දැන් දැන් ලංකාවේ රූපලාවන්‍ය ක්ෂේත්රය වර්ධනය වෙන්නේ හරිම ඉක්මනට. ඉස්සර රූපලාවන්‍ය ගැන උන්නදු වුණේ කාන්තාවෝ විතරක් වුණාට දැන් එහෙම නෑ. පිරිමි අයත් රූපලාවන්‍ය ගැන දැනගන්න හරිම උනන්දුයි. ඉතින් මේ ක්ෂේත්රයේත් එක එක විදියේ හරි අපූරු බිස්නස් ගොඩ නැගී ගෙන එනවා. ඉතින් අද අපි කථා කරන්නේ සෝෂල් මීඩියා හරහා ඒ වගේ බිස්නස් එකක් කරගෙන යන සාරා අන්වර් එක්ක. සාරාගේ බිස්නස් එක තමයි Sugar Glow Scrubs කියන්නේ. අපි සාරාගෙන්ම එයාගේ කථාව අහමු.
ඉතින් සාරා අපිට කියන්නකෝ Sugar Glow Scrubs කියන්නේ මොකක්ද? මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා?
Sugar Glow Scrubs කියන්නේ බියුටි ප්‍රඩක්ට් එකක්. ඇත්තටම මේකේ තියෙන්නේ Scrubs Range එකක්. Sugar Glow Scrubs හදන්නේ මූලිකවම ස්වාභාවික සීනි යොදාගෙන ඊට අමතරව ස්වභාවික සුවඳ තෙල් වර්ග යොදා ගන්නවා. ඉතින් Sugar Glow Scrubs වලට පුළුවන් ඔයාගේ සම සිනිඳු කරන්න ඒ වගේම Glow කරන්න. Sugar Glow Scrubs වල තියෙන ප්‍රඩක්ට් රේන්ජ් එක ගැනත් මං කියන්නම්කෝ. ඒවා තමයි ලයිම් සහ ඔරේන්ජ්, කොෆී සහ සිනමන්, ජැස්මින් සහ සැන්ඩ්ල්වුඩ්, රෝස. තව ඉස්සරහට අලුත් ප්‍රඩක්ට් කීපයක් හඳුන්වා දෙන්නත් බලාපොරොත්තු වෙනවා.
කොහොමද මේ අදහස ආවේ? එතකොට මොනවද ආපු ප්‍රශ්න එහෙම?
ඇත්තටම මේක එකපාරටම ආපු අදහසක් නෙමෙයි. මං මේක ගැන ගොඩක් කල් හිත හිත හිටියේ. ඒ වගේම මට බිස්නස් එක පටන් ගන්න ගොඩක් අමාරු වුණේ නෑ. මොකද මං මුලින්ම පටන් ගන්න හිතාගෙන හිටියේ ගොඩක් පුංචියට. හැබැයි මං පටන් ගන්න කලින් ගොඩක් මේ ගැන හොයලා බැලුවා. එකම අමාරු දේ වුණේ හොඳම ස්වාභාවික තෙල් වර්ග හොයා ගන්න එක. මොකද ඒවා හරිම ගණන්. ඉතින් මගේ බජට් එකට ගැළපෙන්නත් ඕනනේ. කොහොමහරි හැමදේම හදා ගත්තා. මං ආසම ස්ක්‍රබ්ස් පැකේජ් කරන එකට. හැබැයි මුල් දවස්වල හරි වෙලාවට ඩිලිවර් කරන එක ටිකක් අමාරු වුණා. හැබැයි දැන් ඒකත් හරි.
ඔයා මොකද හිතන්නේ ලංකාවේ රූපලාවන්‍ය ක්ෂේත්රයට එන්න අමරුද? එතකොට සෝෂල් මීඩියා කොච්චර උදව් වෙනවද?
මම පටන් අරන් තාම ටික කාලයයි. ඉතින් මේ කාලෙට නම් ප්‍රශ්නයක් මොකුත් නෑ. අනිවාර්යයෙන්ම මේ ක්ෂේත්රයේ ගොඩක් බිස්නස් තියෙනවා. ඒ නිසා ටිකක් තරගකාරියි තමයි. හැබැයි මං වගේ අලුතෙන් පටන් ගන්න ඕනම කෙනෙක්ට එන්නත් ඕන තරම් ඉඩ තියෙනවා. සෝෂල් මීඩියා ගැන කියනවා නම් ඇත්තටම ඒක මට ගොඩක් උදව් වුණා මගේ ප්‍රඩක්ට් එක මිනිස්සු අතරට අරන් යන්න. සෝෂල් මීඩියා නැති වුණා නම් මට මේ ගමන අමාරු වෙනවා. ඉතින් අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න කෙනෙක්ට සෝෂල් මීඩියා ගොඩක් වටිනවා.
ඔබේ Instagram එක හරිම ලස්සනයි. කොහොමද මේ අදහස් එන්නේ?
මං pinterest එකේ ගොඩක් වෙලාව ගත කරනවා. ඒකෙන් මට ගොඩක් අදහස් ගන්න පුළුවන්. ඒ වගේම මට ඕන මගේ Instagram එකට එන ඕනම කෙනෙක්ට මගේ බිස්නස් එක මොන වගේද කියලා පළමු තත්පර කිහිපය ඇතුළත තේරෙන්න. ඒ නිසා මං අදාලම දේවල් විතරයි තෝරගන්නේ. මං අනිත් අයටත් කියන්නේ හැමදේම දාන්නේ නැතුව ඔයාගේ බිස්නස් එකට අදාල දේවල් විතරක් දාන්න. ඒ වගේම ලස්සනට තියාගන්න.
ඉතින් අන්තිමට මොනවද කියන්න තියෙන්නේ?
Sugar Glow Scrubs එක්ක දිගටම ඉන්න. ඉස්සරහට තව ගොඩක් ප්‍රඩක්ට්ස් එයි. ඒ වගේම අපේ Glow Scrubs ෆේස්බුක් පේජ් එකට එන්න ඔයාට අපේ ප්‍රඩක්ට්ස් ඩිලිවර් කරගන්න පුළුවන්. ඉතින් අපේ ප්‍රඩක්ට්ස් අරන් බලලා මොනවද හිතෙන්නේ කියලත් කියන්නකෝ