ක්‍රිස්බ්‍රෝ ශ්‍රී ලාංකික ගොවීන් සමග සමීපව කටයුතු කරමින් ග්‍රාමීය ආර්ථිකයට අත්වැලක් සපයයි



වසර 47 ක් පුරා ශ්‍රී ලාංකික කුකුළු මස් නිෂ්පාදනයේ ප්‍රමුඛස්ථානයේ සිටින ක්‍රිස්බ්‍රෝ ආයතනය දේශයේ ජනතාවට හුදෙක් ගුණාත්මක බවින් යුත් කුකුල් මස් සැපයීමට අතිරේකව ශ්‍රී ලාංකික ග්‍රාමීය ආර්ථිකයට ධනාත්මක බලපෑමක් සහ බලගැන්වීමක් කිරීමට සමත්ව ඇත.විශේෂයෙන්  වසර ගණනාවක් ශ්‍රී ලාංකික පවුල් දහස් ගණනකගේ ජීවන රටාවන් හැඩගැස්වූ සමාගමක් ලෙස ක්‍රිස්බ්‍රෝ  ආයතනය මෙම නව මෙහයුම සමගින් ඊට නව මානයක් එක කිරීමට සමත්ව ඇත.

ක්‍රිස්බ්‍රෝ  ආයතනය තම ව්‍යාපාරය තුළින්ම දේශීය ගොවිජනතාව වෙත ව්‍යාපාර අවස්ථාවන් සලසා දීම මෙහි ඇති විශේෂත්වයයි. ක්‍රිස්බ්‍රෝ  කුකුළු ගොවිපොළ කුකුලන් සඳහා අවශ්‍ය බඩඉරිඟු අවශ්‍යතාවන් දේශීය ගොවීන් හරහා ලබා ගැනීම තුලින් ඔවුන් සමග සමීපව කටයුතු කිරීමට ක්‍රිස්බ්‍රෝ නිරන්තරයෙන් උත්සාහ ගනිමින් සිටියි.

මේ යටතේ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරමින් මොණරාගල සහ මහියංගණය සහ අනුරාධපුර යන ප්‍රදේශයන්හි ගොවීන් 2000 කට අධික පිරිසකගෙන් බඩඉරිඟු මිලදී ගැනීම සඳහා මෙම වසරේ පමණක් ක්‍රිස්බ්‍රෝ ආයතනය රුපියල් බිලියනයකට අධික මුදලක් වැයකර ඇත.

ක්‍රිස්බ්‍රෝ සමග වසර දෙකක් පුරා ගනුදෙනු කරන අඳාඋල්පත රතබේයාය ප‍්‍රදේශයේ එම්.ඞී. මුතුබණ්ඩා ගොවි මහතා, ඒ සම්බන්ධව අදහස් දක්වමින්.”මගේ බඩ ඉරිඟු අස්වැන්න ක්‍රිස්බ්‍රෝ ආයතනයට විකිණීමෙන් මට හොඳ ආදායමක් ලැබෙනවා. ඇත්තෙන්ම එය මගේ මුළු පවුලටම කදිම ආදායමක් මෙන්ම සාර්ථකව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් ආදායමක්. අනෙක් අතට ඔවුන් සමග වැඩකිරීම මට මූල්‍ය සුරක්ෂිතබව ලබා දෙනවා, මොකද මම දන්නවා මගේ අස්වැන්න මිලදී ගැනීමට ස්ථිර වශයෙන්ම කෙනෙකු සිටින බව, එනිසා  මට පාඩු විඳීමට හෝ ණය වීමට අවශ්‍ය නැහැ.”ඔහු පවසයි.

මීට අතිරේඛව ක්‍රිස්බ්‍රෝ  සමාගම බඩ ඉරිඟු අස්වැන්න කෙලින්ම ගොවීන්ගෙන් මිලදී ගනු ලබයි. මෙය අතරමැදි පාර්ශවකරුවන් මත රැඳී සිටීම හෝ මැදිහත්වීම සම්පූර්ණයෙන්ම වලකාලනු ලබන අතර සියලූ අස්වැන්න එකතු කිරීමෙන් පසු ගෙවීම් සහතික කරනු ලබයි.

