‘මණ්ඩල‘ කියලා තමයි මේ art එකට කියන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ ‘රවුම‘



හිතලා කරන දේවල්වලට වඩා නොහිතන වෙලාවක අපි කරන දේවල්වලින් අපිව ගොඩක් දුර අරන් යනවා කියන එක පුදුම හිතෙන දෙයක් වුනත් නිලූ අල්විස්ගේ බිස්නස් එක පටන් ගන්නෙම නොහිතන වෙලාවක. ඒ ගැන නිලූ අපිත් එක්ක කිව්වේ මෙහෙමයි.

01) මොකක්ද මේ මණ්ඩල නිර්මාණයක් කියන්නේ?

‘මණ්ඩල‘ කියලා තමයි මේ art එකට කියන්නේ. මණ්ඩල කියන්නේ සංස්කෘතික වචනයක්. ඒකෙන් අදහස් වෙන්නේ ‘රවුම‘ කියන එක. හින්දු සහ බෞද්ධ ආගම්වල, අධ්‍යාත්මය සහ අභිචාර සංකේතවත් කරනවා මණ්ඩලවලින්. ඒ වගේම මණ්ඩල කියන්නේ එක්තරා අකාරයක භාවනාවක්. මණ්ඩලයක් නිර්මාණය කරනවා කියන්නේ හරියට අපි ඇස් දෙක පියන් කරන භාවනාවක් වගේ. භාවනාවකින් වෙන්නේ මොකද්ද ඒ හා සමාන සුවයක් සනීපයක් සිත එක් තැන් වීමක් වෙනවා. විශේෂයෙන්ම අපේ අවධානය තියෙන්න ඕන ඒ නිර්මාණය කරන මණ්ඩලයට විතරයි.

02) මේ නිර්මාණවලින් Online Business එකක් පටන් ගන්න විශේෂ හේතුවක් තිබුනද?

විශේෂ හේතුවක් තිබ්බේ නෑ. ඒත් මගේ යාළුවෝ ගොඩක් push කලා online business එකක් පටන් ගන්න කියලා. ඒ නිසාම හිතුවා බිස්නස් එකක් පටන් ගන්නවා කියලා. මේ වෙද්දී මගේ Instagram Page (Mandala Boutique ) එකේ මෙතෙක් කල් ඇඳපු නිර්මාණ තියෙනවා. ඒ වගේම ඉල්ලුම් කරන ඕනම ආකාරයේ මණ්ඩල නිර්මාණ කරලා දෙන්නත් පුලුවන්.

03) නිලූ Art එක කරන්න කොයිතරම් කාලයක් ගත කරනවද?

ඒක තීරණය වෙන්නේ මං නිර්මාණය කරන්න ගන්න මණ්ඩලය මත. ඒත් පොඩි මණ්ඩලයකට වුනත් මං දින 2 ක් ගන්න වෙලාවලුත් තියෙනවා. ලොකු නිර්මාණයක් නම් දවස් 3,4 ක් උපරිම සතියක් ගන්නවා.

04) මේ වගේ නිර්මණයක් කරන්න හැකියාව වගේම ඉවසීමත් තියෙන්න ඕනෙ නේද?

හැමෝටම හිතෙන්නේ එහෙම තමයි. ඒත් මං ගැන දන්න කෙනෙක් අදටත් පුදුම වෙන්නේ මං කොහොමද එච්චර ඉවසීමෙන් ඒ චිත්‍ර අඳින්නේ කියලා. මණ්ඩල අඳින එක භාවනාවක්. සිත එක්තැන් වීමක් තමයි සිද්ද වෙන්නේ මගේ ඉවසීමටත් වැඩියෙන්. මණ්ඩලයක් ගොඩනගද්දී මගේ ඔලුවට වෙන වෙන දේවල් එන්නේ නෑ. කිසිම ආතතියක්, ප්‍රශ්නයක්, දුකක්, දැනෙන්නේ නෑ. මං මේක හැකියාවක් තියෙනවා කියලා හිතන් කරන් යන දෙයක් නෙමෙයි. මං මුලින්ම මණ්ඩලයක් නිර්මාණය කලේ 2015. ඒකත් campus එකේ lecturer එකකදි.මං දැනන් හිටියේ නෑ මේ අඳින්නේ ‘මණ්ඩලයක්‘ කියලා. කම්මැලිකම සහ ආතතිය මග හරවා ගන්න එක තමා මගේ එකම අරමුණ වුනේ. ඒත් දවසක් මං අහම්බෙන් වගේ pinterest app එකේ දැක්කා මං ඇඳලා තිබ්බ ජාතියේම තවත් නිර්මාණ. ඒ වෙලාවේ තමා මං දැන ගත්තේ මං නිර්මාණය කරන්නේ art වර්ගයක් කියලා. පස්සේ ඒක ගැන මං study කලා…ඇත්තටම මේක අහම්බයක්. අහම්බෙන් ආව හැකියාවක්.

