තෑග්ගක් දෙන්න හිතුනොත් මෙන්න හොඳම තැන, Plush Box



PLUSHBOX - MAKING EVERY MILESTONE IN LIFE THAT MUCH PLUSHER.

ප්ලෂ් බොක්ස් (Plush Box) කියන්නේ ශ්‍රී ලංකාවේ මුල් වරට 2017 දී හඳුන්වා දුන්නු අලුත්ම gifting concept එක.  මේ අදහස හඳුන්වලා දෙන්නේ අලීසා තවරාජා සහ නාෆියා සලීම් කියන දෙන්නා. මුලදි මේ දෙන්නා විතරක් කරගෙන ගිය බිස්නස් එකට දැන් තවත් කට්ටිය එහෙම එකතු වෙලා තියෙනවා. ඉතින් අපි අද මේ අලුත් දේ ගැන කථා කරමු.

මොකක්ද මේ Plush Box කියන්නේ? අනිත් gifting ideas වලින් Plush Box වෙනස් වෙන්නේ කොහොමද?

PLUSHBOX - MAKING EVERY MILESTONE IN LIFE THAT MUCH PLUSHER.

අලීෂා –  plush box කියන්නේ ලංකාවේ තියෙන පෙරළිකාර gifting idea එකක්. අපි නිර්මාණය කරන්නේ gift box එකක්. මේකේ තියෙන විශේෂත්වය තමයි එක එක විදියේ තෑගි ගොඩක් එකතු කරලා එක තෑගි පෙට්ටියක් හදන්න පුළුවන් වීමයි. ඉතින් මේ gift box එක  ඕනම විශේෂ අවස්ථාවකදි  ඕනම කෙනෙක්ට තෑගි දෙන්න පුළුවන්

නාෆියා – අපි අනිත් අයගෙන් විශේෂ වෙන්න කොහොමද කියල කිව්වොත් අපි මේ gift box වලට ගන්න තෑගි හැම තැනම දකින්න නැති ඒවා. අපි හරිම ආසාවෙන් තමයි මේ gift box හදන්නේ. ඒ වගේම හැම gift box එකක්ම අපිට විශේෂයි.

කොහොමද මේ gift box අදහස ආවේ?

PLUSHBOX - MAKING EVERY MILESTONE IN LIFE THAT MUCH PLUSHER.

අලීෂා – ම්… ඇත්තටම මේ අදහස ආවේ අපි දෙන්නම කථා කරනකොට. නාෆියා ගෘහ නිර්මාණ ශිල්පයෙන් qualified මට Interior Design පැත්තෙන් දැනුම තිබුණා. ඉතින් අපි දෙන්නම ලස්සන දේවල්වලට ආසයි. පෞද්ගලිකව අපි දෙන්න හරිම අකමැත්තෙන් හිටියේ හැමෝටම එකම විදියේ තෑගි දෙන්න වෙන එක ගැන. ඒ වගේම අපි දැක්කා ගොඩක් අය මේ නිසා gift voucher එකක් දෙන්න පුරුදු වෙලා හිටියා. ඉතින් අපි අපේ පවුලේ අයට කියලා දුන්නා කොහොමද ඒ ඒ අයට ගැළපෙන තෑගි අරගෙන ඒවා box එකක pack කරන්නේ කියලා.

නාෆියා – අපි දෙන්නා අලුත් අදහස්වලට කැමතියි. ඒ නිසා අපි ගොඩක් හොයලා බැලුවා මේක පටන් ගන්න කලින්. ඊට පස්සේ අපි නමක් හදලා ෆේස් බුක් පේජ් එක්ක හැදුවා. අපේ පළවෙනි gift box එක ගියේ 2017 වැලන්ටයින්ස් එකට කලින් දවසේ.

ඔබේ අධ්‍යාපනය සහ අත්දැකීම් වැදගත් වුණාද?

PLUSHBOX - MAKING EVERY MILESTONE IN LIFE THAT MUCH PLUSHER.

