තෑග්ගක් දෙන්න හිතේ තියෙනවා නම් මෙන්න ඒකට තැන



කොරෝනා  වසංගතය අපිව මාස 3 කටත් වැඩියෙන් ගෙදරටම කොටු කරලා තිබ්බා. ඒත් එකෙන් ගොඩක් හොඳ දේවලුත් වුණා. සමහරු ගෙවතු වගා පටන් ගත්තා. සමහරු ව්‍යායාමවලට යොමු වුණා. ඒ වගේම තවත් අය තමන්ගේ හීනයක් වෙලා තිබුණු බිස්නස් එකට අත ගැහුවා. අද අපි lunu.lk සමගින් කතා කරන්නේ අන්න ඒ වගේ බිස්නස් එකක් ගැන. ඒ තමයි “සමරු”.

01. ඉතින් මොකක්ද මේ සමරු කියන්නේ ?

සමරු කියන්නේ online gift shop එකක්. අපි ඕනම කෙනෙක්ට ගැළපෙන විදියට gift boxes හදනවා.

02. සමරු කියලා නම දාන්න හේතුවක් තියෙනවද?

ඔව්. මොකද අපි තෑග්ගක් දෙන්නේ සමරුවක් ඒ කියන්නේ සිහිවටනයක් විදියට. ඉතින් ඒ නිසා අපි හිතුවා සමරු කියලා දාන්න.

03. කවුද මේ අපි කියන්නේ?

අපි යාළුවෝ දෙන්නෙක් එකතු වෙලා තමයි මේ බිස්නස් එක පටන් ගත්තේ

04. සමරු පටන් ගන්නේ හිතපු නැති විදියට නේද?

මමයි මගේ යාළුවයි ගොඩක් කල් ඉඳන් හිත හිත හිටියේ මේක පටන් ගන්න. එත් අපි දෙන්නම රැකියා කරන නිසා අපිට වෙලාවක් නැති වුණා ඒ ගැන හරියට හිතන්න. ඉතින් ලොක්ඩවුන් එකත් එක්ක අපිට ඕන තරම් වෙලා තිබුණා plan කරන්න. ඉතින් අපි තවත් හිත හිත හිටියේ නෑ. පටන් ගත්තා.

05.සමරු පටන් අරන් ටික කාලයයි නේ තාම, මොකද හිතෙන්නේ ඒ ගැන?

ඔව්, සමරු පටන් අරන තාම බොහොම ටික කාලයක් වුණාට අපි හිතුවට වඩා සාර්ථකයි. අපිට සාමන්‍යයෙන් සතියකට ඕඩර්ස් 03 ක් විතර එනවා.

06. මුලින්ම ආපු gift box එක මතකද?

ඔව් ඒක chocolates gift box එකක්. Jaykishan Ravikumar තමයි ඕඩර් කළේ.

07. මේ වෙනකොට කරපු gift boxesවලින් කැමතිම එක මොකක්ද?

අපි කරන හැම box එකකටම අපි ගොඩක් ආසයි. ගොඩක් ආදරෙන් කරන්නේ. හැම box එකක්ම ඕඩර් කරන අයට ඒක එක එක විදියට වටිනවා. ඉතින් ඒ වටිනාකම අපිටත් දැනෙනවා.

08. සමරු එකෙන් මොන වගේ අවස්ථාවන්වලටද gift boxes ගන්න පුළුවන්?

තෑග්ගක් දෙන්න ඕන කියලා හිතෙන ඕනම වෙලාවක සමරු එක්ක එකතු වෙන්න පුළුවන්. corporate gift boxes වුණත් අපි කරනවා.

09. කොහොමද සමරු එක්ක එකතු වෙන්නේ?

අපේ Instagram සහ Facebook ඔස්සේ අපිත් සමග එකතු වෙන්න පුළුවන්.

10. මුහුණ දුන්නු අසීරුතා එහෙමත් තියෙන්න ඇති ?

අසීරුතා නම් තාමත් තියෙනවා මොකද අපි තාම පටන් ගත්තා විතරයි නිසා. අපි හැමවෙලාවෙම බලනවා මොනවද අලුතෙන් එකතු කරන්න පුළුවන් කියලා. ඉතින් සමහර වෙලාවට ඒ දේවල් ටිකක් ගණන් වැඩියි. ඉතින් ඒ වගේ ප්‍රශ්න එනවා. ඉතින් ඒ හැමදේම විසඳගෙන ඉස්සරහට යනවා.

11. මොනවද ඉස්සරහට තියෙන plans ?

අලුත් gift ranges දෙක තුනක් හඳුන්වා දෙන්න තියෙනවා. ඉතින් ඒ ගැන දැනගන්න අපිව follow කරන්න.

12. අන්තිමට කියන්න සමරු එකේ තියෙන විශේෂත්වය මොකක්ද?

අපේ customer ගේ budget එකට හරියන gift එකක් අනිවාර්යෙන්ම දෙන්න පුළුවන් වීම තමයි විශේෂත්වය.

ඉතින් ඔයත් හිතාගෙන ඉන්නවා නම් ලස්සන තෑග්ගක් දෙන්න. සමරු ගැන හිතන්නත් අමතක කරන්න එපා. සමරු follow කරන්න පහළ තියෙන accounts වලට යන්න.

Instagram – link

Facebook –  link

Share