ජීවිතයේ සුන්දරම දවස තවත් ලස්සන කරන “ද කාර්ඩ් ස්ටෝර්” (The Card Store)



ජිවිතයේ ලස්සනම දවස මොකක්ද කියලා ඇහුවොත් ගොඩක් අය කියන්නේ මංගල දිනය කියලා. ඉතින් ඒ මංගල දිනය ලස්සන කරන සුවිශේෂී දෙයක් තමයි වෙඩින් කාඩ්ස් සහ වෙඩින් කේක් බොක්සස්. ඉතින් lunu.lk අපි හිතුවා හරිම ලස්සනට, අලුත් විදියට වෙඩින් කාඩ්ස් සහ වෙඩින් කේක් බොක්සස් නිර්මාණය කරන “ද කාර්ඩ් ස්ටෝර්” (The Card Store) හි හිමිකාරිණි චත්තා වික්‍රමසිංහ එක්ක කතා කරන්න. මේ තියෙන්නේ ඒ කතාව.

මොකක්ද මේ “කාඩ් ස්ටෝර්” කියන්නේ?

කාඩ් ස්ටෝර් කියන්නේ වෙඩින් ඉන්විටේෂන් කාඩ්ස් සහ වෙඩින් කේක් බොක්සස් නිර්මාණය කරන තැනක්.

එතකොට කාගෙද මේ “කාඩ් ස්ටෝර්” එක?

මේක ඇත්තටම ෆැමිලි බිස්නස් එකක් වගේ. මොකද මගේ හස්බන්ඩ් මට මේකට ගොඩක් උදව් කරනවා. එයා තමයි ප්‍රශාන්  වික්‍රමසිංහ. ඉතින් “කාඩ් ස්ටෝර්” කියන්නේ අපේ බිස්නස් එක.

කොහොමද “කාඩ් ස්ටෝර්” අයිඩියා එක ආවේ?

මේ අදහස නම් මගේම තමයි. මං ඉස්සර ඉඳලම ග්‍රීටින් කාඩ්ස්  හදනවා. ගෙදර අයගේ යාළුවන්ගේ බර්ත්ඩේස්වලට, විශේෂ අවස්ථාවලට මං කාඩ්ස් හැදුවා. ඔහොම ඉන්නකොට හිතුණා බිස්නස් එකක් විදියට ග්‍රීටින් කාඩ්ස් හදන්න  ඕන කියලා. ඊට පස්සේ මට ආස හිතුණා වෙඩින් කාඩ්ස් සහ බොක්සස් නිර්මාණය කරන්න.

එහෙම හිතෙන්නත් විශේෂ හේතුවක් තියෙනවා නේද?

ඔව්. මොකද හැම වෙඩින් එකකටම විශේෂ වුණු කථාවක් එහෙම නැත්නම් විශේෂ තේමාවක් තියෙනවා. ඉතින් හැම වෙඩින් එකක්ම අලුත් දෙයක් කරන්න හිතන්න මට අවස්ථාවක් ලබා දෙනවා. ඒක මට අභියෝගයක්. මං ඒ අභියෝගයට හරිම කැමතියි. ඒ වගේම තවත් කෙනෙක්ගේ ජීවිතයේ ලස්සනම දවසට ලස්සන දෙයක් එක් කරන්න මට පුළුවන් වෙනවා කියන එකට මං කැමතියි.

“කාඩ් ස්ටෝර්” එකට දැන් අවුරුදු කීයක් වෙනවද?

දැන් අවුරුදු 03 ක් වෙනවා.

මෙතෙක් කරපු නිර්මාණ අතරේ අමතක නොවෙනම ඩිසයින් එක මොකක්ද?

ඔක්කොම නිර්මාණ මට හරිම විශේෂයි. හැබැයි ළඟදි කරපු ජැක්සන් ඇන්තනි පවුලේ විවාහය නම් මට අමතක වෙන්නේ නෑ. මං හරිම ආසාවෙන් කරපු වැඩක් ඒ වගේම මට ලැබුණෙත් හොඳම කමෙන්ට්ස්.

කස්ටමර් කෙනෙක් දීපු අමතක නොවෙන කමෙන්ට් එක මොකක්ද?

හැමෝම හොඳ කමෙන්ට්ස් තමයි දෙන්නේ. ඒ අතරින් හැමදාම හැමෝම කියනවා අපි ඔන් ටයිම් වැඩේ දෙනවා කියලා. ඒක මට ගොඩක් විශේෂයි

“කාඩ් ස්ටොර්” එකෙන් කරපු පළවෙනි ඕඩර් එක මතකද?

ඔව් ඔව් එහෙම අමතක වෙන්නේ නෑ… පළවෙනි නිර්මාණය කළේ චතුරි කියන ක්ලයන්ට්ට. වෙඩින් කාඩ්ස්  තමයි කළේ

කවුද මේ නිර්මාණවලට අදහස් දෙන්නේ?

ගොඩක් අදහස් මගේ. තව ඒ අදහස් කාඩ් ස්ටෝර් එකේ හැමෝම එක්කයි ක්ලයන්ට් එක්කයි කථා කරලා තව ලස්සන කරනවා.