මේ සම්බන්ධව අදහස් දක්වන බඩ ඉරිඟු වගා කරන තවත් ගොවි මහතකු වන 12වන සැතපුම් කණුව ඌරණිය ප්‍රදේශයේ ඒ.කේ.කරුණාරත්න මහතා,” ක්‍රිස්බ්‍රෝ ආයතනය අපට උදාකර දී ඇති මෙම ව්‍යාපාරික අවස්ථාව පිලිබඳ එම ආයතනයට අපගේ ප්‍රණාමය පුදකරන්න කැමතියි. ඇත්තෙන්ම එය අපගේ ප්‍රජාවට ගෙන එන්නේ මුදල් පමණක් නොවේ. මෙය අපට රැකියා අවස්ථාවන් උදාකරදීමට ද පුළුවන් වෙලා තියෙනවා. අපි කෙලින්ම ආයතනය සමග ගනුදෙනු කරන නිසා අපගේ ආදායම් මට්ටම වෙනදාට වඩා වැඩිවෙලා තියෙනවා. ඒවගේම අපගේ ගෙවීම් නිසි වෙලාවට ලැබීමත් අපට විශාල සහනයක්.”
ශක්තිමත් ආර්ථිකයක් තුළ සුවයෙන් සහ සවියෙන් පිරිපුන් පුරවැසියන් බිහිකිරීම ක්‍රිස්බ්‍රෝ ආයතනයෙහි ආයතනික අපේක්ෂාවන් අතර මුල් තැනක් ගනී.

එමෙන්ම ක්‍රිස්බ්‍රෝ  ආයතනය අස්වැන්න ,ඵලදායීදාතාවය සහ නිෂ්පාදන ප්‍රමිතීන් ඉහළ නැංවීමට අවශ්‍ය සහය ලබා දෙමින් ගොවීන් දිරිමත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියි. මෙහි අවසාන ප්‍රතිපලය ලෙස ආයතනය බලාපොරොත්තු වන්නේ ශක්තිමත් ආර්ථිකයක් තුළ ශක්තිමත් පුරවැසියන් නිර්මාණය කිරීමයි.

ක්‍රිස්බ්‍රෝ සමාගම කුකුළු මස් කර්මාන්තයේ ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරන අතර කෙටිකාලීනව සහ දිගුකාලීනව මින් ලැබෙන ආර්ථික ප්‍රතිලාභ මහත් වේ. එසේම වඩාත් විනයානුකූලව ,ව්‍යුහගතව ,සහ බදු ගෙවන්නන් අතර ප්‍රමුඛස්ථානයේ සිටින කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ  ඉහළම ආදායම් උපදන අංශය ද මෙය වේ.

වෙළඳපොල ප්‍රමුඛයා වීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව වර්ෂ 1972 දී කුකුළු පැටවුන් 100 කින් ඉතා කුඩාවට ඇරඹු ක්‍රිස්බ්‍රෝ  ආයතනය අද වන විට තත්ත්වයෙන් සහ ගුණාත්මක බවින් යුත් අංක එක කුකුල් මස් නිෂ්පාදකයා වීමට හැකිවී තිබේ. ශ්‍රී  ලංකාවේ ප්‍රථමවරට අතිනවීන යන්ත්‍ර සූත්‍ර  භාවිතයෙන් සම්පූර්ණයෙන්ම පරිඝනකගතව (vertically-integrated) තම නිෂ්පාදන ක්‍රියාවලිය  සිදුකරනු ලබයි.එසේම කුකුළු පරම්පරාවන් ආශ්‍රිතව ගොවිපළ පවත්වාගෙන යාම, අභිජනන මධ්‍යස්ථාන, බ්‍රොයිලර් ගොවිපළ, සහ කුකුළු ආහාර සැකසුම් මධ්‍යස්ථාන ද පවත්වාගෙන යමින් මනා කළමනාකාරිත්වයෙන් යුතුව තම ව්‍යාපාරයන්හී නිරත වන ආයතනයක් ලෙස ක්‍රිස්බ්‍රෝ හැඳින්විය හැක. විශේෂයෙන් ගොවිපලෙන් කෑම මේසයට (FARM TO FORK) යන සංකල්පය ක්‍රිස්බ්‍රෝ හී සාර්ථකත්වයට හේතු වූ තවත් ප්‍රධාන කරුණක් ලෙස සැලකිය හැක. ක්‍රිස්බ්‍රෝ සමාගම මේ වනවිට සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම ප්‍රතිලාභ රැසක් උදා කර දී ