“මේක මගේ හිතුවක්කාරකමට පටන් ගත්තේ” – මාෂි සැන්ඩ්‍රා



අපි දන්නවා ලෝකේ ගොඩක් ක්‍ෂේත්‍ර තියෙනවා පිරිමි අයට විතරක් කරන්න පුළුවන් කියලා නම් කරපු. හැබැයි ඉතින් එහෙමයි කියලා අපේ කෙල්ලෝ ඒ ක්‍ෂේත්‍ර ආක්‍රමණය නොකර හිටියෙත් නෑ. ඉතින් මේ කියන්නෙත් ඒ වගේ කථාවක්. එයා තමයි මාෂි සැන්ඩ්‍රා කියන්නේ.

01) මාෂි, මොකක්ද මේ “Tattoo Addict Sri Lanka” කියන්නේ?

ඒ තමයි මගේ බිස්නස් එක. ඕනම කෙනෙක්ට ඕනම විදියක tattoo එකක් කරගන්න පුළුවන් තැනක්.

02) මේ වගේ බිස්නස් එක පටන් ගන්න හිතට ආවේ කොහොමද?

මම Tattoos වලට ගොඩක් කැමති කෙනෙක්. ඒ නිසාම මම ඒ දේවල් ගොඩක් Follow කලා. ඒ උවමනාව නිසාම තමයි Tattoo ගැන ඉගෙනගෙන මගේම දෙයක් පටන් ගන්න හිතුනේ.

03) මාෂිට ගෙදරින් බාධා එහෙම ආවේ නැද්ද?

මගේ අම්මි තමයි ගොඩක්ම මේ වැඩේට අකමැති වුනේ. එයා කිව්වේ ගැහැණු ළමයෙක්ට මේ වගේ දේවල් ගැලපෙන්නේ නැහැ කියලයි. මේක මගේ තනි කැමැත්තට හිතුවක්කාරකමට පටන් ගත්ත බිස්නස් එකක්.

04) ගොඩක් Tattoo ගහන අය ඉන්නේ පිරිමි ළමයිනේ. ඉතින් මේ Field එකට එන්න බය හිතුනේ නැද්ද?

බය කියන දේ නම් දැනුනේවත් නැහැ. මේක තමයි මගෙ ආසාව වුනේ. දැනට ලංකාවේ තියෙන Salon වල Tattoo කරන අය ඇරෙන්න. Tattoo shop එකක් කරන එකම ගැහැණු කෙනා මම කිව්වොත් හරි.

05) මේ වෙනකන් ආපු ගමන ගැන කෙටියෙන් කියමුද?

කෙල්ලෙක් විදිහට මේ ගමන එන්න එන්න ගොඩක් අමාරුයි. මුලින්ම Shop එකක් දාගන්න සල්ලි හොයාගන්න එක තමයි ලොකුම අභියෝගය වුනේ. මේ වැඩ කරගන්න ගොඩක්ම උදව් කලේ Husband තමයි. වැඩ වැඩි දවසට පාන්දර තුන විතර වෙනකන් වැඩ කරනවා. එහෙම තමයි මේ තැනට ආවේ.

06) ගොඩක් ගැහැණු ළමයි Tattoo එකක් කරගන්න ආස වුනත් ඒ තැන්වලට යන්න බයයි.ඉතින් ඔයා ළඟට ආවොත් ඒ ප්‍රශ්න නැහැ නේද?

ඔව් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. මම එයාලගේ පෞද්ගලිකත්වය රකිනවා. ඒ වගේම තමයි Tattoo එක කරන්නෙ මගෙ අතින්ම නිසා එයාලට බය නැතුව මගෙ Shop එකට එන්න පුළුවන්.

07) Tattoo Design කරන්නෙත් මාෂි ද?

සමහර Clients ලා එයාලට ඕනේ Design එක අරගෙන එනවා. සමහර වෙලාවට අලුතින්ම Design කරන වෙලාවලුත් තියෙනවා.

08)මාෂි අලුත් Designs හොයාගන්නේ කොහොමද?

Trend එක අනුව Designs කියන දේ වෙනස්වෙනවා. ඒ අනුව තමයි මම Design කරන එක තීරණය වෙන්නෙ. Shading Tatoos වලට ඉස්සර ඉල්ලුමක් තිබුනත් දැන් ඒ වගේ Tattoos කරනවා අඩුයි.

09) ඔයා Tattoos කීයක් විතර ගහලා තියෙනවද?

මම දැනට Tattoos 8ක් කරලා තියෙනවා වෙනත් Artist ලාගෙන්. මට තනියම මගෙ ඇඟේ Tattoo එකක් කරන එක ටිකක් අමාරු වැඩක්.

10) Tattoo එකක් ගහන්න කලින් බලන්න ඕනේ මොනවද?

මුලින්ම අපි බලන්න ඕනෙ Client ගෙ Idea එක මොකක්ද කියලා. ගොඩක් වෙලාවට Client කැමති විදිහට Art Work එක Design කරලා ඉල්ලනවා. ඒ දේවල් කරන්නෙත් මගෙ අතින්මයි. ඕනම තැනකට Tattoo එකක් කරගන්න යනවනම් සනීපාරක්ෂාව ගැන මුලින්ම හිතන්න.

11) මාෂිගේ පවුලේ විස්තර ගැනත් කියමු.

මම විවාහ වෙලා ඉන්නෙ. මගෙ අම්මයි තාත්තයි නංගිලා දෙන්නයි ඉන්නවා.

12) Tattoo ගැන ඉගෙන ගන්න තැනක් ලංකාවේ තියෙනවද?

කෙනෙක් Field එකට එන්න හිතනවා නම් ඒ කෙනාට ලොකු උවමනාවක් තියෙන්න ඕනෙ ඉගෙන ගන්න හොඳ කෙනෙක් හොයාගන්න. අලුත් අය පරණ අය මේ Field එකේ ඉන්නවා. හරිම කෙනා හොඳම තැන හොයාගන්න එක තීරණය වෙන්නෙ තමන්ට තියෙන උවමනාවත් එක්ක.

13) මාෂිට Tattoo ගැන උගන්වන්න තැනක් පටන් ගන්න අදහසක් නැද්ද?

ඇත්තටම නැහැ. මගෙ වැඩත් එක්ක ගොඩක් කාර්යබහුල වෙනවා. ඉතින් කරනවනම් හරියටම ඒ දේවල් උගන්වන්න ඕනෙ. දැනට මට ඒ දේවල් ගැන හිතලා නම් නැහැ.

14) කොහෙද Tattoo Addict Sri Lanka එක තියෙන්නෙ?

දෙපානම පන්නිපිටියේ තමයි මගෙ Shop එක තියෙන්නේ.

15) මාෂිත් එක්ක Shop එකේ කී දෙනෙක් වැඩ කරනවද?

මම විතරයි වැඩ කරන්නේ. මම කැමති තනියම වැඩ කරන්න.වැඩ වැඩිවෙන දවසට මගෙ Husband තමයි මට උදව් කරන්නේ.

16) මාෂි ළඟට Tattoo එකක් කරගන්න එනවා නම් කොහොමද Appointment එකක් දාන්න පුළුවන් ?

මම තනියම Tattoos කරන නිසා අනිවාර්යෙන්ම එන්න කලින් 0704436728 Call එකක් දීලා වෙලාවක් වෙන්කරගන්න වෙනවා.

Facebook – Click Here

Instagram – Click Here

Share