පොඩ්ඩන්ගේ පොඩි පොඩි බඩු රෙන්ට් එකට දෙන, පොඩි කඩේ



ඔබ සතියකට දෙකකට ලංකාවට ආවා කියලා හිතන්න. ඉතින් ඔබේ පොඩ්ඩන්ට car seat එකක් ඕන වුණොත් සල්ලි වලටම ගන්න එක අපරාදේ නේද? ඒ වගේම ඔබ ලොකු දිග ට්‍රිප් එක්ක යන වෙලාවට ඕන වෙන පොඩ්ඩන්ගේ ගෝ කාට් වගේ දේවල් සල්ලි දීලාම අරගෙන වැඩක් නෑ නේද? ඉතින් මේ වගේ අවස්ථාවන්වලට ඔබ ගොඩක් වෙලාවට මුහුණ දීලා ඇති. හැබැයි විසඳුමක් නම් හම්බුණේ නෑ නේද ඔන්න lunu.lk අපි හොයා ගත්තා ඒකට විසඳුමක් තියෙන තැනක්. ඒ තමයි ශලිනි ජෝතිරාජා ගේ “පොඩි කඩේ”. මෙතනින් පොඩ්ඩන්ට ඕන උපකරණ රෙන්ට් එකට ගන්න ඔබට පුළුවන්. ඉතින් අපි ශලිනි එක්ක “පොඩි කඩේ” ගැන කථා කරමු.

ඉතින් ශලිනි කොහොමද මේ “පොඩි කඩේ” අදහස ආවේ?

මට පුතා ලැබෙන්න අපු දවස්වල ඉඳලම මම බිස්නස් එකක් කලා. ඒ 2014 දී. හැබැයි මම “පොඩි කඩේ” පටන් ගන්නේ 2017දී. මට මේ අදහස ආවේ ගොඩක් අම්මලාගේ මේ වගේ දේකට තිබුණු ඉල්ලුමත් එක්ක. මොකද මට දැනුණු දෙයක් තමයි ගොඩක් අම්මලට ඕන වුණේ නෑ ටික කාලෙකට මේ වගේ බඩු ගන්න. මොකද මේවා ටිකක් ගණන්. ඒ වගේම ඉතින් බබාලට හැමදාම පාවිච්චි කරන්නත් බෑ නේ. ඉතින් අපි “පොඩි කඩේ” පටන් ගත්තා. ඇත්තටම පොඩි කඩේ කියන්නේ ෆැමිලි බිස්නස් එකක්. මමයි මගේ ෆැමිලි එකයි තමයි මේක කරන්නේ. ඒ වගේම අපි ළග travel cribs, strollers, car seats වගේ ප්‍රඩක්ට් රේන්ජ් එකක්ම තියෙනවා.

“පොඩි කඩේ” කොහොමද සුවිශේෂී වෙන්නේ?

පොඩි කඩේ තියෙන සුවිශේෂත්වය තමයි මේ හැම ප්‍රඩක්ට් එක්කම ගොඩක් ප්‍රසිද්ධ ඉන්ටනැෂනල් බ්‍රෑන්ඩ්ස්.ඒ වගේම හිතා ගන්නවත් බැරි තරම් අඩුවට තමයි අපි දෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕන අපේ හැම ප්‍රඩක්ට් එකකම පිරිසිදුකම ගැන අපි වෙන වෙනම විශේෂයෙන්ම බලනවා.

ශලිනි කවදාහරි හිතුවද මේ වගේ ව්‍යාපාරික කාන්තාවක් වෙයි කියල?

ඇත්තටම මට කවදාවත් එහෙම දෙයක් හිතිලා තුබුණේ නෑ. මොකද මං මගේ සම්පුර්ණම කාලේ  වැය කලේ මගේ ජොබ් එකට. මම ඩිසයිනර් කෙනෙක්. “පොඩි කඩේ” මං අමතරව කරපු දෙයක් විතරයි. ඒත්  දැන් මම හරිම සතුටුයි මේක පටන් ගත්ත එකට.

මොනවද “පොඩි කඩේ” ට ආපු ප්‍රශ්න එහෙම?

ගොඩක් ප්‍රශ්න තිබුණා. මට ආපු ප්‍රශ්න ගැන පොතක් ලියන්න පුළුවන්. වැඩියෙන්ම සීසන් දවස්වලට කට්ටිය කලින් බුක් කරලා පස්සේ අන්තිම දවසේදී order එක කැන්සල් කරනවා.

අමතක නොවෙන අත්දැකීම් එහෙමත් ඇති නේද?

ඇත්තටම “පොඩි කඩේ” කියන්නෙම මට අමතක නොවන දෙයක්. වැඩියෙන්ම ක්ලයන්ට්ස්ලා දෙන හොඳ ප්‍රතිචාර තමයි මට කවදාවත් අමතක වෙන්නේ නැත්තේ. ඒ වගේම මම බබාලට හරිම ආසයි. ඉතින් හැමදාම හරිම හුරතල් බබාලා ගොඩක් මට හමුවෙනවා.

එතකොට මේ ඔක්කොම එක්ක ජොබ් එකට මොකද වෙන්නේ?

මම කලින් කිව්වා වගේම මම ලංකාවේ ප්‍රසිද්ධ කම්පැනි එකක ඩිසයිනර් කෙනෙක් විදියට වැඩ කරන්නේ. ඒ වගේම “පොඩි කඩේ” කියන්නේ ඔන්ලයින් බිස්නස් එකක්. ඉතින් මට ජොබ් එකට කරදරයක් නෑ. ඒ වගේම මම මගේ ක්ලයන්ට්ස්ලා මීට් වෙන්නේ ඔෆිස් ටයිම් එකෙන් පස්සේ.

ජොබ් එකත් එක්ක බිස්නස් එකක් පටන් ගන්න කෙනෙක්ට මොනවද කියන්න තියෙන්නේ?

ඇත්තටම හැමදෙයක්ම මැනේජ් කරගන්න එක තමයි වැදගත්. ජොබ් එකයි බිස්නස් එකයි පටලව ගන්න එපා.

“පොඩි කඩේ” එක්ක ඉස්සරහට තියෙන ප්‍ලෑන්ස් මොනවද?

දවසින් දවස මේ දේට තියෙන ඉල්ලුම වැඩියි. ඉතින් “පොඩි කඩේ” අපිත් ටික ටික ලොකු වෙයි ඒ ඉල්ලුමට හරියන්න.

ඉතින් ඔබටත් “පොඩි කඩේ” එක්ක ඔබේ පොඩ්ඩන්ට අවශ්‍ය පොඩි පොඩි බඩු රෙන්ට් කරගන්න පුළුවන්. වැඩි විස්තර දැනගන්න “පොඩි කඩේ” ෆේස්බුක් පිටුවට එන්න.

Share