ඒ අතර කථා බහට ලක්වුණු නිර්මාණයකුත් තියෙනවා නේද?

ඔව්… ඒ තමයි අපි ගෝනි පාවිච්චි කරලා කරපු නිර්මාණය. ඒක අපි තමයි හඳුන්වලා  දුන්නේ. හැබැයි ඊට පස්සේ ගොඩක් අය ඒක කළා.

අලුත් අයිඩියාස් ගන්න ඔයා මොනවද කරන්නේ?

ඒක මෙහෙමයි. මගේ ජීවිතේම දැන් කාඩ් ස්ටෝර් එක වෙලා. ඉතින් මං හැමෙවෙලාවේම ලෝකේ තියෙන අලුත් නිර්මාණ ගැන හොයලා බලනවා. ඒ වගේම දකින දකින හැම දෙයක්ම නිර්මාණයකට යොදා ගන්නේ කොහොමද කියලා මං හිතනවා. ඒක දැන් මට පුරුද්දක් වගේ. ඉබේම වෙනවා.

මේ නිර්මාණවලට අමුද්‍රව්‍ය  කොහෙන්ද හොයා ගන්නේ?

ඒක නිර්මාණය අනුව වෙනස් වෙනවා. ගොඩක් ඒවා පිටරටින් ගේන වෙලාවලුත් තියෙනවා. ලංකාවේ දේවල් පාවිච්චි කරන වෙලාවලුත් තියෙනවා

“කාඩ් ස්ටෝර්” එක පටන් ගත්ත දවස්වල මොනවද ආපු ප්‍රශ්න

මුලින්ම ඉතින් හැමෝටම වගේ තිබුණේ ප්‍රාග්ධනය තමයි. ඒ නිසා අපිට මුලින් ගොඩක් මැෂින්ස් තිබුණේ නෑ. අපි ඔක්කොම අතින්ම තමයි කළේ. එතකොට වෙලාවත් ගොඩක් යනවා. පස්සේ අපි ටික ටික අපිට  ඕන මැෂින්ස් ගත්තා. ඒ වගේම අලුතෙන් ඇවිත් නම හදාගන්න එකත් හරිම අමාරුයි. දැන් නම් හැමෝම වගේ කාඩ් ස්ටෝර් කිව්වම දන්නවා.

හිත් රිදවීම් එහෙමත් තියෙන්න ඇති නේද?

ඔව් ඒවා නම් ඇති වෙන්න තිබුණා. මොකද අපි අලුත් නිසා අපි දිහා හොරු විදියට බලපු අය ගොඩක් හිටියා. ඉතින් ඒ වෙලාවල්වලදි ගොඩක් හිත් රිදුණා.

දැනට නිර්මාණ කීයක් විතර කරලා තියෙනවද?

අපි මාසකට ඕඩර්ස් 60 ක් විතර කරනවා.

“කාඩ් ස්ටෝර්” එකට පොඩි නීතියකුත් තියෙනවා නේද?

ඔව් ඒ තමයි අපි හදිසි වැඩ බාර ගන්නේ නෑ. අපිට අවශ්‍ය කාලය තියෙනවා නම් විතරයි අපි බාර ගන්නේ. මොකද අපි බලන්නේ කොන්ටිටි එකට වඩා කොලිටි එක.

“කාඩ් ස්ටොර්” එකේ ප්‍රොමිස් එක මොකක්ද?

අවංකකම තමයි පළවෙනි පොරොන්දුව. ඒ වගේම අපි ඔන්ටයිම්  ඕඩර්ස් ඩිලිවර් කරනවා.

“කාඩ් ස්ටෝර්” එක තියෙන්නේ කොහෙද?

අපේ ස්ටෝර් එක තියෙන්නේ කිරිල්ලවල. ඒත් අපිව ෆේස් බුක් මගින් හෝ වට්ස්ඇප්/වයිබර් (0755 588 753) මගින් සම්බන්ධ කරගන්න පුළුවන්.
“කාඩ් ස්ටෝර්” ෆේස්බුක් පිටුව – https://www.facebook.com/ChathWick/

“කාඩ් ස්ටෝර්” එකෙන් මොනවද ඉස්සරහට කරන්න හිතන් ඉන්නේ?

ඔව් අලුත් අයිඩියාස් ටිකක් තියෙනවා ඉස්සරහට කරන්න. මේක හැමෝම ආස වෙන වැඩක් වෙයි කියලා හිතනවා. ඉතින් ඉක්මනටම ඒ ගැනත් කට්ටියට කියන්නම්කෝ.

අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න අයට මොකක්ද කියන්න තියෙන්නේ?

අංක එක තමයි විශ්වාසය. කවදාවත් ක්ලයන්ට් කෙනෙක්ගේ විශ්වාසය නැති කරන්න එපා. අවංකකම තියාගන්න. එතකොට ගමන ටිකක් අමාරු වෙයි. හැබැයි ගමන සාර්ථකයි ඒ වගේම ස්ථාවරයි.
Share