පුංචි වුණාට ලොකු වැඩක් කරන රිශ්මාගේ Soap StoRIS



බිස්නස් එකක් පටන් ගන්න වයසක් තියෙනවද? නෑ එහෙම නෑ. ඒකට  ඕන වෙන්නේ අලුත් අදහසකුයි ශක්තිමත් හිතකුයි විතරයි. අද lunu.lk අපි කථා කරන්න යන්නේ අන්න ඒ වගේ ශක්තිමත් හිතක් තියෙන පුංචි ගෑණු ළමයෙක් පටන් ගත්ත හරි අපූරු බිස්නස් එකක් ගැන. මෙයා තමයි රිෂ්මා. රිෂ්මාට තාම වයස අවුරුදු 16 යි. හැබැයි හිත නම් පුංචි නෑ. ඉතින් අපි රිෂ්මාගේ අම්මා රුසේකා එක්ක කථා කරමු රිෂ්මාගේ මේ අලුත් වැඩේ ගැන.
 

අපි මුලින්ම කියමු මොකක්ද මේ රිෂ්මාගේ බිස්නස් එක කියලා

බිස්නස් එකේ නම තමයි සෝප්ස්ටෝරීස් (Soap StoRIS). මේකේ තියෙන්නේ hand-made soaps. ගිය අවුරුද්දේ අගෝස්තු තමයි පටන් ගත්තේ
 

Soap StoRIS කියන නමට හරි ලස්සන තේරුමකුත් තියෙනවා නේද?

ඔව් ඔව්… දුවම තමයි මේ නම දැම්මේ. එයාගේ නමේ කොටසකුත් එක් කරලා තමයි නම හැදුවේ. ඒ වගේම මේකේ තේරුම තමයි soap එකකින් පටන් ගන්න කථාව කියන එක. හරියට love story එකක් වගේ.
 

මොනවද Soap StoRIS එකේ තියෙන ප්‍රඩක්ට්ස්?

හෑන්ඩ්මේඩ් සෝප්, බොඩි ස්ක්‍රබ්ස්, ෆුට් ස්ක්‍රබ්ස් ෆුට්, බාත් බොම්බ්ස්, ලිප් ස්ක්‍රබ්ස්. ඒ වගේම ගිෆ්ට් පැක්ස් කස්ටමයිස් කරලා හදාගන්න පුළුවන්. මේ හැමදෙයක්ම සම්පූර්ණ නැචුරල්. ඒ වගේම අපි එක එක අලුත් අලුත් ingredients මික්ස් කරලා අලුත් අලුත් products හදනවා. 

වැඩිපුරම කට්ටිය කැමති මොන ප්‍රඩක්ට් එකටද?

හෑන්ඩ්මේඩ් සෝප් එකට ගොඩක් අය කැමතියි. ගොඩක් අය අපේ ප්‍රඩක්ට්ස්වල තියෙන නැචුරල් සුවඳට ආසයි.
 

රිෂ්මාට කොහොමද මේ අදහස ආවේ?

එයාට අවුරුදු 11 ඉඳලම හරි ආසයි එක එක දේවල් හදලා මූණේ ගාන්න. ඉතින් හිතට හිතෙන ඕනම එළවලුවක් පළතුරක් එකතු කර කර එයා එක එකේවා හැදුවා. එහෙම නැත්නම් YouTube  එකෙන් බල බල හදනවා. එයාගෙම රෙසිපීස් තමයි ඒවා.

හැබැයි ඉතින් මේ රෙසිපීස් හින්දා ගෙදර අයට නම් ලේසි වුණේ නෑ නේද?

අම්මෝ ඔව්… මට නිදාගන්න විදියක් නෑ නැගිටිනකොට මගේ මූණේ මොනවාහරි ගාලා. එපා කියලා කොච්චර බැන්නත් ඉතින් වැඩක් වුණේ නෑ

ඔන්න දවසක් එයාට මේ වැඩේට හරියටම හරියන කෙනා හම්බුණා නේද?

