රිට්ස්බරි චොක්ලට් විල්පත්තුවට යළි පණ දෙන සොබාදම් ක‍්‍රියාන්විතයේ හවුල්කරුවන් වූ වගයි.



ශ‍්‍රී ලංකාව යනු සොබාව සෞන්දර්යෙන් පිරි මනස්කාන්ත භූමියකි. මෙකි පාරිසරික වටිනාකමට ආලෝකයක් ගෙන දුන් විශේෂ සලකුණක් ලෙස විල්පත්තු වනාන්තරය හඳුන්වා දිය හැක. කාලාන්තරයක් තිස්සේ විල්පත්තු වන සම්පතට සහ එහි ජීවත් වුනු වන සතුන්ට සිදු වූ හානිය ඛේදනීය ගැටළුවක්  වූ නමුත් ඒ සඳහා පිළියම් යෙදීමට අවශ්‍ය පියවර ගැනීමට  අපි සැවොම අපොහොසත් වුනු බව නොරහසකි.

මෙම අභියෝගාත්මක ජාතික වගකීමට උර දෙන්නට ශ‍්‍රී  ලංකා යුද  හමුදාව නිර්භීතව ඉදිරිපත් වීම ඉතා ප‍්‍රශංසනීයය. එහෙත් මෙම ක‍්‍රියාදාමය ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව සඳහන් කළ යුතුය. මේ සඳහා ශ‍්‍රමය කැප කිරීම මෙන්ම දිගු කාලීනව මෙම තුරුලතා රැුකගැනීම  දුෂ්කර කාර්යයකි. වියළි කලාපිය ප‍්‍රදේශවල දක්නට ලැබෙන ජල හිඟය මෙන්ම මිනිසුන්ගේ ආකල්පමය හේතුන් මෙම කාර්යය තවත් අසීරු කරවයි. මහා වනාන්තරයක් කපා විනාශ කිරිම එක් ක්ෂයනයකින් සිදු කළ හැකිය.  නමුත් නැවත පැල සිටුවා එය රැුක බලා ගෙන යථා තත්ත්වයට පත් කර වනසතුන් හුරු කරවීමට වසර ගණනාවක් ගතවේ. එය දීර්ඝ කාලින අභියෝගාත්මක දැවැන්ත ක‍්‍රියාවලියකි.

මේ අවස්ථාවේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන දේශීය සමාගමක් ලෙසත්, රටේ ජාතික අවශ්‍යතාවන්ට උරදෙමින් නිරතුරුව සමාජ සත්කාරක වැඩසටහන් දියත් කරන සන්නාමයක් ලෙසත්, ‘‘රිට්ස්බරි” විල්පත්තුවට යලි පණ දෙන ක‍්‍රියාන්විතයේ මුල්‍යමය දායකත්වය ලබා දීමට ප‍්‍රථම අනුග‍්‍රාහකයා ලෙස ඉදිරිපත් විය.

ඒ අනුව රිට්ස්බරි මෙම ව්‍යාපෘතියේ මූලික අඩිතාලම දමමින් පෙරමුණ ගෙන ක‍්‍රියා කළේය. ශ‍්‍රී ලාංකික දේශීය සන්නාමයක් ලෙස රිට්ස්බරි වාණිජ අරමුණම පමණක් නොව ඉන් ඔබ්බට යමින් මෙරට දැවැන්ත සමාජ සත්කාරක වැඩසටහන් වලට ඉතා සක‍්‍රීයව සිය දායකත්වය ලබා දුන් වෙළ`ද සන්නාමයකි. එම නිසා මෙම ව්‍යාපෘතිය රිට්ස්බරි සමාජ සත්කාර වැඩසටහන් අතර තවත් එක් කැපී පෙනෙන ව්‍යාපෘතියක් ලෙස ස`දහන් කළ හැක.
මෙම දීර්ඝ කාලීන සමාජ මෙහෙවර ආරම්භ කිරීමට අවශ්‍ය ශක්තිමත් මූල්‍ය පදනම සම්පාදනය කරමින් අනුග‍්‍රාහකත්වය ලබා දෙන ලෙස ශ‍්‍රී ලංකා යුද හමුදාව රිට්ස්බරි සන්නාමයට ආරාධනා කිරීම සමාගමට සාඩම්බර බවක් එක් කළ කරුණකි. ඒ අනුව ‘‘තුරුලිය වෙනුවෙන් අපි’’ විල්පත්තු හී සමාරම්භක උළෙල පසුගිය 18 වනදා යුද හමුදාපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් රිට්ස්බරි සාදර දායකත්වයෙන් පැවැත්වීය. මෙම අවස්ථාවට සහභාගී වන ලද පාසල් සිසුන් හරිත ලෝකය ගොඩන`ගන පාඩමේ කොටස්කරුවන් ලෙස දැනුවත් කරන්නට ලැබීමත් රිට්ස්බරි ලැබූ තවත් ජයග‍්‍රහණයක් ලෙස පෙන්වා දිය හැක.

Share