“ගොඩක් අය තෑගි විදියට portraits දෙන්න කැමතියි” – Pencil Art



හැමෝටම විවිධ දක්ෂතා තිබුනත් ඒ බව හඳුනා ගන්නේ බොහොම ටික දෙනෙක් විතරයි. තමන්ගේ දක්ෂතාවයට වටිනාකමක් දෙන්න ගොඩක් අය කැමති නැහැ. බුද්ධික රංජීව තමන්ගේ දක්ෂතාවයට වටිනාකමක් දුන්න දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. ඉතින් ඒ නිසාම ඔහු තමන්ගේ දක්‍ෂතාවෙන් ඔන්ලයින් බිස්නස් එකක් කරනවා. අපි අද ඒ ගැන කතා කරමු.

01) ඉතින් බුද්ධික, කොහොමද චිත්‍ර අඳින්න පටන් ගත්තේ?

පුංචි කාලේ ඉඳන්ම මම චිත්‍ර අඳිනවා. එය වැඩි දුරටත් ඔපමට්ටම් කළේ මගේ පාසැල වන මෝදර ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයේ චිත්‍ර විෂය භාරව කටයුතු කළ ගංගානි එදිරිසිංහ ගුරු මෑණියන්. පාසැල් ජීවිතයෙන් පසුව Art Way Gallery & Institute එකේ සුදත් අබේසේකර සර් සහ අචලා ගුණවර්ධන මිස්ගේ සහයෝගයෙන් මගේ දැනුම තවත් වැඩි කරගත්තා.

02) චිත්‍ර කලාවට ලංකාවේ තුළ හොඳ වෙළඳපොළක් තියෙනවද?

චිත්‍ර කලාවට ලංකාව තුළ ලොකු වෙළඳපොලක් නිර්මාණය වෙලා නැහැ. ඒත් යම්තාක් දුරට සතුටු වියහැකි මුදලක් ලැබෙනවා.

03) රැකියාවත් කරන අයෙක් විදියට චිත්‍ර කලාවට වෙලාව වෙන්කර ගන්නේ කොහොමද?

මම මුල්තැන දෙන්නේ මගෙ රැකියාවට.මොකද මගේ රැකියාවත් කලාවට සම්බන්ධයි. ඉතින් මට ඉඩක් ලැබෙන හැම මොහොතකම අලුත් නිර්මාණයක් කරනවා. ඒ වගේම මම ඉඩක් හොයාගන්නවා.

04) බුද්ධිකට කියලා ඕනම කෙනෙක්ට චිත්‍ර ඇඳගන්න පුළුවන් නේද?

ඔව්, මගේ Facebook පිටුවක් තියෙනවා Pencil Art කියලා. ඒකෙන් මාව සම්බන්ධ කරගන්න පුළුවන්.

05) මොනවගේ චිත්‍රවලටද වැඩි ඉල්ලුමක් තියෙන්නේ?

ගොඩක් අය portrait කරගන්න කැමතියි. මොකද ඒක තෑගි දෙන්න හොඳ දෙයක් නිසා. ඒ වගේම ඉල්ලන විදියට මම ඇඳලා දෙනවා. ඒ වගේම විවිධ ආයතනවල තේමාවන්ට ගැළපෙන විදියට, ගෘහ නිර්මාණයන්ට ගැළපෙන විදියට මම චිත්‍ර අඳිනවා.

06) මෙතෙක් චිත්‍රවලට ලැබුන හොඳම Comment එක ලැබුනේ කාගෙන්ද?

හොඳ නිර්මාණ කරන හැම අවස්ථාවකම හොඳ Comments ලැබෙනවා.

07) චිත්‍ර කලාවේදී මුහුණ දෙන්න වෙන ගැටළු මොනවද?

අපේ චිත්‍රවලට ස්ථාවර මිලක් රඳවා ගන්න බැරිවෙලා තියනවා. චිත්‍ර ශිල්පියාගෙන් චිත්‍ර ශිල්පියාට නිර්මාණයෙන් නිර්මාණයට, එම නිර්මාණයට ගතවන කාලය සහ යොදාගන්නා අමුද්‍රව්‍ය මත මිල වෙනස් වෙනවා. එම නිර්මාණවල අගය දන්නා අය අතර පමණයි හොඳ වෙළඳපලක් නිර්මාණය වෙලා තියෙන්නෙ. ඒක ලොකු ගැටළුවක්.

08) බුද්ධික ඔයාගෙම චිත්‍ර ප්‍රදර්ශනයක් කරන්න අදහසක් නැද්ද?

මගෙ ලොකු අදහසක් තියෙනවා මගේම ප්‍රදර්ශණයක් කරන්න. ඉදිරියේදී ඒ වෙනුවෙන් මහන්සි වෙනවා.

09) බුද්ධික අලුත් අලුත් චිත්‍ර ක්‍රම අත්හදා බලන්න කැමතියි නේද?

මම කැමති නැහැ එකම රාමුවක් තුළ හිරවෙලා ඉන්න. මම ආලේඛ්‍ය චිත්‍ර කරනවා. භූමි දර්ශන,වනජීවී චිත්‍ර වගේ විවිධ දේවල්වලින් නිර්මාණ කරනවා.

10) ගෙදරින් මේ දේවල්වලට ලැබෙන සහයෝගය ගැනත් මතක් කරමු.

මගේ අම්මා කලාවට ගොඩක් කැමති කෙනෙක් අම්මත් විවිධ නිර්මාණ කරනවා. මගේ බිරිඳත් විවිධ නිර්මාණ කටයුතු කරනවා නිදහසේ ඉන්න හැම වෙලාවකම. ඒ නිසා මටත් චිත්‍ර නිර්මාණවලට කිසිම බාධාවක් නැහැ .ගෙදරින්උ පරිම සහයෝගය මට ලැබෙනවා.

ඉතින් ඔබටත් සාධාරණ මිලකට තත්වයෙන් ඉහළ චිත්‍ර සම්බන්ධ යමක් කර ගැනීමට අවශ්‍ය නම් ඔබට බුද්ධිකව සම්බන්ධ කරගන්න පුළුවන්.

බුද්ධික රංජීව – 0701 174 108

Pencil Art – Click Here