල්කරණය තුලින් මානසික තත්වය වෙනස්වීම , එලෙස වෙනස් වීම තුලින් ව්‍යාපාරයේ වෙනස් කම් සහ ඩිජිටල්කරණය තුලින් එලෙස පරිවර්ථනයකට ඇති පහසුව පැහැදිලි කර සිටියේය. Google හී එකායන අරමුණ දත්ත මිනිසුන් වෙත සම්ප්‍රේෂණය කිරීමත් ඉන් ඔවුන්ගේ ජීවිත සුවදායී කිරීමත් බව පවසමින් ඔහු කතාව අවසන් කළේය.
න්‍යායපත්‍රානුකූලව ඊලගට යෙදී තිබුනේ ඉන්දියානු අර්ධද්වීපයේ Google Cloud Partnership & Alliances හී ප්‍රධානි හර්ෂාල් පෙන්ද්සෙ සිය වචන ඉදිරිපත්කරමින් ‘ගූගල් ක්ලවුඩ් සමග මීලගට’ යන්න කථනයට නැගීමයි . Server සහ Fiber – Optic ජාලයේ විශාල ජාලයක් ගොඩනැගීමට , සංවිධානය කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට Google හී හැකියාව ඔහු දිගහැර පෑවේය. තවද ලොව පුරා ඇති සුරක්ෂිතම සහ කාර්යක්ෂමතාවය වැඩි ෆයිබර් ඔප්ටික් කේබල් වල බව ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේය. ආරක්ෂක හේතූන් මත Cloud හී දත්ත ගබඩා කිරීමේ සැකයක් මිනිසුන් තුල තිබූ අතර  අද වන විට එම මතයෙන් මිදීමට මිනිසුන් පෙලඹවී ඇත.
මෙහිදී ක්ලේෂාන් මහතා විසින් Google Meeting , Spreadsheets, and Voice-to-text  යන දෑ ක්‍රියාකරවන ආකාරය විදහා දැක්වීය.මෙය දැනට ගූගල් Cloud භාවිත කරන්නන් වෙනුවෙන් සිදු කල සාකච්ඡාවකි . එහිදී මණ්ඩලය විසින්  පැහැදිලි කරනු ලැබුවේ සිය ව්‍යාපාර සම්බන්දයෙන් ගූගල් Cloud සහය වූ අයුරුයි .
මෙවැනිම තවත් සැසිවාරයන්  පවත්වමින් ඉදිරි මාස වලදී ආයතන වල තීරණ ගැනීමේ ප්‍රධානීන්  දැනුවත් කිරීමේ අරමුණින් සිටින අතර ඒ සදහා අවශ්‍ය සහය ලබා ගැනීමට සහ ෆයින් ටෙක් වෙතින් සේවය ලබා ගැනීමට අමතන්න 0710326326 යන අංකයට.
Share