සුන්දර විවාහ උත්සවයක සිහිනය සැබෑ කල දේශානී උත්සව ශාලාව දශකයක අභිමානය සමරයි



විවාහ උත්සවයක් සැලසුම් කිරීම විටක කාලය බොහෝ සෙයින් ගතවන සහ වෙහෙසට පත් කරන කාර්යයක් බව නිසැකය. විශේෂයෙන්ම ඔබ සතුව ප්‍රමාණවත් සම්පත් සහ අවශ්‍ය සම්බන්ධතා නොමැති විට එය සිදු වීමේ ප්‍රතිශතය බොහෝය. විවාහ උත්සවයක් සැලසුම් කිරීමේ දී මුහුණ පාන ප්‍රධානම  ගැටලුව නම් තමන්ට සරිලන, තමාගෙ අතේ ඇති මුදලට උත්සවය සදහා ස්ථානයක්, සුපිරිතම සේවාවක්, සුවිශේෂී ආහාර වේලක් පහසු ස්ථානයක පිහිටා ඇති එකම තැනකින් ලබා ගැනීමේ අපහසුතාවයයි.

මෙම සියලුම සාධක සලකා බැලීමේදී, රත්නපුර පුරවරයේ පිහිටි දේශානි උත්සව ශාලාව දහස් ගණනින් විවාහ වූ යුගලයන්ගේ විවාහ සිහිනය සැබෑ කිරීමට දශකයක් පුරාවට කටයුතු කල ස්ථානයකි. රුවන් පුරවරයේ විශාලතම විවාහ උත්සව ශාලා අතුරින් එකක් වන ‘දේශානි‘ සාර්ථක මැණික් ව්‍යාපාරිකයෙකුගේ බිරිඳ වන සීතා රත්නායක මහත්මියගේ අදහසින් බිහිවූවකි. ඇය අදහස් දක්වමින් ප්‍රකාශ කලේ “මාගේ දරු තිදෙනා උස් මහත් වී සිය වැඩි දුර අධ්‍යාපනය සඳහා විදෙස් ගත වූ පසු මා සතුව බොහෝ කාලය ඉතිරිව තිබුනා. එම හේතුව නිසාම කොළඹ අතහැර මාගේ උපන් ගම වන රත්නපුරයට ඒමට මා තීරණය කරනු ලැබුවා. මාගේ අවට බොහෝ දෙනා නිතරම වාගේ කතා බහට යෙදුනා සුවපහසු විවාහ ශාලාවක් නොමැති කමින් ඔවුන් පසුවන බව. ඒ වන විට අප සතුව තිබූ හිස් ඉඩමේ මාගේ ස්වාමිපුර්ෂයාගේ උදව්වෙන් මට හැකි වුනා අනගි, නවීන උත්සව ශාලාවක් ඉදි කරවා ගැනීමට. ඉන් පසු එහි නාමය තබන පිනිස අපි අපේ වැඩිමහල් දියණියගෙ නම එනම්, දේශානි භාවිතා කරා” යනුවෙනි.

2019 පෙබරවාරි 24 දින සිය දස වැනි සංවත්සරය උත්කර්ෂවත් ලෙසින් සැමරූ දේශානි ශාලාව විවාහ සැලසුම් ක්‍ෂේත්‍රයේ සියලුම සේවා සැපයුම්කරුවන් සමඟ රත්නපුර දැවන්තම විවාහ ප්‍රදර්ශනය සැලසුම් කළහ. 30 දෙනෙකුට අධික මල් ශිල්පීන් , රූපලාවන්‍යවේදීන්, ජායාරූපශිල්පීන්, වීඩියෝ දර්ශන ශිල්පීන්, ඇදුම් විලාසිතා නිර්මාණකරුවන්, සම්ප්‍රදායික මුල් ඇදුම් කට්ටල සපයන්නන් සහ තවත් විවිධ සේවා සපයන්නන් රාශියකගෙන් මෙම විවාහ ප්‍රදර්ශනය වර්ණ ගැන් වුහ. මේ සදහා සම්පූර්ණ දායකත්වය දේශානි උත්සව ශාලව විසින් දරණ ලැබූ අතර වෙළද කුටි ලබා දීමට සහ නරඹන්නන්ට  පිවිසීම සදහා කිසිදු මුදලක් අය කර නොගත්හ.