අලීෂා – අනිවාර්යයෙන්ම. අපි කරන හැමදේම කරන්නේ පාට එක්ක, වෙන වෙනස් දේවල් එකට ගැළපීම. ඉතින් ඒ හැමදේටම අපි ඉගෙන ගත් දේවල් ගොඩක් වැදගත් වුණා.

නාෆියා – අලීෂා කියපු දේ ඇත්ත. ඒ වගේම දැන් මං තව දුරටත් ඇනිමේෂන්ස් සහ ග්‍රැෆික්ස් වගේ දේවල් ඉගෙන ගන්න හිතාගෙන ඉන්නවා.

මේ ගමනෙදි මොනවද ආපු ප්‍රශ්න?

PLUSHBOX - MAKING EVERY MILESTONE IN LIFE THAT MUCH PLUSHER.

අලීෂා – මං හිතන්නේ අපිටත් මුහුණ දෙන්න වුණේ ලංකාවේ  ඕනම බිස්නස් කරන කෙනෙක්ට මුල් කාලෙදි මුහුණ දෙන්න වෙන ප්‍රශ්න.  ඕඩර්ස් වෙලාවට දෙන්න බැරි වෙන එක, පේමන්ට්ස් ප්‍රශ්න, සප්ලයර්ස්ලගේ ප්‍රශ්න ඒවායින් ටිකක්

නාෆියා – අපිට තිබුනු තවත් ප්‍රශ්නයක් තමයි තරගකාරිත්වය. අපි පටන් ගත්තට පස්සේ ගොඩක් අය මේ දේ පටන් ගත්තා. ඒකත් අපි වගේම සෝෂල් මීඩියාවලින්ම. ඉතින් අපිට අපි පටන් ගත්ත කොලිටි එක තියාගන්න ගොඩක් මහන්සි වෙන්න වුණා.

ඔබ දෙදෙනො අතර මත ගැටුම් එහෙම තිබුණේ නැද්ද?

PLUSHBOX - MAKING EVERY MILESTONE IN LIFE THAT MUCH PLUSHER.

අලීෂා – අපි දෙන්නා පුංචි කාලේ ඉඳලම යාළුවෝ. ඒ කාලේ ඉඳලම අපිට එක එක අලුත් අදහස් තිබුණා. ඉතින් අපි අතර තිබුණෙත් එක එක විදියේ අදහස්. ඒවා මතවාද වුණු අවස්ථාත් තිබුණා. හැබැයි අපි ඒ ගැන කථා කරලා එක අදහසකට එනවා.

නාෆියා – ඒ වගේ මත ගැටුමක් වුණු දවසට අපි කෝල් එකක් දීලා ඒ ගැන කතා කරලා විසඳ  ගන්නවා.

ඉතින් ඉස්සරහට Plush Box එක්ක මොනවද වෙන්නේ? ලංකාවේ gifting industry එක ගැන මොකද හිතන්නේ?

PLUSHBOX - MAKING EVERY MILESTONE IN LIFE THAT MUCH PLUSHER.

අලීෂා – තෑගි දෙන එක අපේ පුරුද්දක්. ඒක කවදාවත් වෙනසක් වෙන එකක් නෑ කියලා හිතනවා. ඒ වගේම ඉස්සරහට අපි අපේ බිස්නස් එකෙත් තව යන්න පුළුවන් පැති හොයාගෙන යාවි

නාෆියා – ඉස්සරහට අවුරුද්දේ විශේෂ දවස් එනකොට අපේ වැඩත් වැඩිවේවි.

PLUSHBOX - MAKING EVERY MILESTONE IN LIFE THAT MUCH PLUSHER.

ඉතින් ඔයාටත් හිතෙනවා නම් මේක තමයි තෑගි දෙන්න හොඳම විදිය  කියලා Plush box ෆේස් බුක් පිටුවට ගිහින් බලන්න.

Share