මොකක්ද මේ “ආචාරී” කියන්නේ ? දැනගත්තොත් පුදුම හිතෙයි



අලුත් අලුත් විදියේ දේවල් කරන අයව හොයාගෙන ගිහින් ඒ ගැන කථා කරන්න lunu.lk අපි ගොඩක් කැමතියි. ඉතින් අද අපි මේ කියන්න යන්නෙත් ඒ වගේ තමන්ගේ හැකියාවට අලුත් විදියේ බිස්නස් එකකට හරවපු ඉරෝෂ උදයංග ජයසිංහ ගැන . එයාගේ බිස්නස් එක තමයි “ආචාරී” කියන්නේ. ඉතින් කියවලම බලන්නකෝ.

01) මොකක්ද මේ “ආචාරී” කියන්නේ ?

“ආචාරී” කියන්නේ කලා නිර්මාණ හදන ව්‍යාපාරයක්. දැනට “ආචාරී” හරහා ලී යොදාගෙන විවිධ කලා නිර්මාණ හදනවා. ඉදිරියේදී වෙනත් අමුද්‍රව්‍ය යොදාගන්නත් අදහසක් තියනවා.

02) මේ වගේ Online බිස්නස් එකකට ලංකාවේ ඉල්ලුමක් තියෙනවද?

මේ වගේ කලා නිර්මාණවලට දේශීය සහ විදේශීය වශයෙන් ලොකු ඉල්ලුමක් තියනවා. නමුත් ප්‍රමිතියකින් අඩු නිෂ්පාදන වෙළඳපළ තුළ තිබුනත් නියම වටිනාකම දන්න පාරිභෝගිකයන් මේ වගේ නිර්මාණ මිලදී ගන්න දෙපාරක් හිතන්නෙ නැහැ.

03) “ආචාරී” පටන් ගත්ත මුල් කාලය ගැන මතක් කරමුද ?

මේ ව්‍යාපාරය පටන් ගත්තේ 2012 වසරේ අගෝස්තු මාසයේ. මම ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කලමනාකරණ පාඨමාලාව කරන කාලයේ බාහිර ක්‍රියාකාරකම්වලට කරපු නිර්මාණයකින් තමයි මට මේක බිස්නස් එකක් විදිහට පටන් ගන්න මුල්ම අඩිතාලම හැදුනෙ.

04) බිස්නස් එකට අවශ්‍ය දේවල් හොයාගන්නේ කොහොමද?

මේ නිර්මාණවලට අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය සපයාගන්නේ ලී මඩුවල ඉවත් කරන ලී කැබලි එකතු කරගෙන. විවිධ වර්ගයේ ලී කැබලි මම නිර්මාණ සඳහා යොදාගන්නවා.

05) ඉරෝෂගේ රැකියාවත් එක්ක බිස්නස් එක Balance කරගෙන යන්න අමාරු නැද්ද ?

මම සංචාරක සේවා සපයන ආයතනයක රැකියාවක් කරන ගමන් තමයි “ආචාරී” බිස්නස් එක කරගෙන ගියේ. මම මේ වසරේ ජනවාරි මාසයෙන් පස්සේ රැකියාවෙන් ඉවත්වෙලා “ආචාරී” බිස්නස් එක සාර්ථක කරගන්න මගේ උපරිම අවධානය යොමු කලා. ව්‍යාපාරයකින් හැමෝම ලාභයක් බලාපොරොත්තු වුනත් ඉදිරියේදී මේ හරහා සමාජ සත්කාර කටයුතු කරන්නත් අදහසක් තියනවා.

06) මේ වැඩේදී ඉරෝෂ මුහුණදීපු අභියෝග ගැනත් මතක් කරමු.

මම මේ ව්‍යාපාරය පටන් ගත්ත මුල් කාලයේ මේ ගැන ලොකු පුහුණුවක් සහ දැනුමක් මට තිබුනේ නැහැ. මම මුලින්ම මෙයට අවශ්‍ය Tools භාවිතා කරන දැනුම ලබාගත්තේ මේ වගේ ව්‍යාපාරවල නිරතවන තවත් පිරිසකගෙන්. මම මට අවශ්‍ය Tools වර්ග මිලදීගෙන තනියම පුහුණු වුනා. මට තවත් උපකරණ අවශ්‍ය වුනත් එයට අවශ්‍ය මූල්‍ය ශක්තියක් තවම හැදිලා නැහැ. ඉදිරියේදී ඒ හැමදේම ලබාගන්න උපරිම කැපවීම මගේ ව්‍යාපාරය වෙනුවෙන් යොදවන්න බලාපොරොත්තු වෙනවා.

07) ඔබේ ව්‍යාපාරයට “ආචාරී” වගේ වෙනස්ම නමක් දාන්න හිතුනෙ ඇයි?

හෝටල් පාඨමාලාව කරන කාලයේ විෂය බාහිර ක්‍රියාකාරකමක් කරන වෙලාවක මගේ පන්තියේ හිටපු ටෙලාන් මානික්කම කියන යාළුවා මගේ වැඩ දිහා බලලා මට කියපු නම තමයි ව්‍යාපාරයට දැම්මෙ. හැමෝම මට “ ආචාරී” කියන නමින් තමයි කතා කලේ. රුවන් ප්‍රසන්න සහෝදරයා තමයි මට Logo එක හදලා දුන්නේ. ඒ දෙදෙනාටම ගොඩක් ස්තූතියි.

08)පාරිභෝගිකයින්ගෙන් ලැබෙන Comments මොනවද?

මගෙ නිර්මාණවල තියන finishing එක ගැන ඒ අය ගොඩක් හොඳ කියනවා. මගෙ වැඩවලට කැමති පාරිභෝගිකයින් නිසා මට තවත් වැඩ කරන්න අවස්ථාව ලැබිලා තියනවා.

09) මෑතක හදපු නිර්මාණ ගැනත් කියමු නේද?

අලුතෙන් කරන නිර්මණයක්ම මගෙ ෆේස්බුක් පිටුව හරහා බලාගන්න පුළුවන්. අලුතෙන්ම මම පැලට්වලින් නිර්මාණ කරගෙන යනවා.

Achari Facebook – Click Here

10) ඉරෝෂගේ ගමනට උදව් කරපු අය ගැනත් මතක් කරමු.

මට උදව් කරන තාත්තා සහ ජීවතුන් අතර නැති අම්මත්, ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනයේ සුජිත් යමසිංහ මහතා අතුළු ගුරු මණ්ඩලය සහ සහෝදර සහොදරියන් සියලු දෙනාටම මම ස්තූති කරනවා. “ආචාරී” මේ තරම් සාර්ථකත්වයට පත් කරපු පාරිභෝගිකයින්ටත් ගොඩක් ස්තූතියි.

Share