හොඳ perfume එකක් ගන්නේ කොහෙන්ද?



අපි හැමෝම ආස දෙයක් තමයි Perfume කියන්නේ. ඒත් ඉතින් හොඳ Perfume එකක් ගන්නේ කොහෙන්ද කියලා තමයි හැමෝටම තියෙන ප්‍රශ්නේ. ඕනෑම කඩේකින් Perfume ගන්න පුළුවන් තමයි, ඒත් අපි අද කථා කරන්නේ හොඳ තත්වයේ Perfume එකක් ගන්න පුළුවන් තැන් කිහිපයක් ගැන. ඒ කියන්නේ හොඳ සුවඳ සහ ප්‍රමිතියක් තියෙන branded perfume වර්ග මිලදී ගන්න පුළුවන් තැන් ගැන.

01) Excusive Lines

මේ shop එක තියෙන්නේ කොම්පඤ්ඤවීදියේ Park Street එකේ. මෙතනින් හොඳ තත්ත්වයේ perfumes මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මෙයාලගේ අලුතෙන් එන perfume ගැන මෙයාලගේ Facebook page එකෙන් සහ website එකෙන් දැනගන්න.  රුපියල් 6,000 වගේ ඉඳලා 23,000 වගේ වෙනකං ගණන්වලට perfume තියෙනවා.

02) Dollar Corporation

“Dollar Corporation” තියෙන්නේ පිටකොටුවේ බෝධිරාජ මාවතේ. මෙයාලාගෙන් perfume වගේම රූපලාවණ්‍ය නිෂ්පාදනත් තොග සහ සිල්ලරට ගන්න පුළුවන්. අඩු මුදලකට හොඳ perfume එකක් ගන්න මෙතනින් පුළුවන්.

03) Perfuma.lk

මේ shop එක තියෙන්නෙ කොල්ලුපිටියේ 17 වෙනි පටුමගේ. ඔයා හැමදාම use කරන perfume එකක් නම් ඉතින් ඔයාට මෙතනින් ඔන්ලයින් මිලදී ගන්නත් පුළුවන්.  රුපියල් 4,000 ඉඳන් රුපියල් 18,500 වගේ වෙනකං perfume වර්ග මේකෙන් ගන්න පුළුවන්. ඒ වගේම මෙයාලා කියන විදියට perfume වර්ග 7, 000 විතර තියෙනවා.

04) The Attar Shop

“The Attar Shop” කියන්නෙ දෙහිවල-ගල්කිස්ස Council Avenue එකේ. මෙයාලා ළඟ ගොඩක්ම තියෙන්නෙ අරාබි රටවල නිෂ්පාදන. ඉතින් ඔන්න වෙනස්ම විදියේ perfume අත්දැකීමක් ගන්න ඕන නම් මෙතනට යන්න පුළුවන්. දරන්න පුළුවන් ගාණකට හොඳ perfume එකක් ගන්න හොඳ තැනක් තමයි මේක.

05) The Parfumerie

“The Parfumerie” තියෙන්නේ කොළඹ Majestic City, Crescat, Liberty Plaza, Shangrila, Odel ශාඛාවල සහ මහනුවර Kandy City Centre කියන තැන්වල. මේ අය ගාව perfume වර්ග මිල රුපියල් 3,600 ඉඳන් රුපියල් 34,000 වගේ තියෙනවා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ.

06) The Perfume Shop

“The Perfume Shop” එක තියෙන්නෙ කොම්පඤ්ඤවීදියේ මැලේ ස්ට්‍රීට් එකේ. ලෝකයේ තියෙන ලොකු ලොකු brands වල perfume වර්ග මෙතනින් මිලදී ගන්න පුළුවන්. Perfume විතරක් නෙමෙයි, Deodorant සහ Shower Gel වර්ගත් මේ අය ළඟ තියෙනවා.

 

Share