Father’s Day එකට හොඳම තෑග්ගක් දෙමු



ළඟදි  තවත් වැදගත් දවසක් එනවා කියලා කට්ටියට මතකයි නේද? වැඩත් එක්ක බිසී වෙලා අමතක වුණාවත්ද? හරි හරි ඔන්න අපි මේ කියපු වැදගත් දවස තමයි ජුනි 16 වෙනිදා තියෙන Father’s Day එක. දැන් ඉතින් තාත්තාට මොනවද ගන්නේ කොහෙන්ද ගන්නේ කියලා හිත චුට්ටක් විතර කලබල වුණා නේද? ඇයි ඉතින් කලබල වෙන්නේ අපි මේ කියන්න හදන්නේ හොඳ තෑග්ගක් ගන්න පුළුවන් තැන් ටිකක් ගැන . ඉතින් කියවලා බලන්නකෝ …

AMBERRY MEN’S ACCESSORIES

AMBERRY එකෙන් ඔයාට පුළුවන්  තාත්තාට හරි අපූරු තෑග්ගක් තෝරගන්න. AMBERRY එකේ Bow Tie, Tie  Pin වගේ ගොඩක් ප්‍රඩක්ට්ස් තියෙනවා. ඒ වගේම මේකේ තියෙන විශේෂත්වය තමයි මේ හැම දෙයක්ම හදන්නේ දැවවලින්. ඉතින් ඔයාටත් පුළුවන් ඔයාගේ තාත්තට මේ වගේ අලුත් විදියේ තෑග්ගක් දීලා එයාව පුදුම කරන්න.

මේ ගැන වැඩිපුර දැනගන්න මෙන්න ලින්ක් එක –  AMBERRY

SARALA BY NAMALI

“SARALA BY NAMALI” කියන්නේ ඕනම අවස්ථාවකට ගැළපෙන අලුත් අලුත් විදියේ  ග්‍රීටින් කාඩ්ස් නිර්මාණය කරන තැනක්. ඉතින්  ඔයාට පුළුවන්  ඔයාගේ තාත්තාගේ personality එකට ගැළපෙන විදියට ලස්සන කාඩ් එකක් customize කරලා මෙතනින් හදාගන්න. එහෙනම් ඔන්න ඔයාගේ අදහස් වගේම එයාලගේ අදහසුත් එකතු කරලා ලස්සන කාඩ් එකක් හදාගන්න ඔයාට පුළුවන්.



මේ ගැන වැඩිපුර දැනගන්න මෙන්න ලින්ක් එක –  SARALA BY NAMALI

BUD

මේ Father’s Day එකේදී පැළයක් දුන්නොත් තාත්තා ඒකටත් ගොඩක් කැමති වේවි. ඉතින් BUD කියන්නේ ඒ වගේ ඕනම තැනක තියාගන්න පුළුවන්  පුංචි පුංචි පැළ ගන්න පුළුවන් තැනක්. මෙතන තියෙන විශේෂත්වය තමයි ඔයාට ඕන  විදියට customize කරලා මේ පැළය හදාගන්න පුළුවන්. ඉතින් lunu.lk අපි මේ තැනත් ඔයාට recommend  කරනවා?

මේ ගැන වැඩිපුර දැනගන්න මෙන්න ලින්ක් එක –  BUD

PLUSH BOX

තාත්තා කැමති එක එක විදියේ gifts ගොඩක් එකතු කරලා අපූරු gift box එකක් හදා ගන්න ඕන නම් මෙන්න ඒකට හරියනම තැන. ඒ වගේම Father’s Day එකටම විශේෂයෙන් නිර්මාණය කරපු gift boxes තියෙනවා කියලත් අපිට ආරංචියක් ආවා. ඉතින් මේ Father’s Day එකට ගිෆ්ට් එකක් තෝරගන්න ඔයාට මේ තැනත් උදව් වේවි කියලා lunu.lk අපි හිතනවා.

මේ ගැන වැඩිපුර දැනගන්න මෙන්න ලින්ක් එක –  PLUSH BOX

HYVE DESSERT BAR

ඔයාට පුළුවන් තාත්තට treat එකක් දෙන්න. ඉතින්  HYVE DESSERT BAR කියන්නේ  dessert වලටම විශේෂ වුණු තැනක්. ඉතින් තාත්තගේ හිත ඇදිලා යන treat එකක් දෙන්න.මෙතනින් නම් ඔයාට බැරි වෙන්නේ නෑ. එහෙනම් මේ තැන ගැනත් ටිකක් හිතලා බලන්නකෝ.


මේ ගැන වැඩිපුර දැනගන්න මෙන්න ලින්ක් එක –  HYVE DESSERT BAR   

ඉතින් ඔන්න අපි ඔයාට උදව් කළා ඔයාගේ තාත්තට gift එකක්

තෝරගන්න. ඉතින් Father’s Day එකට ගත්ත gift එක මොකක්ද කියලා වගේම තාත්තා ඒ ගැන මොකද කිව්වේ කියලත් අපිට කියන්න අමතක කරන්න එපා.
Share