කාලයක් බලාගෙන හිටිය බිස්නස් මීටින් එක අවුල් වුණොත්



ඔබ ගොඩක් කාලයක් බලාගෙන හිටිය බිස්නස් මීටින් එකකට දිනයක් ගන්න පුළුවන් වෙනවා කියලා හිතන්නකෝ. ඉතින් ඒ දවසෙන් උපරිම ප්‍රයෝජන ගන්න නේද ඔබට  ඕන. ඒත් ඔබේ නොසන්සුන්කම නිසා ඒ දවස අවුල් වුණොත්? ඒ නිසයි අපි ඔබේ බිස්නස් මීටින් එකකට සූදානම් වෙන්න ඕන විදිය කියන්න හිතුවේ.

ඉක්මන් හොඳ  වෙලාවලුත් නැතුවම නෙමෙයි

ඔබට මීට්න් එකකට වෙලාවක් ලැබුණම ඒ දවස එනකන්ම ඉන්නේ නැතුව ඔබේ ප්‍රතිචාරය ඉක්මනින්ම අදාල පාර්ශවයට යවන්න. එතකොට ඒ දවසේ යන්නත් කලින්ම ඔබ මේ හමුවට කොතරම් උනන්දුද කියලා අදාල අයට දැනෙනවා. ඒකෙන් ඔබට ලකුණක්  එකතු වෙනවා. ඒ වගේම සැරින් සැරේ මීට්න් එක තියෙන වෙලාව, තියෙන තැන අහ අහ කරදර කරන්න යන්න එපා. පැහැදිලිව එක පාරින්ම  අදාල තොරතුරු දැනගන්න. ඔබ ඔවුන්ගේ කාලයටත් වටිනාකමක් දෙන බව ඔවුන්ට දැනෙන්න දෙන්න

පෙනුමටත් ලකුණු ලැබෙනවා

මේ තමයි ඔබ බලාගෙන හිටිය දවස. ඉතින් ඒ දවසේ ලස්සනට යන්නේ නැත්නම් වැඩකුත් නෑ. එහෙම නේද? පොඩි වෙලා නැති ඇඳුම ඔබේ පිළිවෙළ ගැනත් ඉඟි කරනවා. ඉතින් ඔබේ ඇඟේ හැඩයට සමේ පාටට වගේම දවසේ වෙලාවට අනුව ගැළපෙන ලස්සන ඇඳුමක් තෝර ගන්න අමතක කරන්න එපා.

තැනත් හොඳම තැනක් වෙන්න  ඕන

වෙන් කරගත්ත වෙලාවටම අදාල තැනට යන්න. පරක්කු වෙන්න නම් එපා. ගොඩක් වේලාසනින් යන්නත් එපා ඉතින්. මීට්න් එක තියෙන තැන ඔයා නම් සූදානම් කරන්නේ මෙන්න මේ ටික මතක තියාගන්න. කරදරයක් වෙන තරමට මියුසික් නැති තැනක් තෝර ගන්න. මොකද කථා කරන දේවල් එකිනෙකාට පැහැදිලිව ඇහෙන්න  ඕන. ඒ වගේම ගොඩක් රස්නෙත් නැති  ඕනවට වැඩිය සීතලත් නැති තැනක් තමයි තෝර ගන්න  ඕන. නැත්නම් අවධානය යොමු වෙන්නේ පරිසරය ගැන හිතන්නයි.

පුංචි මැජික් එකක් කරන්න

මේ මැජික් එක තියෙන්නේ ඔයා තුළමයි. මීට්න් එකට ඇවිත් ඉන්න අයව දිනාගන්න නේද ඔයාට  ඕන? තත්පර කිහිපයක් අරන් එයාලව හොඳට නිරීක්‍ෂණය කරන්න. දැන් එකපාරටම බිස්නස් කථා බහ කරන්නේ නැතුව වෙනත් පුංචි මාතෘකාවක් ගැන ඉක්මනට කථා කරලා ඉවර කරන්න. ඊට පස්සේ ඔයා ඇවිත් ඉන්න අය ගැන ටිකක් දන්නවා. දැන් ඔයාට පුළුවන් පුංචි විහිළුවක් එහෙම කරලා කට්ටියට තවත් ටිකක් සමීප වෙන්න. හැබැයි මේ හැමදේකම සීමාව ගැන ඔයාට දැනුමක් තියෙන්න  ඕන. ඒ වගේම ඔයාට ඔයා ගැනම හොඳ විශ්වාසයක් තියෙන්නත්  ඕන. අන්තිමට මතක තියා ගන්න මේ හමුව කම්මැලි එකක් කරගන්නත් එපා. ඇවිත් ඉන්න අයට ඔයාව අමතක නොවන චරිතයක් කරන්න.

ඊළඟ දවසත් ගොඩක් වැදගත්

මීටින් එක හොඳ  එකක් වුණත් නැති වුණත් ඔයා වෙනුවෙන් වෙලාවක් දුන්නු අයට ස්තූති කරලා Mail  එකක් යවන්න. ඒ වගේම මීට්න් එක හොඳ  එක්ක නම් එතනදි කථාබහ කරපු ඒවා ගැනත් සඳහන් කරලා Mail  එකක් යවන්න.

ඔන්න එහෙනම් ඊළඟ මීට්න් එකට මේ දේවල් ට්‍රයි කරලා බලන්නකෝ. lunu.lk  අපිත් ඔයාට සුබ පතනවා. ඔයාගේ අදහසුත් අපිට කියන්න

Share