ලොව මිල වැඩිම වාහන 07 මොනවද? කියවලා බලන්න



වාහනවලට කැමති කොල්ලෝ කෙල්ලෝ වෙනුවෙන් තමයි අද අපි මේ ආටිකල් එක ලියන්නේ. ඒ තමයි ලෝකයේ මිළ වැඩිම වාහන කීපයක් ගැන. ඉතින් මේවා අපිට ගන්න බෑ කියලා හිතුණොත් ඒ සිතුවිල්ල එවෙලේම නැති කරලා දාන්න. මොකද දවසක ඔයා මේ ලෝකේ ඉන්න ධනවත්ම කෙනා වෙන්නත් බැරි නෑ. ඉතින් ඒ වෙනකන් මේ වාහන ටික බලා සැනසෙමු.

01) Bugatti La Voiture Noire

මෙම Bugatti La Voiture Noire රථය මෙතෙක් නිපදවා ඇති මිල අධිකම නව මෝටර් රථය කියලා තමයි අපිට ආරංචි වුණේ. මෙහි Chiron රථය වගේ quad-turbo 8.0L W16 එන්ජිමක් භාවිතා කරලා තියෙනවා. මෙයට අශ්වබල 1479ක් නිපදවන්නත් පුළුවන්. සයිලන්සර 6කින් මෙම රථය සමන්විතයි. Jean Bugatti’s personal Type 57SC Atlantic එකේ අලුත් වුණු රථය මේක කියලා තමයි කියන්නේ. මේකේ තියෙන විශේෂම දේ වෙන්නේ සුමෙවැනි රථ තියෙන්නේ එකක් වන අතර එහි අයිතිකරු වෙන්නේ ලොව සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ. මෙහි ගාණ ඩොලර් මිලියන 18.7 ක් කියලා තමයි සඳහන් වෙන්නේ.

02) Rolls-Royce Sweptail

2017 වසරේදී මෙම රථය එලියට දැම්මේ ලොව මිල අධිකම මෝටර් රථය විදියටයි. ඒත් ඒක එහෙමමද කියලා Rolls-Royce සමාගම විසින් නිල වශයෙන් තහවුරු කරලා නෑ. මෙය දොර දෙකක කූපේ මාදිලියේ මෝටර් රථයක් වෙනවා. මෙහි 6.75L V12 එන්ජිමක් ඇති අතර වේග 8ක automatic gearbox එකක් තියෙනවා. ඇත. මෙහි මිල වෙන්නේ ඩොලර් මිලියන 12.8 ක්.

03) Bugatti Centodieci

මෙම රථය Bugatti සමාගමේ 110වන සංවත්සරය සැමරීම සඳහා නිර්මාණය කරන ලද්දක් වෙනවා. මෙය Bugatti Chiron රථයට වඩා 20kg කින් බරින් අඩු වෙනවා. මෙහි 8.0L quad-turbocharged W16 ක එන්ජිමක් තියෙනවා. මෙම රථය නිර්මාණය කරන්න Bugatti කණ්ඩායමට මාස 06යි ගිහින් තියෙන්නේ. මෙහි මිල ඩොලර් මිලියන 9 ක් වෙනවා.

04) Mercedes Maybach Exelero

මෙහි මිල වැඩි මිලක් වෙන්නේ සුමට ලෙස ධාවනය කිරීම යොදාගෙන ඇති ඇති එන්ජින් තාක්ෂණයන්, වායුගතික ශරීර වැඩ සහ කාබන් ෆයිබර් යන දේවල් නිසයි. අශ්වබල 690ක් (510kw) නිපදවන twin-turbo V12 එන්ජිමකින් මෙහි තියෙනවා. මෙහි උපරිම වේගය 350 km/h ලෙස සඳහන් වෙනවා. දැනට මෙම රථ 12ක් නිපදවා තියෙනවා කියලා තමයි දැනගන්න ලැබුණේ. මෙහි මිල ඩොලර් මිලියන 8 යි.

05) Bugatti Divo

Bugatti සමාගම මෑතකදී එළිදැක්වූ රථ අතරට Divo රථය අයිති වෙනවා. Chiron රථයත් මෙයත් බොහෝ සෙයින් සමාන වෙනවා. ඒත් මෙහි මිල වැඩි වීමට හේතු විදියට මෙහි ඇති සැහැල්ලු රෝද, කාබන් ෆයිබර් ඉන්ටර්කූලර් සහ ශබ්ද හානිය අවම වන පරිදි නිපදවා අපිට දකින්න පුළුවන්. අශ්වබල 1500කින් මෙය සමන්විත වෙනවා. මෙම රථ 40ක් පමණක් නිෂ්පාදනය වෙලා තියෙනවා. මෙහි මිල ඩොලර් මිලියන 5.8 ක් වෙනවා.

06) Pagani Huayra Imola

2019 සැප්තැම්බර් මාසයේ launch කළ මෙම රථයේ Twin-turbocharged 6.0L V12 එන්ජිමක් තියෙනවා. 827hp(617kw)ක බලයක්ද සහිතයි. Imola රථය Huayra Roadster රථයට වඩා අශ්වබල 36කින් ඉදිරියෙන් සිටින අතර මෙය මෙතෙක් නිපදවූ බලවත්ම පගානි රථය බවපත්වෙනවා. මෙම රථයේ මිල වැඩි වීමට තවත් හේතුවක් වන්නේ මෙම රථ 5ක් පමණක් නිපදවීමයි. මෙහි මිල ඩොලර් මිලියන 5.4 යි.

07) Koenigsegg CCXR Trevita

Koenigsegg සමාගම මේ වසරේදී ඔවුන්ගේ වඩාත්ම affordable රථය වන Koenigsegg Jesko රථය ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනයේදී එළිදක්වනු ලැබුවා. නමුත් දියමන්ති ආලේපිත CCXR Trevita රථය ඊට වඩා ගොඩක් වෙනස්. මෙහි මිල ඩොලර් මිලියන 4.8 ක් වෙනවා.මෙහි ඇතුළතද දියමන්ති අල්ලා තිබෙනවා. දැනට මෙම රථ 3ක් පමණක් නිපදවා තිබෙනවා.

 

Share