DFCC බැංකුවේ සභාපති ලක්ෂ්මන් සිල්වා මහතා ශ‍්‍රී ලංකා බැංකු සංගමයේ සභාපති ලෙස පත්වේ



DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා ශ‍්‍රී ලංකා බැංකු සංගමයේ සභාපති ලෙස පත්කර තිබේ. පසුගියදා කොළඹ දී පැවති එම සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේ දී මෙම පත්කිරීම සිදුකෙරිණි. ඒ අනුව 2021 වසරේ ශ‍්‍රී ලංකා බැංකු සංගමයේ මහා සභා රැස්වීම පැවැත්වෙන තෙක් ලක්ෂ්මන් සිල්වා මහතා මෙම තනතුර දරනු ඇත. මීට පෙර 2019/2020 කාලසීමාව සඳහා මෙම සංගමයේ සභාපති ලෙස දීමන්ත සෙනෙවිරත්න මහතා කටයුතු කළේය.

ශ‍්‍රී ලංකා බැංකු සංගමය යනු, ශ‍්‍රී ලංකාවේ බැංකු සියල්ලටම එකම වේදිකාවක සිට, පොදු ඉලක්ක වෙනුවෙන් වැඩ කිරීම සඳහා පසුබිම සකස් කරන සංගමයකි. එමගින් එම බැංකුවවල ගනුදෙනුකරුවන්, ආයෝජකයන්, සේවක සේවිකාවන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සියලූ‍ම දෙනා වෙනුවෙන් තිරසාර වටිනාකම් නිර්මාණය කිරීම අපේක්ෂා කෙරේ, ශ‍්‍රී ලංකා බැංකු සංගමයේ නායකත්වය යටතේ බැංකු ක්ෂේත‍්‍රයට අදාල ගැටලූ‍ සාකච්ඡා කිරීමට මෙන්ම මෙරට බැංකු ක්ෂේත‍්‍රයට දියුණුව කරා ගමන් කළ හැකි නව මාවත් හඳුනා ගැනීමට විවිධ බැංකු කටයුතු කර ඇත. එමෙන්ම ශ‍්‍රී ලංකා මහ බැංකුව සමග අත්වැල් බැඳගනිමින්, තිරසාරත්වය කරා යන ගමන සාර්ථක කරගැනීම සඳහා වැදගත් වන ස්වේච්ඡා මූලධර්ම 11 ක් සම්මත කරගෙන, ඒවා භාවිතය සඳහා තම සාමාජික බැංකු යොමුකරවීමටද එම සංගමය සමත් වී තිබේ.

DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා මූල්‍ය සේවා හා බැංකු ක්ෂේත‍්‍රයේ වසර
30 කට වැඩි පළපුරුද්දක් සහිත ප‍්‍රවීණ වෘත්තිකයෙකි. DFCC බැංකුව මෙරට ප‍්‍රමුඛතම වාණිජ බැංකුවක් බවට
පත්කිරීම සඳහා ඒ මහතා සුවිශාල මෙහෙවරක් ඉටුකර තිබේ. 1987 වසරේදී DFCC සමූහය සමග එක්වූ ලක්ෂ්මන් සිල්වා මහතා සිය දැනුම හා පළපුරුද්ද ඔස්සේ ෘත්‍ක්‍ක්‍ බැංකුවේ ඉදිරි ගමනට දායක වෙමින්, සේවාවන් රාශියක් හඳුන්වා දීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේය.

නව තනතුරට පත්වීමෙන් අනතුරුව අදහස් දක්වමින් ලක්ෂ්මන් සිල්වා මහතා මෙසේ පැවසී . “මේ අවස්ථාවේදී මුලින්ම‍ුමදඑත හිටපු සභාපති දිමන්ත සෙනෙවිරත්න මහතා සහ ඔහුගේ නිලධාරී මණ්ඩලයට ස්තූතිය පල කිරීමට මා කැමතියි. 2019/2020 කාලසීමාව තුළ සංගමය වෙනුවෙන් ඔවුන් ඉටුකළ සේවාවට ඔවුන්ට ප‍්‍රශංසාව හිමිවිය යුතුයි.ඒ වගේම COVID -19 වසංගත තත්ත්වය නිසා ශ‍්‍රී ලංකාවේ පමණක් නොව මුළුමහත් ලෝකයේම ආර්ථිකයන් අර්බුදයට ගොස් ඇති මේ දුෂ්කර කාලසීමාවේදී අපගේ ඉදිරි ගමන වෙනුවෙන් මා කෙරෙහි විශ්වාසය තැබීම පිළිබඳව මා සියලූ‍ම සාමාජික සාමාජිකාවන්ට මගේ ස්තූතිය පිරිනමනවා. ශ‍්‍රී ලංකා බැංකු සංගමයට නායකත්වය දීමට හැකිවීම මා ලද විශාල ගෞරවයක්. අපගේ සාමූහික උත්සාහය හා සහයෝගය ඔස්සේ අප සතු සම්පත් එක්තැන් කරමින් බැංකු ක්ෂේත‍්‍රය ස්ථාවරව ඉදිරියට රැගෙන යාම සම්බන්ධ වගකීම භාරගැනීමට මා සූදානමින් සිටිනවා.” 2020 ඔක්තෝබර් 09 දින පැවති ශ‍්‍රී ලංකා බැංකු සංගමයේ මහා සභා රැස්වීමේදී සාමාජික බැංකු (සියල්ලම ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වන බලපත‍්‍රලාභී බැංකු වේ‍්පචත විසින් 2021 වාර්ෂික මහා සභා රැස්වීම දක්වා බලපැවැත්වෙන පරිදි තෝරාගන්නා ලද නිලධාරී මණ්ඩලය පහත දැක්වේ.

1. සභාපති – ලක්ෂ්මන් සිල්වා මහතා – ෘත්‍ක්‍ක්‍ බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී
2.උප සභාපති – ඩී. පී.කේ ගුණසේකර මහතා – ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී
3.ත උප සභාපති – බෂීර් අහමඞ් මහතා – ඉන්දියන් බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී
4. ජොනතන් අලස් මහතා – හැටන් නැෂනල් බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී
5.කපිල ආරියරත්න මහතා – සෙලාන් බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී
6. බිඟු‍මාල් තෙවරතන්ත‍්‍රී මහතා – ස්ටෑන්ඩර්ඞ් චාටර්ඞ් බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී
7.වජීඩ් අලි ෂා මහතා – හබීබ් බැංකුවේ කලාපීය සාමාන්‍යධිකාරී
8. දමිතා කුමාරි රත්නායක මහත්මිය – ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සාමාන්‍යාධිකාරී (2020.10.12 )දින අජිත් පීරිස් මහතා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සාමාන්‍යාධිකාරී ලෙස පත්කරන ලද අතර ඒ අනුව ඒ මහතා දැන් ශ‍්‍රී ලංකා බැංකු සංගමය තුළ ජාතික ඉතිරිකිරීමේ බැංකුව නියෝජනය කරයි. රවී ද සිල්වා මහතා – ශ‍්‍රී ලංකා බැංකු සංගමයේ ලේකම්

ලක්ෂමන් සිල්වා මහතා – අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී – DFCC බැංකුව

Share