රත්හඳුන් සිසිලස රැඳි ‘සේරි රෙඩ් සැන්ඩ්ල්වුඩ් ’Anti – Marks ෆේස් වොෂ්



2019 ජුනි 12 කොළඹදීය: දේශීය වෛද්‍ය විද්‍යාවේ ඉතා ප්‍රකට ඖෂධයක් වන රත් හඳුන්  , Fabaceae  කුලයට අයත් ශාකයකි. ආයුර්වේද ප්‍රතිකාර  ක්‍රමයන්වලදී විශේෂ වැදගත්කමක් හිමිකරගන්නා රත්හඳුන්, සම සිසිලන කාර්යයේදී ඉතා වැදගත් කාර්යයක් සිදුකරනු ලබයි. රුව රැකගැනීමේ සහ සමේ පැහැපත්බව ඔප්නංවා ගැනීමේ කාර්යයේදී කාන්තාවන් අතර බෙහෙවින් ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඇති රත්හඳුන්, ශරීරයේ විවිධ රෝග සහ ආසාදන තත්ත්වයන් වලදී බාහිරින් ආලේප කිරීම් වලට අමතරව, කල්ක නිෂ්පාදනය සඳහා ද යොදා ගෙන, ශරීර අභ්‍යන්තර රෝග සඳහා වන ඖෂධ වශයෙන් ද භාවිත කරයි.

මෙවැනි ඖෂධීය ගුණයෙන් අනූණ, රුව රැකගැනීමේ සහ රුව ඔප්නැංවීමේ කාර්යයේදී  සුවිශේෂී සංඝටක  රැසකින් යුත් රත්හඳුන්, උපයෝගී කරගනිමින් සේරි නැචුරල් පුද්ගලික සමාගම ‘සේරි රෙඩ් සැන්ඩ්ල්වුඩ්’ නමින් මුහුණ පිරිසිදුකාරකයක් (Face Wash)  නිෂ්පාදනය කර ශ්‍රී ලාංකීය යුවතියන් වෙත වැඩිදියුණු කර හඳුන්වා දී ඇත. වසර ගණනාවක පර්යේෂණ කාර්යයකින් පසුව ඔබ හමුවට පැමිණ ඇති මෙම නිෂ්පාදනය මගින් මුහුණේ ඇති ලප කැළැල් ඉවත් කර එහි පැහැය ස්වභාවික අයුරින් වඩවාලයි. තවද ‘සේරි රෙඩ් සැන්ඩ්ල්වුඩ් Anti – Marks’ හි අන්තර්ගත ප්‍රති ඔක්සිකාරක මඟින් සමට අහිතකර ක්‍ෂුද්‍ර ජීවීන්  නිසා සමේ ඇතිවන නොයෙකුත් ප්‍රදාහ තත්ත්වයන් සමනය කරන බවටද විද්‍යාත්මකව තහවුරු කර ඇත.

‘සේරි රෙඩ් සැන්ඩ්ල්වුඩ් Anti – Marks’ ෆේස් වොෂ් නිෂ්පාදන කාර්යය සඳහා අවශ්‍ය සියලූ අමුද්‍රව්‍ය එක්සත් රාජධානියේ (US) සහ යුරෝපා සංගමයේ (EU) අනුමත ප්‍රමිති තත්ත්වයන් යටතේ යොදාගනු ලබන අතර, එය සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලත් නිෂ්පාදනයකි. ස්වභාවික අමුද්‍රව්‍ය උපයෝගී කරගනිමින්, වඩා ආර්ශණීය බවින් යුතුව නිෂ්පාදනය කර ඇති ‘සේරි රෙඩ් සැන්ඩ්ල්වුඩ් Anti – MarksZ  ෆේස් වොෂ් යනු මුහුණ පිරිසිදු කිරීමේ කාර්යයෙන් නොනැවතී ඔබේ සම ස්වභාවිකවම ආරක්‍ෂා කරමින් මනා පැහැපත් පෙනුමක් ඔබට තිළිණ කිරීමේ අරමුණින් නිමැවුණු සාර්ථක දේශීය නිෂ්පාදනයකි.

Share