ඔව් ඔව් අපි දවසක් abroad ගිය වෙලාවක එයාට හම්බුණා ලේඩි කෙනෙක්. එයා හෑන්ඩ්මේඩ් බියුටි ප්‍රඩක්ට්ස් හදනවා. ඉතින් දුවට අවස්ථාවක් ලැබුණා ඒ ලේඩිගෙන් මේ දේවල් ඉගෙන ගන්න. 
 

ඊට පස්සේ ගෙදර ඇවිත් තමයි වැඩේ පටන් ගත්තේ නේද?

ඔව් ඒ ලේඩිගෙන් මූලික ටික ඉගෙන ගත්තා. ඒත් ඒකේ ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. මොකද මේකේ ටෙක්නිකල් පැත්තකුත් තියෙනවනේ. ඉතින් හරි වෙලාවට කූල් කරන්න  ඕන. හරි වෙලාට හීට් කරන්න  ඕන. ඉතින් ඒ පැත්තට මං එයාට උදව් කළා. මං දන්න අයගෙන් අහගෙන සහ වීඩියෝස් බලබල අපි හොයා ගත්තා කොහොමද ඒ දේවල් කරන්නේ කියලා.

මුල් කාලේ මොනවද ආපු ප්‍රශ්න?

මුල්ම කාලේ ප්‍රශ්න ගොඩක් තිබුණා. අපිට අමු ද්‍රව්‍ය හොයා ගන්න අමාරු වුණා. ඒ වගේම පොඩි ළමයෙක් කරන නිසා කට්ටිය ගන්න බය වුණා. ඒ වගේම අපිට එක එක ප්‍රඩක්ට්ස් හදාගෙන යනකොට එන ප්‍රශ්නවලට උත්තර දෙන්නත් අර ලේඩි පස්සේ පස්සේ කැමති වුණේ නෑ. ටෙක්නිකල් ඉෂූස් එහෙමත් ආවා.

අපිට ප්‍රශ්න එනකොට ඉස්සරහට එන්නේ අම්මා කියනවානේ. ඉතින් මේ කථාවෙත් ඔබ තමයි ඉස්සරහට ආවේ ඔබ නේද?

ඔව් කට්ටිය ගන්න බය වෙනකොට මං මගේ යාළුවන්ට  කිව්වා උදව් කරන්න කියලා. මොකද මේ වෙනකොට මටත් නැචුරල් ප්‍රඩක්ට්ස්වලට සම්බන්ධ වුණු පොඩි බිස්නස් එකක් තිබුණා. ඉතින් මං ඒකේ තිබුණු හඳුනුකම්නුත් දුවගේ බිස්නස් එකට සම්බන්ධ කරගත්තා. ඒ වගේම ඉන්ස්ටර්ග්‍රෑම් එකවුන්ට් එකක් හදලා ප්‍රඩක්ට්ස් ගත්ත අයගේ reviews දැම්මා. මෙහෙම යනකොට කට්ටිය ටික ටික වැඩි වුණා.

 

 

 

 

මේ ඔක්කොම එක්ක රිෂ්මාට ඔබ හරි ලස්සන උපදෙසක් දුන්නා නේද?

මං දුවගෙන් ඇහුවේ එකම දෙයයි ඔයා කැමතිද ඔයාගේ ස්කින් එකට unhealthy දෙයක් දාන්න. නෑ නේද? අන්න ඒ වගේ තමයි කවුරුත් කැමති නෑ. ඉතින් මතක කියාගන්න ඔයාගේ හැම ප්‍රඩක්ට් එකක්ම නැචුරල් වෙන්න  ඕන ඒ වගේම හමට සුදුසු වෙන්න  ඕන කියලා

කවුද මේ අලුත් අලුත් ප්‍රඩක්ට්ස් හොයා ගන්නේ ?

