“මම මේ බිස්නස් එක කරන්නේ O/L කාලේ ඉඳලා” – දිලේන්ද්‍රි



හිතේ තියෙන කැමතිම හීන හිර කරගෙන ඉන්නෙ නැතිව ඒ හීනවලට නිදහසේ පියාඹන්න දෙන අය ගොඩක් අඩුයි. උසස් අධ්‍යාපන කටයුතු කරන ගමන් බිස්නස් එකක් පටන් ගන්න ඕන කියලා කෙනෙක්ට හිතෙන්නෙ ගොඩක් කලාතුරකින්. ඒ වුනත් දිලේන්ද්‍රි පෙරේරා ඒ අභියෝගයට මුහුණ දෙන්නේ ගොඩක් ලොකු සතුටකින්. ඒ නිසාම ඉගෙන ගන්න ගමන්ම හැමෝටම රස බලන්න පුළුවන් කෑම හදන “Nain Delights” බිස්නස් එක පටන් ගන්න හිතුවේ ඒ නිසයි. ඉතින් අපි දිලේන්ද්‍රි එක්ක ඒ ගැන කථා කරමු.

01) මුලින්ම දිලේන්ද්‍රි ගැන විස්තර ටිකක් කියමු නේද?

මගේ නම දැන් ඉතින් දන්නවනේ. මගේ වයස අවුරුදු 20 යි. මම ඉගෙන ගත්තේ කොළඹ, St.Bridget’s Convent එකේ. මේ වෙනකොට මම ICBT එකේ Business management Degree එකක් කරනවා.

02) කොහොමද “Nain Delights” පටන් ගත්තේ?

මුලින්ම මගේ අක්කා අපි හදන එක එක කෑම එයාගේ Instagram එකේ post කළා. පස්සේ එයා වෙනම profile එකක් හැදුවා අපේ අම්මා අපේ birthdaysවලට හදන හදන බේක් ආහාරවල photos දාන්න. Nain Delights කියන නම දැම්මෙත් පස්සේ. මුලින්ම Instagram profile එකේ නම වුණේ තිබුණේ Cakery2. ඊට පස්සේ ඒවා දැකලා අපේ යාළුවොන්ගෙන් සහ අඳුරන අයගෙන් orders ආවා. ඉතින් අපි හිතුවා business එකක් විදියට කලා නම් හොඳයි කියලා. අම්මා තමයි මට මේ දේවල් මුලින්ම කියලා දුන්නේ. පස්සේ මම ඒ දේවල්වලට අලුත් අලුත් දේවල් එකතු කරලා කෑම හැදුවා.

03) Nain Delights කියන නම ලැබුනෙ කොහොමද?

‘Nain’ කියන එක ගත්තේ bible එකෙන්. ඒකේ තියෙන්නේ ලස්සන, ආදරණීය, සුමට කියන අදහස. ඒ වගේම ‘Delights’ කියන්නේ customer ට ලැබෙන සතුට. ඉතින් ඒ අදහස එකතු කරලා තමයි මේ නම දැම්මේ.

04) දිලේන්ද්‍රි මේ ගැන ඉගෙන ගෙනත් තියෙනවා නේද?

ඔව්, මම O/L කරන කාලේදි cakes සහ cake decorating ගැන මස 06 ක course එකක් කළා. ඉතින් මුල් කාලේදී Nain Delights එකෙන් කළේ birthdays lවලට fondant cakes. ඊට පස්සේ තමයි අපි party delights, Sweet delights වගේ cookies brownies හදන්න පටන් ගත්තේ.

05) “Nain Delights” එකෙන් වැඩියෙන්ම Order කරන්නේ මොන වගේ දේවල්ද?

මගේ අම්මාගේ recipe එකට හදන butter cake එකට ගොඩක් අය කැමතියි. Brownies සහ cookies ඇරුණම අපි හදන කේක්වලට ගොඩක් කැමතියි.

06) Studies වලටයි බිස්නස් එකකටයි කොහොමද වෙලාව හදාගන්නේ?

මම මේ බිස්නස් එකට එකතු වුණේ මම O/L කරන කාලේ ඉඳලා. ඉතින් ඒ නිසා මං ඒ කාලේ ඉඳලම වෙලාව manage කරගන්න ඉගෙන ගත්තා. මම මගේ orders ඔක්කොම හදලා ඉවර කරනවා lecturers වලට කලින්. ඒ වගේම මගේ assignments වලට වෙලාව නැත්නම් මම රෑ වෙනකන් ඉඳලා මගේ වැඩ ටික ඉවර කරනවා.

07) ගෙදරින් කට්ටිය ගැනත් කියමු නේද?

ගෙදරින් මට ලොකු support එකක් ලැබෙනවා. මගේ orders ඉවර කරගන්න මට ගොඩක් උදව් කරනවා. ඉතින් ඒ හැමදේම වෙනුවෙන් මගේ අම්මටයි තාත්තාටයි අක්කටයි නංගිටයි ගොඩක් ස්තූති වෙනවා.

08) ලැබුණු හොඳම Comment එක මොකක්ද?

මට ගොඩක් හොඳ comments ලැබෙනවා. ඒ වගේම මම නරක feedback එකක් වුණත් ආදරෙන් බාර ගන්නවා. මොකද මට මගේ වැරදි අඩුපාඩු හදාගන්න පුළුවන්. ඉතින් ලැබුණු හොඳම comment එක තමයි, ” මම ඔයාගේ කේක්වලට පිස්සු වැටිලා ඉන්නේ”.

10) Nain Delights එකට අලුතින් එකතුවෙන කෑම තියෙනවද?

මම හැම මාසෙම අලුත් දේවල් එකතු කරනවා. අන්තිමට මම එකතු කරපු දේ තමයි ‘Whoopie Pie’.

11) Nain Delights order කරන්න පුළුවන් මොන ප්‍රදේශවලටද?

අපි කොළඹ, රාජගිරිය, වත්තල සහ තවත් ප්‍රදේශවලට deliver කරනවා.

12) Nain Delights එකෙන් රසම රස කෑම Order කරන විදිහ ගැනත් කියමු නේද?

අපේ Instagram page එකෙන් සහ Facebook page එකෙන් order කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් 0768868698 ට WhatsApp කරන්නත් පුළුවන්.

Instagram – Click Here

Facebook – Click Here

ඉතින් අපි දිලේන්ද්‍රිට මේ හැමදේම සාර්ථකව කරගෙන යන්න සුබ පතනවා. ඒ වගේම Nain Delights එකේ රස ගැන ඔන්න අපිත් recommend කරනවා.

 

Share