edotco පළමු බහු කාර්ය විදුලි ආලෝක පහන් කනුව යාපනයේ දී ස්ථාපිත කරයි.



Jaffna, Thursday 20th December 2018: විදුලි සංදේශ යටිතල සේවා පහසුකම් සේවා සමාගමක් වන edotco ශ්‍රී ලංකා, සිය ප්‍රථම බහු කාර්ය විදුලි ආලෝක පහන් කනුව යාපනයේ මහ නගර සභාවේ සථාපනය කරන ලද අතර එය ශ්‍රී ලංකාවේ උතුරු පළාත නව්‍යකරණය වීමක් ද වේ.

මෙම කාර්යක්ෂම බහු කාර්ය විදුලි ආලෝක පහන් කනුව ස්ථාපිත කිරීමේ උත්සවය සඳහා යාපනයේ නගරාධිපති එමානුවෙල් අර්නෝල්ඩ් සහ edotco ශ්‍රී ලංකා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහභාගී වූ අතර යාපනය මහා නගර සභාව, ලංකා විදුලි බල මණ්ඩලය සහ දේශීය ව්‍යාපාරික වෘත්තිකයින් මෙම උත්සවයට සහභාගී විය.

“දිවයින පුරා තවදුරටත් සම්බන්ධතා ඇති කිරීමේ අපගේ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා edotco ශ්‍රී ලංකා සමාගම විසින් විවිධාකාර සේවා සැපයීම, විවිධ ක්ෂේත්‍ර සඳහා නිවැරදි විදුලි විසඳුම් ලබා දීම මෙන්ම විවිධ ප්‍රදේශ සඳහා ද එම කාර්යයන් සැපයීම සඳහා කැප වී සිටී. මෙම පහන් කනු යෙදවීමෙන් බලපෑමක් ඇති කරන ප්‍රදේශ හඳුනාගෙන ඇති අතර ඉදිරි මාස කිහිපය තුල යාපනය අර්ධද්වීපයේ මෙම ලාම්පු 17ක් ස්ථාපිත කිරීම සඳහා සියලු කටයුතු සම්පාදනය කර ඇති බව edotco ශ්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්‍ෂ `මොහාන් විල්ලවරයන් විසින් උත්සවය අමතමින් කියා සිටියේය,

“පසුගිය වසරේදීද කොළඹ නගරය තුළ මෙවැනි නගර විසඳුම් හඳුන්වාදෙමින් මෙම ව්‍යාපෘතිය කර ඇති බවද, එය ඉතා සාර්ථක වූ අතර අප දිරිගන්වනු ලබන ප්‍රතිචාර ද ලැබුණි. උතුරු පළාත තුලද එවැනිම ධනාත්මක ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අප විශ්වාස කරමු. යනුවෙන් ඔහු තව දුරටත් අදහස් දැක්වීය.

විවෘත කිරීමේ උත්සවයේ දී Edotco හි නිලධාරීන් ශ්‍රී ලංකාවේ සහ අනෙකුත් ආසියාතික රටවල ඔවුන්ගේ ව්‍යාපෘති වලින් සාර්ථක ව්‍යාපෘති වාර්තා හුවමාරු කරගත් අතර සහභාගී වුවන් හා බහු කාර්ය විදුලි ආලෝක පහන් කනුවල ධනාත්මක බලපෑම පිලිබඳව සාකච්ඡා කෙරිණි. අවට නාගරික සෞන්දර්ය සමග බැඳී සිටිමින් නගර සලසුම්කරණයන්හි අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා නිර්මාණය කර ඇති මෙම ලාම්පු බලශක්ති කළමනාකරණය සහතික කිරීම සඳහා අවට මාර්ග තදබදය වැනි කාරණා සඳහා ආරක්‍ෂිත කැමරාද සවි කල හැකි අතර සුර්ය බල ශක්තියෙන් වීථි ආලෝකකරණය කෙරිය හැකි බව ද පෙන්වා දුනි.

edotco සමුහය පිළිබඳව

2012 වසරේ දී ස්ථාපනය කරන ලද edotco සමාගම යනු ආසියානු කලාපයේ ප්‍රථම හා ඒකාබද්ධ විදුලි සංදේශ යටිතල පහසුකම් සපයන සමාගමක් වන අතර, කුළුණු ලීසිං සේවා, සම්ප්‍රේෂණ මෙන්ම මෙහෙයුම් හා නඩත්තු කිරීම් කරනු ලබයි.

මැලේසියාව, මියන්මාරය, බංගලාදේශය, කාම්බෝජය, ශ්‍රී ලංකාව හා පකිස්ථානය යන ප්‍රධාන වෙලන්දපොලවල් හරහා පවත්වාගෙන යනු ලබන edotco මෙහෙයුම් මධ්‍යස්ථාන 28,000 කට අධික සංඛ්‍යාවක් පවත්වාගෙන යනු ලබයි. අති නවීන නිරීක්ෂණ සේවා, බලශක්ති සහ ඉන්ධන පරිභෝජනයෙන් මෙහෙයුම් කාර්යක්ෂමතාව උපරිම කර ඇත.

edotco සමුහ ව්‍යාපාරය පසුගියදා අග්නි දිග ආසියානු පැසිපික් ටෙලිකොම් ටවර් සමාගමට හිමි සම්මානයෙන් ද පිදුම් ලැබීය.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න  www.edotcogroup.com

Share