දුව තමයි මේ ඔක්කොම ඒවා හොයා ගන්නේ… අපි ඉතින් උදව් කරනවා ෆේස්බුක් ඉන්ස්ටර්ග්‍රෑම් ප්‍රොමෝෂන් පැත්තෙන්. හැබැයි ඔක්කොම ෆොටෝස් ගන්නෙත් එයාමයි.

කවුද මේ අපි කියලත් කියමු නේද?

එයාගේ සීයා ඒ කියන්නේ මගේ තාත්තා තමයි එයාට අවශ්‍ය බඩු ගෙනල්ලා උදව් කරන්නේ.  එයාගේ තාත්තාත් එයාව දිරිමත් කරනවා. ඒ වගේම එයාගේ නැන්ද කෙනෙක් ඉන්නවා පිටරට ඉතින් එයත් එක එක බඩු එවලා උදව් කරනවා.

හිටපු ගමන් සීයාට හරි හරි වැඩ වෙනවලු නේද?

ඔව් ඔව් අපිට තාම මෝල්ඩ්ස් එහෙම මදි නිසා එකක් හදපු ගමන් ඒ මෝල්ඩ්ස් හෝදන්න  ඕන. ඔන්න ඉතින් මම සමහර වෙලාවට හෝදන එක මග හැරලා යනවා. රිෂ්මා කොහොමහරි කරලා සීයව මේ වැඩේට අල්ලගන්නවා.

රිෂ්මා තාම ඉගෙන ගන්නවා නේ ඉතින් එයාට මේ දේවල්වලට වෙලාව තියෙනවද?

අපි ආස දෙයක් නම් කරන්නේ අපි ඒ දේට කොහොමහරි වෙලාව හොයා ගන්නවනේ. රිෂ්මත් එහෙමයි එයා ඉගෙන ගන්න එකටයි මේකටයි තියෙන වෙලාව බැලන්ස් කරගන්නවා.
 

රිෂ්මා පොඩි කාලේම බිස්නස් එකක් කරන එක ගැන මොකද හිතන්නේ?

ඇත්තටම සතුටයි ආඩම්බරයයි දෙකම තියෙනවා. මොකද කවදහරි එයාට එයාගෙම කියලා දෙයක් තියෙනවා. අනිත් එක එයාට ඒක ගෙදර ඉඳන්ම වුණත් කරන්න පුළුවන් දෙයක්.

ඒ වගේම තවත් බලාපොරොත්තුවක් තියෙනවා නේද?

ඔව්. තවත් හතර පස්දෙනෙක්ටවත් මේකෙන් රැකියාවක් හැදෙනවා නම් ඒකට කැමතියි.

අම්මා කෙනෙක් විදියට මොනවද කියන්න තියෙන්නේ?

ඇත්තටම මට ඉස්සර ගොඩක් දේවල් කරන්න ආසාව තිබුණා. හැබැයි මට ඒකට අවස්ථාවක් ලැබුණේ නෑ. ඉතින් මගේ දුව මේ වගේ දෙයක් කරන්න ආස වුණාම මං හරිම ආසාවෙන් ඒකට උදව් කළා. අම්මා කෙනෙක් නැතුව කවුද දරුවෙක්ගේ හීනෙකට උදව් කරන්නේ නේද? ඉතින් මං කියන්නේ හැමෝටම දරුවෝ දකින හීනවලට උදව් කරන්න දවසක එයාලා ජය ගන්නවා.
 

ඉස්සරහට  Soap StoRIS එක්ක මොන වගේ අලුත් දෙයක් දකින්න පුළුවන් වෙයිද?

ඇත්තටම අපි හිතන් ඉන්නේ ඉස්සරහට අපේ ප්‍රඩක්ට්ස්වල wrapper එකට පොලිතින් ගන්නේ නැතුව පරිසර හිතකාමී දෙයක් යොදා ගන්න. 
 
Soap StoRIS එක්ක සම්බන්ධ වෙන්න 
Call / Whats App – 077 733 5553

Share