හච් ලංකා සමාගම එටිසලාට් පවරා ගැනීම සාර්ථකව නිමා කරමින් ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් ස්ථාවරත්වය තහවුරු කරයි.



CK හච්සන් සමූහයේ (CKHH Group Hong Kong) අනුබද්ධිත හච්සන් ටෙලිකොමියුනිකේෂන් ලංකා ලිමිටඞ් (Hutch ලංකා) සමාගම විසින් එටිසලාට් ලංකා සමාගම ඒකාබද්ධ කරගනිමින් පවරා ගැනීම සාර්ථකව නිමා කළ බව නිවේදනය කරයි.

හොංකොං හි සමාගම් 500ක පදනමක් සහිත CK හච්සන් සමූහයට අනුබද්ධිත හච් ලංකා සමාගම 1997 වසරේදී ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් ආරම්භ කළේය.   CK  හචිසන් හෝල්ඩින්ග්ස් ලිමිටඞ්, හච් ලංකා සමාගමේ මව් සමාගම වන අතර එය ලොව පුරා ව්‍යාප්තව ඇති තාක්ෂණික නව්‍යකරණයට කැපවූ කීර්තිමත් බහුජාතික සමාගමකි.

මෙම පවරා ගැනීම මගින් වෙළඳපොල තත්වය වඩාත් ශක්තිමත් කර ගනිමින් හච් ලංකා සමාගම Hutch වෙළඳ නාමය යටතේ ඉදිරියටත් පවත්වාගෙන යනු ලබන අතර එටිසලාට් (Etisalat) වෙළඳ නාමය මෙරට ක්‍රියාත්මක වීම නිමාවට පත් කරයි.

මෙම ජාල දෙක ඒකාබද්ධ කිරීම හරහා ඒකාබද්ධ ව්‍යාපාරයේ 078 සහ 072 අංක මුලට යෙදෙන ග්‍රාමීය සහ නාගරික සෑම පාරිභෝගිකයෙකුටම උසස් ගුණාත්මක බවින් ඉහළ ආවරණය සහ ක්‍රියාකාරිත්වය මගින් සුපිරි සන්නිවේදන සේවා පහසුකම් සපයයි. හච් බස්නාහිර සහ නැගෙනහිර පළාත් තුළ 4G සේවාව දියත් කර ඇතග එය ඉදිරියේදී දේශී වශයෙන් ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය සිදු කරමින් ඇති අතර 072 භාවිත කරන පාරිභෝගිකයන්ටද එම සේවාව ඉදිරියේදී ලබා ගත හැකිය.

හච් සමාගමේ අනාගතය පිළිබඳව එහි ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා (Thirukumar Nadarasa)  මහතා මෙසේ අදහස් දැක්වීය. “සියළුම 078 සහ 072 පාරිභෝගිකයන්ට ඉදිරියේදී දේශීය වශයෙන් ව්‍යාප්ත කෙරෙන අපගේ 2G /3G  ආවරණ පහසුකම් ලබා ගත හැකියි. මේ අතර පුළුල් බ්රෝඞ්බෑන්ඞ් ආවරණ සහ සේවා සපයනු ලබන අපගේ දියුණු 4G ජාලය අඛණ්ඩව පවත්වාගෙන යමින් ඉදිරියටත් වර්ධනය කරනු ලබනවා. වඩාත් ලාබදායි, ගුණාත්මක ජංගම දුරකථන සේවා ලබා දෙමින් වෙළඳපොල තුළ වඩාත් පුළුල් තෝරා ගැනීමක් අප වෙත හිමි කර ගැනීමට උත්සහ කරනවා. ඒ තුළින් අපට ශක්තිමත් වෙළඳපොළක් ඇතිකර ගැනීමට හැකියි”.

HUTCH පිලිබඳ
හච්සන් ටෙලිකොමියුනිකේෂන් ලංකා (පුද්) සමාගම 1997 සිට Hutch වෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ජංගම දුරකථන සේවා සැපයුම් කරුවකු ලෙස කටයුතු කරයි.  HUTCH හි මව් සමාගම වන හොංකොන් හි CK හච්සන් හෝල්ඩින්ග්ස් ලිමිටඞ් රටවල් 50 කට අධික සංඛ්‍යාවක මෙහෙයුම් කටයුතු සිදු කරයි. එහිදී වරාය සහ ආශිත සේවාවන්, සිල්ලර ව්‍යාපාර, යටිතල පහසුකම්, බලශක්තිය, විදුලි සංදේශ යන ප‍්‍රධාන ක්‍ෂේත්‍රයන් පහක් යටතේ ව්‍යපාර සිදු කෙරෙන අතර සේවක සංඛ්‍යාව 300,000ට අධිකය. හොංකොං කොටස් වෙළඳ පොළේ ලැයිස්තුගත විශාලතම සමාගම් අතරින් 2018 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා  CK Hutchison සමාගමේ පිරිවැටුම ආසන්න වශයෙන්  ඇමෙරිකානු ඩොලර් බිලියන 58 ක් ලෙස වාර්තා විය.  හච්සන් අසියා ටෙලිකොම් සහ CK  හච්සන් හෝල්ඩින් ලිමිටඞඩ් පිළිබඳව තවත් තොරතුරු ලබා ගැනීමට  www.ckh.com.hk/en/global/homephp  සහ www.hutch.lk වෙත පිවිසෙන්න.

Share