“ගොඩක් අය කැමති බටර් අයිසින් තියෙන චොක්ලට් කේක් එකට”-“Cake By S”



අපි හැමෝම කැමතියි ඉගෙන ගත්ත දේවල්වලින් ආදායම් මාර්ගයක් හදාගන්න. සමහර වෙලාවට අපි දන්නෙත් නැති දක්‍ෂතා අපි ළඟ තියෙන්න පුළුවන්. ඉතින් සිද්දිකා අද අපිට කියන්නෙත් අන්න ඒ වගේ කථාවක්. සිද්ඉදිකා ඉගෙන ගත්ත කේක් නිර්මාණ ශිල්පයෙන් මේ වෙන්කොට සාර්ථක ආදායම් මාර්ගයක් හදාගෙන තියෙනවා. අපි ඒ ගැන සිද්දිකාගෙන් අහමු.

01) ඉතින් සිද්දිකා, කේක් නිර්මාණය කරන බිස්නස් එකක් පටන්ගන්න හිතුනේ ඇයි?

ගෙදර ඉඳන් කාලය ගත කරන අතරේ මට හිතුනා මම ඉගෙන ගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්න තිබුනා නම් හොඳයි කියලා. ඒ නිසා තමයි “Cake By S” බිස්නස් එක පටන් ගන්න හිතුවේ.

02) Online Cake බිස්නස් ගොඩක් තියෙනවා. සිද්දිකාට ඒක Challenge එකක් වුනේ නැද්ද?

මේ බිස්නස් එක ගොඩක් අය පටන් අරගෙන තියනවා. ඒත් මට ඒක Challenge එකක් වුනේ නැත්තේ මගෙ කේක් රස දන්න හැමෝම මාව හොයාගෙන එන නිසයි. වැඩි පිරිසක් එකම බිස්නස් එකක් කළත් නියම ප්‍රමිතිය පාරිභෝගිකයින්ට හඳුනගන්න පුළුවන්.

03) මේ වගේ බිස්නස් එකකට වෙලාව වෙන්කරගන්නේ කොහොමද ?

මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. ඒ අය තවම පොඩියි ඒ නිසා කේක් හදන්න රෑට තමයි පටන් ගන්නෙ. ඒ නිසා මගෙ වැඩ ටික නිදහසේ කරගන්න මම කාලය හදාගෙන තියෙන්නෙ.

04) කොරෝනා තත්වයත් එක්ක බිස්නස් එක කරගන්න යන්න අමාරුවෙන්න ඇති ?

ඒ කාලේදී කේක් හදන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ගන්න තමයි ගොඩක් අමාරු වුනේ. ඒ නිසා Online හරහා මට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගත්තා. ඒ කාලෙදි මට අසල්වැසියන්ගෙන් කේක් Orders ගොඩක් ලැබුනා.

05) සාමාන්‍ය බිස්නස් එකකට වඩා Online බිස්නස්වල අවදානමක් තියනවද?

එහෙම ප්‍රශ්නයක් වෙන්නෙ නැති වෙන්න මම හැම Order එකකින්ම Advance Payment එකක් අරගන්නවා. මම හිතනවා එහෙම අවදානමක් හදාගන්නෙ නැතිව බිස්නස් එක පහසුවෙන් කරන්න පුළුවන් Online බිස්නස්වල කියලයි.

06) Customers ලා වැඩියෙන්ම “Cake By S” එකෙන් Order කරන කේක් වර්ග මොනවද ?

“Cake By S” එකට දැනට වැඩියෙන්ම ඇවිත් තියෙන oder එක තමයි බටර් අයිසින් තියන චොක්ලට් කේක් එක. ඒ කේක් එකට ගොඩක් අයගෙන් හොඳ Comments ලැබෙනවා.

 

07) සිද්දිකා මුහුණ දුන්න අමතක නොවන අත්දැකීමක් ගැනත් මතක් කරමු.

මම Order එකකට හදපු කේක් එකක් Delivery එකට ලෑස්ති කරලා තිබුන වෙලාවෙ මගෙ පොඩි බබලා දෙන්නා ඒක කනවා දැක්කා. ඒ දවස මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ.

08) “Cake By S” එකට ගෙදරින් ලැබෙන සහයෝගය ගැනත් මතක් කරමු.

මගේ බිස්නස් එක සාර්ථක කරගන්න මට ගොඩක් උදව් කරන්නේ මගෙ හස්බන්ඩ් සහ මගෙ දෙමව්පියන් තමයි.

09) මේ වගේ බිස්නස් එකක් පටන් ගන්න ඉන්න කෙනෙක්ට දෙන්න පුළුවන් හොඳම Advice එක මොකක්ද?

බිස්නස් එක පොඩි වුනත් නියම රසට සහ පිරිසිදුවට ලබාදෙන්න. එතකොට කවදාවත් වරදින්නේ නැහැ.

10) සිද්දිකාගේ ඉදිරි බලාපොරොත්තු ගැනත් මතක් කරමු.

මගෙ බිස්නස් එක දියුණු කරගෙන, මේ දේවල් ගැන ඉගන ගන්න කැමති අයට පන්ති පවත්වන්නත් බලාපොරොත්තු වෙනවා.

ඉතින් ඔයත් කැමති නම් රසම රස කේක් එකක රස බලන්න “Cake By S” ගැන මතක තියාගන්න.

“Cake By S” Facebook ගිණුම – Click Here

“Cake By S” Instagram ගිණුම – Click Here

Share