05) මුලින්ම ඔයාගෙ Art එකට ලැබුන Comment එක මතකද?

ඔව්. මං මුල් කාලේ අඳින සෑම drawing එකක්ම පෙන්නුවේ මගේ හොඳම යාලුවට. වැඩි දෙනෙක් දැනන් හිටියේ නෑ. දැනන් හිටිය ටික දෙනා නම් මට පුදුම support එකක් දුන්නේ. මේ ගමන එන්න වගේම අදටත් එහෙමයි. දැන් නම් මාත් එක්ක ඉන්න අය ගොඩයි. ඒ හැම එක්කෙනාම වචනෙකින් හරි මාව ගොඩක් දිරිමත් කරනවා. ඒක ගොඩක් වටිනවා මට.

06) මේ නිර්මාණයට යොදාගන්න විශේෂ දේවල් තියනවද?

මණ්ඩල නිර්මාණයේදී කියලා විශේෂයෙන් යොදා ගන්න දෙයක් නෑ. ඕන වෙන්නේ අඩිරූලයි, කවකට්ටයි, පැන්සලයි විතරයි. ඊට පස්සේ ඒක තවත් ලස්සන කරන්න දේවල් ටිකක් ඕන වෙනවා.

07) ගෙදර අයගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?

අම්මගෙයි තාත්තගෙයි නංගිගෙයි මගේ fiance ගෙයි support එක ඉස්සර ඉඳන්ම ඒ විදිහටම තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනා මගේ fiance ගෙන් ලැබෙන සහයෝගය මට ගොඩක් වටිනවා. එයා කලාවට ගොඩක් ආස කෙනෙක්. ඒ නිසා එයා දන්නවා මගේ drawingsවල තියෙන වටිනාකම. මට ඒ චිත්‍රවලට ඕන නිදහස සහ කාලය එයා දෙනවා.

08)මේ දේ වෘත්තීයක් විදිහට කරන්න ද කැමති?

නැහැ, හැබැයි මට ඕනා මගේ නිදහස් කාලේ පමණක් මේ වෙනුවෙන් යොදවන්න. වෘත්තීය විදිහට නම් නීති වෘත්තියේම ඉන්න ආසයි. බාහිර ලෝකෙන් මිදෙන්න ආතති වලින් මිදෙන්න මං හොයාගත්ත මාර්ගය නිසා මං ආස මේ දේ ඒ අරමුණ සහ ඒ නිර්මාණ අගය කරන ඉල්ලන අය වෙනුවෙන් පමනක් කැප කරන්න.

09) මුලින්ම මේ වගේ නිර්මාණ කරන්න යොමු වුනේ කාලයේ මුහුණ දීපු අභියෝග ඇති?

අභියෝගයක් වුනේ කාලය සහ මගේ උසස් අධ්‍යාපනය. දැන් නම් යම් තාක් දුරකට නිදහස්. ඒත් කඩින් කඩ විභාග එනවා. නමුත් නොකඩවා ඉස්සරහට කරන් යන්න තමා එකම අරමුණ.

10) නිලූට තියෙන future plans ගැනත් කියමු

මණ්ඩල නිර්මාණකරණයෙන් ඉදිරියට යන්න සහ අළුත් නිර්මාණ එළිදැක්වීමටත් සහ විශේෂයෙන්ම මේ පිළිබඳව සැලකිල්ලක් දක්වන ඕනම කෙනෙක්ට මේ art එක කියලා දෙන්නත් මගේම කියලා gallery එකක් open කරන්නත් අසාවෙන් ඉන්නවා.

11) මණ්ඩලවලට කැමති කෙනෙක්ට නිලූව සම්බන්ධ කරගන්න පුළුවන් විදිහ ගැනත් කියමු නේද?

මගෙ ෆේස්බුක් පිටුව Mandala Boutique ඒ වගේම Instagram හරහාත් මාව සම්බන්ධ කරගන්න පුළුවන්. මගේ දුරකථන අංකයට 071 391 6819 ඇමතුමක් දීලා සම්බන්ධ වෙන්නත් පුළුවන්.

 

Facebook: Click Here 

Instagram: Click Here

 

Share