සේවා විශිෂ්ටත්වය වැඩිදියුණු කිරීම සඳහා සොෆ්ට්ලොජික් ලයිෆ් MDRT Aspirant’s Club දියත් කරයි



2019 අප්‍රේල් 30, ආරම්භයේ සිටම විශිෂ්ටත්වය කරා ගමන් කරමින් සිටින ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන සෞඛ්‍ය රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ්  රක්ෂණ සමාගම තම රක්ෂණ උපදේශකයින් තව තවත් ශක්තිමත් කරනු සඳහා  MDRT (Million Dollar Round Table& Aspirant’s Club) දියත් කළ බව දැනුම් යි. මෙම සුවිශේෂ සමාජය පසුගියදා කින්ග්ස්බරි හෝටලයේදී දියත් කළ අතර ඩොලර් මිලියනයේ වටමේස කච්චාව සඳහා වත්මන් සාමජිකයින් මෙන්ම ඉදිරියේදී ඒ සඳහා එකතුවීමට බලාපොරොත්තුවන මජිකයින් රැසක්ද මේ සඳහා සහභාගී වුහ. සොෆ්ට්ලොජික් ලයිෆ් හී කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඞ්, ධායක අධ්‍යක්ෂ චුලා හෙට්ටිආරච්චි සහ ප‍්‍රධාන මෙහයුම් නිලධාරී ඉන්දු ආටිගල යන මහහත්වරුන් ජ්‍යෙෂ්ඨ ළමනාකාරීත්වය නියෝජනය කරමින් මීට සහභාගී වුහ. 

ඇමරිකා එක්සත් ජනපදයේ දියත් කරන ලද  MDRT සංකල්පය සහ  MDRT සාමජිකත්වය යනු, රක්ෂණ  පදේශකයින් සඳහා ලබා ගත හැකි ඉහළම  ජාත්‍යන්තර පිළිගැනීමක් ලෙස සැලකේ. වර්ෂ 2018 දී ජික් යිෆ් රුපියල් බිලියන 10 ක දළ වාරික ආදයමක් කරා ලඟා වූ අතර කෙටි කාලයක් තුළ එම තත්ත්වයට ලඟා වූ වේගවත්ම රක්ෂණ සමාගම ලෙස සොෆ්ට්ලොජික් ලයිෆ් ඉතිහාසයට එක් වෙයි. එමෙන්ම වසර දෙකක වැනි කෙටිකාලයක් තුළ ශ්‍රී ලංකාවෙන් දෙවැනියට වැඩිම MDRT සාමාජිකයින් පිරිසක් දායාද කළ සොෆ්ට්ලොජික් ලයිෆ් සෞඛ්‍ය රක්ෂණ සමාගම තම  ශ්‍රම බලකාය විශිෂ්ටත්වය කරා මෙහයවන සමාගමක් බවට සොෆ්ට්ලොජික් ලයිෆ් ක්‍රියාවෙන් ඔප්පු කල අවස්ථාවක් ලෙස මෙය හඳුන්වා දිය හැක. 

සොෆ්ට්ලොජික් ලයිෆ් සෞඛ්‍ය රක්ෂණ සමාගමෙන්  වර්ෂ 2017 දී සාමජිකයින් 65 දෙනකු සාමජිකත්වය සඳහා තේරී පත් වූ අතර ඔවුන්ගේ MDRT සාමාජිකත්වය සඳහා ඇමරිකාව බලා පියාසර කළ අතර වර්ෂ 2018 දී රක්ෂණ උපදේශකවරු 87 දෙනකු මිලියන් ඩොලර් වටමේස සාකච්චාව සඳහා යොමුකිරීමට සොෆ්ට්ලොජික් ලයිෆ් වෙත හැකියාව ලැබී ඇත. එම 87 දෙනාගෙන් 06 දෙනකුම COT හෙවත් Court of Table  යන කීර්තිමත් සාමජිකත්වය දැරීම මෙහිදී විශේෂ විය. මේ අතර එක් සාමාජිකයකු TOP හෙවත් Top of Table  ගෞරවය අඛණ්ඩව දෙවතාවක් ලැබීමට සමත් වී ඇත. 

