විෂන් කෙයා වාර්ෂික කාර්යමණ්ඩල හමුවේදී සේවක දායකත්වය ඇගයීමක් ලක්වේ



ශ්‍රී  ලංකාවේ අක්‍ෂි නිෂ්පාදන වෙළෙඳ ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ථානය හිමිකරගත් විෂන් කෙයා, 2018 වසරේ සිය සේවක දක්‍ෂතා ඇගයීම තුළින් ඔවුන් සම්මානය පාත්‍ර කිරීම පසුගියදා බත්තරමුල්ල වොටර් ඒජ් හිදී පැවති වාර්ෂික සේවක හමුවේදී සිදුවිය. සිය පාරිභෝගිකයන් සඳහා වගකීම් සහගත සේවාවක් ලබා දීමේ ඇගයුම් කාර්යයක් වශයෙන් පවත්වනු ලැබූ මෙම ඇගයීම් උළෙල මගින් සිය කාර්ය මණ්ඩලය උද්යෝගිමත් බවට පත්කරමින් හෙට දිනයේදී ඔවුනගේ දායකත්වය වැඩි පරිමාණයෙන් ලබා ගැනීමට මෙහි මූලික අරමුණ විය. සුවිශේෂී දක්‍ෂතා ඇති 70 දෙනෙකු මෙම සුවිශේෂී අවස්ථාවේදී ඇගයීමට ලක්වූ අතර මේ  සඳහා 20 දෙනෙකුගෙන් යුත් ව්‍යාපරික ක්‍රමෝපායික ඒකකය සහ 650 කට අධික සේවක පිරිසක් සහභාගී විය.

 

දශක දෙකක කාලයක් තුළ විෂයන් කෙයා හි ගමන සාර්ථක අයුරින් සිදුවීම සඳහා ප්‍රධාන සාධකය බවට පත්ව ඇත්තේ ඔවුනගේ වටිනා ගණුදෙනුකරුවන්ය. එනිසාම ඔවුන් විෂන්කෙයා හි වත්කමයි. ආයතනයේ කාර්යමණ්ඩලය ලෙස මෙවැනි අවස්ථාවන් වෙතින් ඔවුන අත්කරගන්නා වූ උද්යෝගය, මෙහි අභිවෘද්ධිය වෙනුවෙන් ඔවුනගේ දායකත්වය සංකේතවත් කරන්නකි. සේවක ප්‍රතිලාබයන් වෙත ප්‍රමුඛත්වයක් ලබා දෙමින් සංවිධානය කරන මෙවැනි වැඩසටහන් තුළින් සංකේතවත් කරනු ලබන්නේ සමාජ වටිනාකම් ඇගයීම තුළින් විෂන් කෙයා පෙරමුණ ගෙන සිටින බවයි.


පුරා වසර 26 කට අධික කාලයක් තුළ අක්‍ෂි නිෂ්පාදන වෙළෙඳපළේ විශිෂ්ටත්වය පත් විෂන් කෙයා, දේශීය වශයෙන් උසස් තත්ත්වයේ මෙන්ම ඉහළ නිරවද්‍යතාවයකින් යුතු ඇස් කණ්නාඩි සහ අක්‍ෂි නිෂ්පාදන මිලදී ගැනීමේ කීර්තිමත් නාමයක් හිමි කරගත් ආයතනයකි. එමෙන්ම පසුගිය වසර ගණනාව තුළ ලොව ප්‍රමුඛතම සහ ජනප්‍රියතම සන්නාමයන්ගෙන් යුතු නිෂ්පාදනයන්  හඳුන්වාදීම තුළින් ඉමහත් කීර්තියක් ද අත්කර ගැනීමට සමත් විය. මෙම සුව්ශේෂී ජයග්‍රහණයේදී ඔවුනගේ කාර්යශූර සේවක මණ්ඩලය, අක්‍ෂි විශේෂඥයින් ඇතුලූ සැමගේ දායකත්වය තුළින් ලැබූවක් බව මනාව ප්‍රකට වන්නකි.

 දිවයින පුරා ව්‍යාප්ත ශාඛා 52 ක් ඔස්සේ සිය සුවිශේෂී සේවා කාර්යය දියත් කරනා විෂන් කෙයා, බංගලාදේශය කේන්ද්‍ර  කර ගනිමින් අන්තර්ජාතික සේවාවන් දියත් කිරීමද ඇරඹීය. ඉදිරියේදී සිය නවතම ප්‍රදර්ශනාගාර  ඔස්සේ තවදුරටත් සිය විශ්වසනීය සේවාවන් ව්‍යාප්ත කිරීමක නිරත විෂන් කෙයා, එමඟින් වෙනස්වන නවීනතම විලාසිතා වන් සහ පුද්ගල අවශ්‍යතාවන්ට ගැලපෙන ආකාරයේ නිෂ්පාදනයන් රැසක් සමඟින් සෑම පාරිභෝගිකයකුගේම අවශ්‍යතා සපුරාලීම සඳහා සැරසී සිටී.
Share