“මෙම විවාහ ප්‍රදර්ශනයට පෙනී සිටි බොහෝ ව්‍යාපාරිකයන් මීට වසර 10 කට පෙර මා සමගම මෙම ක්‍ෂේත්‍රයට පා තැබූ අය. සැබවින්ම මෙය මා විසින් ඔවුන්ට දක්වන උපහාරයක්. වසර 10 ක කාලයක් පුරාවට මා හට ලබා දුන් සහයෝගය වෙනුවෙන්.ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් වත් මා විසින් කිසිදු මුදලක් අය නොකරන අතර මා හට අවශ්‍යයි මෙහිදී ඔවුන් කැපී පෙනීමට සැලැස්වීමට” නැවතත් අදහස් දැක්වූ රත්නායක මහත්මිය මෙලෙස ප්‍රකාශ කළාය.

මෙම විවාහ දැක්ම වාර්ෂිකව පැවැත්වීමට ද අදහස් කර තිබේ. මෙම ප‍්‍රදර්ශනයට පැමිණ සිය ගණනක් විවාහ වීමට අපෙක්ෂා කරන යුවලයන් අතරින් තෝරා ගත් යුවල 10 ක් උදෙසා දේශානි උත්සව ශාලාව වෙන්කර ගැනීමක් කරන අවස්ථාවේ විශේෂ වට්ටම් ලබා දීම සිදු කර අතර අනෙකුත් වෙළද කුටි වලට ද පිවිසෙන අයට විවිධ වට්ටම් ලබා දෙන ලදීි.

උසස් තත්වයේ සේවාව, සාධාරණ මිලට ලබා ගත හැකි ආහාර වර්ග, සුවිශේෂී ලෙසින් සැපයෙන සේවාවන් නිසාම දේශානි රත්නපුරයේ පිහිටි සුප්‍රසිද්ධ  විවාහ උත්සව ශාලාවක් බවට පත්ව ඇත. මේ වන විට දෙවන පරම්පරාවද මෙම පවුල්  ව්‍යාපාරය සදහා සිය අවධානය යොමු කරමින් තවත් උත්සව ශාලාවක් ඉදි කර ඇති අතර ප්‍රථම ශාලාව තව තවත් ඔප දමමින් ජාත්‍යන්තර මට්ටමට රැගෙන යාමට කටයුතු කර තිබේ. දේශානි ශාලාව තුල  සුවපහසු ලෙසින් ආසන 600 ක් ඇසිරිය හැකි වන අතර සුළු ප්‍රමාණයේ උපන් දින සාද හා අනෙකුත් සාද පැවැත්වීමට ද හැකියාවක් ඇත.
මහජන හිතෛශී ලෙසින් ප්‍රකටව දිවි ගෙවන සීතා රත්නායක මහත්මිය විවාහ උත්සව සඳහා වැඩි මුදලක් වියදම් කල නොහැකි පිරිස් වෙත ශාලාව සහ ආහාර සඳහා විශේෂ මිල ගනන් ලබා දෙමින් කටයුතු කරයි.

මෙලෙස දස වන සංවත්සරය සමරන දේශානී, මෑත කාලයේදී ඔවුන්ගේම අවන්හලක් ආරම්භ කරමින් රසවත් ආහාර ලබා ගැනීමට උචිත වාතාවරණයක් එහි ගොඩ නගා ඇත. පවුලේ සැමට අනගි කාලයක් ගත කිරීමට සැකසුනු මෙම අවන්හල තුල කිසිසේත්ම මත් පැන් අලෙවි නොකරන අතර සියලූම ජනවර්ගයන්ගේ පහසුව පිනිස හරක් මස් සහ ඌරු මස් ලබා දීම ද සිදු නොකරයි. දේශියත්වයට මුල් තැන සපයන දේශානි සියලූම දේ දේශීය සැපයුම්කරුවන්ගෙන් ලබා ගන්නා අතර එහි සේවක මඬුල්ල 20කින් සමන්විතය.

වැඩි විස්තර දැන ගැනීම සඳහා දේශානී උත්සව ශාලව 045 – 2222641 යන අංකය ඔස්සේ අමතන්න.
Share