ලැබූ සාර්ථකත්වය සම්බන්ධයෙන් අදහස් දක්වන සොෆ්ට්ලොජික් ලයිෆ් කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඞ් මහතා,”අපි අපගේ රක්ෂණ උපදේශකවරුන්ගේ වෘත්තීය සංවර්ධනය සහ සාර්ථකත්වය සඳහා නිරතුරුව ඉතා විශාල වශයෙන් ආයෝජනය කරනු ලබනවා. එසේම එසේම දැනුමින් මනා ලෙස දැනුවත් ,හොඳින් මෙහයවනු ලබන විනයගරුක ශ‍්‍රම බලකාය විශිෂ්ටත්වයේ කේන්ද්‍රය බව අපි විශ්වාස කරනවා. අද අපි මේ දියත් කරන ලද  “Aspirants club”  අපගේ ගුණාත්මක සේවයේ වැදගත්කම පිළිබඳවත්  ජාත්‍යන්තර ප්‍රමිතීන් අභිබවා ඉදිරියටම යාමට අප ආයතනයේ ඇති අභිලාෂය සම්බන්ධයෙනුත් අපට ලබාදිය හැකි හොඳම සාක්ෂිය බව මේ අවස්තාවේදී ප්‍රකාශ කළ යුතුයි.”

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සොෆ්ට්ලොජික් ලයිෆ් විධායක අධ්‍යක්ෂ චුලා හෙට්ටිආරච්චි මහතා,”මෙය අපගේ විකුණුම් කණ්ඩායමේ කැපවීම සහ වෘත්තීමයභාවය පෙන්වන කැපීපෙනෙන සන්ධිස්තානයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඇත්තටම MDRT Aspirants club   පිහිටුවීමේ මූලික අරමුණ වන්නේ වසර පුරා නිසි පරිදි සංවිධානය කරනු ලබන අප අලෙවි බලකාය තවදුරටත් ජයග‍්‍රහනය සඳහා සන්නද්ධ කිරීමයි. මෙම ව්‍යාපෘතිය අරඹා දෙවසරක් තුළ ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ දෙවැනියට වැඩිම පිරිසක් MDRT මට්ටම  දක්වා ගෙන ඒමට හැකියාව ලැබීම අපගේ මෙම ව්‍යාපෘතිය කෙතරම්  සාර්ථකත්වයක් අත්පත් කරගත්තෙදේ යන්න පිලිබඳ කදිම සාක්ෂියක්. ඒවගේම අපගේ ආයතනය සෑම විටම එක් එක් පුද්ගලයාගේ ස්වයං වර්ධනය පිලිබඳ විශේෂයෙන් සොයා බලනු ලබනවා. සමාගමක් ලෙස ඉදිරියට යා හැකි එකම මග මෙය බව අප දැඩි ලෙස විශ්වාස කරන දර්ශනය වනවා යැයි” ඔහු වැඩිදුරටත් පවසයි.

සොෆ්ට් ලොජික් ලයිෆ් පිලිබඳ;

සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ සමාගම සොෆ්ට්ල්ජික් සමුහයේ සොෆ්ට්ලොජික් කැපිටල් හී අනුබද්ධිත ආයතනයකි. ජර්මනියේ DEG සහ එක්සත් රාජධානියේ  LeapFrog  යන පිළිගත්  සමාගම් මෙහි කොටස් හිමිකාරිත්වය දරනු ලබයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විශාල විවිධාංගීකරණය වු සමාගමක් ලෙස සොෆ්ට්ලොජික් හඳුන්වා දිය හැකිය. එය සෞඛ්‍ය, තොරතුරුතාක්ෂණය, මෝටර් රථ, හෝටල්, මුල්‍ය සේවා සහ වෙළදාම්  යන අංශයන්ගෙන් වර්ධනීය වෙළඳපොළ ප්‍රතිශතයක් අත්කර ගැනීමට සමත් වී තිබේ.

Share