“Festival for Our Planet” සමඟින් “NGage” වෙළඳ ප්‍රචාරණ සමාගම එළි දකී



මෙරට වෙළඳ ප්‍රචාරණයේ  පුරෝගාමී සමාගම වන  “Bates Strategic Alliance”  වත්මනෙහි  “NGage Strategic Alliance”ලෙස සමාජ සංහිඳියාව සහ පාරිසරික උපදේශනය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් ක්‍රියාත්මක වේ. ‘Festival for Our Planet’ පාරිසරික අවබෝධය සහ දැනුම බෙදා හදා දීමේ අධ්‍යාපනික වැඩසටහන කොළඹ තුරඟ තරඟ පිටියේ  “Good Market”  හිදී දියත් කරමින් පරිසර හිතකාමී සමාගමක් ලෙස  “NGage Goodvocacy”  අංශය ආරම්භ කෙරිණි.

“Climate Strike” තේමාව කොට ගනිමින් මාර්තු 15 වනදා ලොව පුරා  සිදු කල දේශගුණික විපර්යාස සහ බලපෑම් පිළිබඳ ව්‍යාපෘතීන්ට සමගාමිව ශ්‍රී  ලංකාවේ පරිසරය පිළිබඳව උද්යෝගයක් ආදරයක් ඇල්මක් ඇති සියල්ලන් වෙනුවෙන් පරිසරය සමඟ සමීපව කටයුතු කරමින් මිහිමව සුරැකීම පිළිබඳව අධ්‍යාපනික තොරතුරු සහ දැනුම බෙදා හදා ගනිමින් ඔවුන් බලමුළු ගැන්වීම මෙම උත්සවයේ අරමුණ විය.

සම්ප්‍රදායික පොල් තෙල් පහන වෙනුවට පරිසර හිතකාමී හරිත ගිනි ආලෝකය දල්වමින්  “NGage” නිර්මාතෘ නිමල් ගුණවර්ධන මහතා සමඟින් පරිසර ක්‍රියාකාරින්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසාර සංවර්ධනය පිලිබඳ විද්වත් උපදේශකවරුන් ඇතුළු කථිකයින් 12 දෙනෙකු මෙම අවස්ථාවට  “NGage” සමග අත්වැල් බැඳ ගත්තේය. ගෝලීය උෂ්ණත්වය සහ දේශගුණික විපර්යාස, පාරිසරික පරිහානිය නතර කිරීම, සාගර දුෂණය, ජලය සහ වාතය, වනාන්තර ආරක්ෂා කර ගැනීම, පොසිල ඉන්ධන පරිභෝජනයෙන් පුනර්ජනනීය බලශක්තියට මාරුවීම සහ නව දේශගුණික විපත් පිළිබඳව ශ්‍රව්‍ය, දෘශ්‍ය ඉදිරිපත් කිරීම් ඇතුළුව දේශකයන් කරුණු පැහැදිලි කළේය.

පරිසර හිතකාමී ගෘහ නිර්මාණ ශිල්පිනියක් වන සුනේලා ජයවර්ධන මහත්මිය මෙහිදී නාගරික ජීවිතවල ගුණාත්මක තිරසාර භාවය වර්ධනය කිරීම පිළිබඳව අදහස් දක්වමින් ‘‘පරිසරය ආරක්ෂා කිරීම සඳහා වන හරිත නීති පැනවීම අපට අවශ්‍ය තරම් ඉක්මනින් සිදු නොවුනත් අපගේ එදිනෙදා කටයුතු ක්‍රියාත්මක කිරීමේදී අප ලබා තිබෙන පාරිසරික දැනුම පරිචය භාවිත කර තීන්දු තීරණ ගත ගත හැකියි.‘‘ යැයි සඳහන් කළාය.

මෙම පාරිසරික ගැටළු සම්බන්ධයෙන් තරුණයන් බල ගැන්වීම සහ බලමුළු ගැන්වීම පිළිබඳව සිය ස්ථාවරය පැහැදිලි කළ පරිසරවේදී ප්‍රශාන් ද විසර් ප‍්‍රකාශ කළේ ‘‘අපගේ දරුවන්ට වඩාත් හොඳ දේ උරුම කර දිය යුතු බවයි. ඒ අනුව ඔවුන්ට පාරිසරික සෞභාග්‍ය උදාකර දීම ඉතා වටිනා බව ඔහු පැහැදිලි කළේය.’’

