“gift එක open කළාම “ෂා..වාව් ” කියන එක තමයි මගේ motivation එක”



අලුතෙන් බිස්නස් පටන් ගන්න අයට පොඩි හරි Support එකක් දෙන්න තමයි lunu.lk අපේ team එක හැමදාම try කරන්නේ. ඉතින් අදත් අපි කියන්න යන්නේ ඒ වගේ අලුතෙන් පටන් ගත්ත බිස්නස් එකක් ගැන. මේ තැන තමයි ලස්සන ලස්සන gift boxes හදලා දෙන “the_giftorylk”. ඉතින් අපි ඒ ගැන කථා කරමු.

01) “the_giftorylk” පටන් ගත්ත විදිහ ගැන මුලින්ම කියමු.

2019 අවුරුද්දේ අන්තිම කාලේ තමයි මම “the Giftorylk” page එක පටන් ගත්තේ. ඇත්තටම ලොකු ආසාවක් තිබ්බ online business එකක් පටන් ගන්න. මම ගොඩක් තෑගිවලට කැමති කෙනෙක්. තමන් කැමති දේවල් ලස්සන box එකක ribbon එකකින් wrap කරලා හම්බ වෙනවට ඕනම කෙනෙක් කැමතියි. ඉතින් මන් හිතුවා තමන් ආදරේ කරන, තමන්ට හිතවත් කෙනෙක් පුදුම කරන්න පුළුවන් විදියේ දෙයක් කලොත් හොදයි කියල.

02) තෑග්ගක් දෙනකොට මතක හිටින තෑග්ගක් දෙන එක ටිකක් අමාරු දෙයක්. ගිම්හානි ඒ අභියෝගය බාර ගත්තේ කොහොමද?

ඔව් , ඒක ඇත්ත. ඒ හේතුව නිසා මන් ගොඩක් වෙලාවට තෑග්ගක් නිර්මාණය කරද්දී customer තෑග්ග දෙන්න බලාපොරොත්තු වෙන කෙනාගේ කැමතිම දේවල් අලුත් විදියට නිර්මාණය කරන්න උත්සහ කරනවා. ඒ දේ customer එක්ක හොද සම්බන්ධතාවක් පවත්වා ගනිමින් කරන්න ඕනි දෙයක්. මන් හිතනවා මන් සාර්ථකයි කියල.

03) Gift Box එකක් Order කරන කෙනෙක්ට ලැබෙන වාසි තියෙනවද?

අනිවාර්යෙන්ම. ” The Giftorylk” හරහා Gift order කරන කෙනෙක්ට තියන පලවෙනි ප්‍රධානම වාසිය තමයි තමන් කැමති විධියට Gift Box එක නිර්මාණය කරගන්න ලැබෙන එක. කෙනෙක්ට ඉතාමත් ලේසියෙන් තමන් කැමති හැමදේම එකම තැනකින් order කරන්න පුළුවන් වගේම තමයි කෙනෙක්ගේ අතේ තියන මුදලට ගැලපෙන්න අපි gift box නිර්මාණය කරනවා. ලොකු මුදලක් වියදම් කරන්න අපහසුතාවයක් තියන කෙනෙකුට වුනත් වටිනාකමකින් යුක්ත ලස්සන තෑග්ගක් තමන් කැමතිම අයට ලබා දෙන්න අවස්ථාව තියනවා.

04) Customer ට අවශ්‍ය දේවල් Gift Box එකට එකතු කරනකොට ඒ දේවල් හොයාගන්නත් වෙලාවක් යනවා නේද?

අපි Online business කරන ගොඩක් අය එක්ක පෞද්ගලිකව සම්බන්ධ වෙමින් තමයි තෑගි නිර්මාණය කරන්නෙ. ඒ නිසා customer ට ඕනි දවසට තෑග්ග deliver කරන්න අපිට පුළුවන් වෙලා තියනවා

05) cactus සහ indoor ප්ලන්ට්ස්වලට තියෙන ඉල්ලුම කොහොමද?

හොද ඉල්ලුමක් තියනවා. pot එක පවා අපි customer ගේ කැමැත්තට අනුව තමයි නිර්මාණය කරන්නේ. corporate events , weddings වගේම birthday gifts විදියට දෙන්නත් අපෙන් plants මිලදී ගන්න අය ඉන්නවා. ඉතා විශාල එකතුවක් තියන නිසා ඒ අයගේ අතේ තියන මුදලට ගැලපෙන්න Gift plant ලබා දෙන්න අපිට පුළුවන්.

06) කාර්යබහුලත්වයත් එක්ක මේ දේවල් manage කරන්නේ කොහොමද ?

මම දැනට පෞද්ගලික අංශයේ රැකියාවක් කරනවා , අධ්‍යාපන කටයුතු පැත්තෙන් ගත්තොත් MBA එකක් හදාරමින් ඉන්නේ. ඉතින් මේ දේවල් එක්ක මට උදව් කරන ගොඩක් අය ඉන්නවා. අම්මා , තාත්තා , නංගී ගොඩක් උදව් කරනවා. ඒ වගේම මන් ආදරය කරන කෙනාගෙන් මට ලැබෙන සහයෝගය. එයත් මේ දේවල් වලට ගොඩක් කැමති කෙනෙක්. හැමෝගෙන්ම ලැබෙන උදව් එක්ක manage කරගෙන යනවා.

07) ගිම්හානිට වුන අමතක නොවන සිදුවීමක් තියෙනවද?

“The Giftory ” සම්බන්ධ හැම සිදුවීමක්ම අමතක නොවන සිදුවීම්. කෙනෙක්ට තෑග්ගක් දුන්නම ඒ කෙනා surprise වෙන විදිය බලන්න තමයි මන් මේ Business එකේ කැමතිම දේ. gift එක open කරන කෙනා “ෂා..වාව් ” කියන එකම තමයි මගේ motivation එක.

08) “The Giftory ” එකේ වැඩි ඉල්ලුමක් තියෙන දේවල් ගැනත් කියමු.

ගොඩක් අය කැමතියි select කරන අනිත් gift items වලට අමතරව cactus plant එකක් හෝ indoor plant එකක් එකතු කරගන්න.

09) බිස්නස් එකට නම ලැබුන විදිහ ගැනත් කියමු.

“The Giftory ” කියන නම Gift + Story කියන වචන දෙක එකතු කරලා හදපු නමක්. කෙනෙක්ට දෙන තෑග්ගක් දවසක එයට ලොකු කතාවක් වේවි .

10) ගිම්හානිගේ බිස්නස් එකට ලැබුනු හොදම Comment එක ගැනත් කියමු

හැම comment එකක්ම මට ගොඩක් වටිනවා. කලින් කිව්වා වගේම කෙනෙක් gift එක ඔපෙන් කරද්දී එයාගේ facial expression එකෙන්ම එයාගේ හොදම comment එක මට හම්බෙලා ඉවරයි.

11) “The Giftory ” එකෙන් තෑග්ගක් ගන්න කෙනෙක්ට සම්බන්ධ වෙන විදිහත් කියමුද?

Instagram, Facebook හෝ WhatsApp (076-5770783) හරහා අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. කැමතිම කෙනාට කැමතිම විදියේ තෑග්ගක් නිර්මාණය කරලා දෙන්න අපි ගොඩක් අසාවෙන් බලාගෙන ඉන්නවා.

Facebook – Click Here

Instagram – Click Here

Share