“මම හදපු කාඩ් එකක් ආයෙමත් හදන්නෙ නැහැ” – මලීන්ද්‍රි



අලුත් විදියට හිතුවොත් තමයි ඕනම බිස්නස් එකක් සාර්ථක වෙන්නේ. ඉතින් අපි හැමෝම දන්නා කියන Greeting Card එකට අලුත් වෙනසක් එක් කරන “Eco Gallery” ගැන මලීන්ද්‍රි එක්ක තමයි අද කථා කරන්නේ.

01) “Eco_Gallery ” කියන්නේ මොකක්ද කියලා මුලින්ම කියන්නකෝ

Eco Gallery කියන්නෙ ඕනම උත්සවයකට Greeting Card එකක් තමන් කැමති විශේෂ විදිහකට හදාගන්න පුළුවන් තැනක්.

02)මේ අපි හැමෝම දන්න දෙයක් වුනත් මලීන්ද්‍රි කොහොමද මේකට විශේෂත්වයක් එකතු කලේ?

මම හදන Cards හැම එකක්ම එකින් එකට විශේෂයි. මොකද මම ඒවා හදන්නෙ මගෙන් Card එක Order කරන කෙනාගෙ විශේෂ කෙනෙක්ට. ඉතින් Card වලට පොඩි පොඩි විශේෂ දේවල් එකතු කරලා තමයි හදන්නෙ. මම හදපු කාඩ් එකක් ආයෙමත් හදන්නෙ නැහැ. ආයෙමත් හදන්නේ අලුත් විදිහට හිතලා අලුත්ම එකක්.

03)බිස්නස් එක පටන් ගන්නකොට ලැබුනු ප්‍රතිචාර කොහොමද?

බිස්නස් එක පටන් ගත්තෙ නම් මම hobby එකක් විදිහට. ප්‍රතිචාර ගොඩක් හම්බුනේ පවුලේ අයගෙනුයි,යාලුවොන්ගෙනුයි. ඊට පස්සේ Facebook Page එකෙයි Instagram එකෙයි Photos දැකලා ගොඩක් අයගෙන් හොඳ ප්‍රතිචාර ලැබුනා.

04) Eco_Gallery එකෙන් Card එකක් ගන්නකොට මොනවද ලැබෙන වාසි?

“Eco Gallery” එකෙන් Card එකක් order කරනකොට තමන් කැමති විදිහට කතා බහ කරගෙන Card එකක් හදාගන්න පුළුවන්. තමන්ගේ කෙනෙක් Surprise කරන්න ඕනෙ නම් මම Card එක ඒ කෙනාට ඕන විදිහට ඒක හදලා Card එක ලැබෙන්න ඕනෙ කෙනාට යවනවා. කඩෙන් ගන්න ගියොත් තියෙන එකක් තමයි ගන්න වෙන්නෙ.

05)මේ වගේ බිස්නස් එකකට වෙලාව වෙන්කරගන්න එක මලීන්ද්‍රිට ප්‍රශ්නයක් වුනේ නැද්ද?

මම Card හදන්න පටන් ගත්තම සමහර වෙලාවට කන්න බොන්නත් අමතක වෙනවා. සමහර කාඩ් හදනකොට වෙලාව යනවා දැනෙන්නෙත් නැහැ.

06) Greeting Cards වලට අමතරව මලීන්ද්‍රි තවත් නිර්මාණ කරනවද?

මම වැඩිපුර හදන්නේ Greeting Cards තමයි. ඒ වගේම gift boxes, pom poms සහ Buntings වගේ දේවල් හදනවා.

07) වැඩි වෙලාවක් අරගෙන කරපු නිර්මාණයක් තියෙනවද?

එහෙම කීපයක්ම තියෙනවා. ගොඩක් වෙලාවට Card එකක් හදනකොට කොහොමත් මම වෙලාවක් ගන්නවා. පාට ගලපන්න, Design එක ගැන හිතන්න, ඕනෙ දේවල් කපාගන්න. ඒ විදිහට තමයි ලස්සන Card එකක් හැදෙන්නෙ.

08) මලීන්ද්‍රිට orders එහෙම ගොඩක් ලැබෙනවා ඇති නේද?

ඔව් ඒකෙන් නම් අඩුවක් නැහැ.

09)ගෙදරින් මේ වැඩවලට ලැබෙන සහයෝගය ගැනත් මතක් කරමු.

ගෙදරින් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. මගෙ sister-in-law ව විශේෂයෙන් මතක් කරන්න ඕනෙ. මේ වෙලාවේ එයා ඉන්නෙ ඇමරිකාවෙ. ඒ වගෙම මගෙ husband, father-in-law, mother-in-law වගේම මගෙ අම්මයි නංගියි දෙන්නම ගොඩක් උදව් කරනවා.

10)මලීන්ද්‍රි ආසවෙන් හදපු Card තියෙනවද?

මම හැම Card එකක්ම හදන්නෙ ගොඩක් ආසාවෙන්. ඒ අතරින් හැදුවට පස්සෙ දෙන්න ලෝබ හිතුන Card කීපයකුත් තිබුනා.

11) මලීන්ද්‍රි එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් විදිහ ගැනත් මතක් කරමු.

0779950744 අංකයෙන් WhatsApp මගින් සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම Facebook  සහ Instagram මගින් සම්බන්ධ වෙන්නත් පුළුවන්.

Facebook – Click Here

Instagram – Click Here

Share