දේශගුණ විපර්යාස සහ පරිසරය පිළිබඳව කෙටි චිත්‍රපට  සහ කලා අංග රාශියකින්ද මෙම අවස්ථාව හැඩ ගන්වා තිබුණි. එහිදී ඩිලායි ජෝශප් සහ චරිත් ද සිල්වා විසින් පරිසර විනාශය, අපරික්ෂාකාරී වනාන්තර විනාශය, නගරවල නිමක් නැති ඉදි කිරීම්, අධික ලෙස පලිබෝධනාශක භාවිතය පෙන්නුම් කරෙන පොලිතින් සන්නිය, ගස් කපන සන්නිය, කාබන් සන්නිය ආදී නව නිර්මාණාත්මක ‘‘සන්නි‘‘ කිහිපයක් එළි දක්වා තිබුණි.

කුඩා දරුවන් වෙනුවෙන් වෙන්වූ වෙනමම කුටියක පරිසරය සම්බන්ධයෙන් දරුවන්ගේ අදහස් හා නිර්මාණ ප්‍රකාශයට පත් කිරීමට අවස්ථාව සලසා තිබුණි.  “NGage”  නිර්මාණ කණ්ඩායම විසින් නිර්මාණය කරන ලද පරිසර විනාශය සහ කාලගුණ විපර්යාස පිලිබඳ ඉංග්‍රීසි, සිංහල, දෙමළ භාෂා තුනෙන්ම තොරතුරු දැක්වෙන විස්සකට අධික නිර්මාණාත්මක පෝස්ටර් ප්‍රදර්ශනයක්ද පැවැත්වුණු අතර එම නිර්මාණ පාසල් සහ අනෙකුත් ආයතන වල ප්‍රදර්ශනය කිරීම සඳහා දැන්  “NGage”  වෙතින් ලබා ගැනීමේ හැකියාවද ඇත.
“NGage”  නිර්මාණ  අධ්‍යක්ෂක චින්තන ධර්මදාස පද රචනා කල ‘‘විල්පත්තුවේ‘‘ ගීතය ගයනා කරනු ලබන ජනප්‍රිය ගායක චිත්‍රාල් සෝමපාලගේ ප්‍රමුකත්වයෙන් සංගීත සන්ධ්‍යාවක් පැවතී අතර ඒ සඳහා නිර්මලී සහ හර්ෂ මාකලදන් සහ තිලාන් විජේසිංහ ද සහභාගී විය.

මෙහිදී අදහස් දැක්වූ  “NGage”  නිර්මතෘ සහ සභාපති නිමල් ගුණවර්ධන මහතා ‘‘වෙළඳ නාම බොහෝ විට දැන්වීම් ප්‍රචාරණය මගින් සහ විකාශනය කිරීම මගින් තමන්ගේ ජනතාව සමග සම්බන්තාධතා ගොඩ නගා ගැනීමට උත්සහ කළත් වර්තමානය වන විට එම තත්වය වෙනස් මානයකට ගෙන එමින් ජනතාව සමග අධ්‍යාපනික විනෝදය සහිත මහජන සම්බන්ධතා ගොඩනගා ගැනීමේ ක්‍රියාකාරකම් සහ Digital මාධ්‍ය ප්‍රයත්නයන් භාවිතයට නැඹුරු වෙමින් සිටිනවා. වර්තමානයේ නව නිෂ්පාදන ඉදිරිපත් කිරීමේදී පෙර පරිදි  දුෂ්කර ව්‍යාපාරික අවස්ථාවක් නිර්මාණය කර නොගෙන,සැබෑ උසස් අරමුණක් නිෂ්පාදනයට එකතු කරමින් ඉදිරිපත් කරනු ලබනවා. පරිසරය රැක ගැනීම, පුනර්ජනනීය බලශක්තිය තුලින් තිරසාර සංවර්ධනයක් උදාකර ගැනීම යන උසස් අරමුණ අප සතුයි. එය තමයි අපගේ  “NGage”  දර්ශනය” යැයි ඔහු සඳහන් කළේය.
Share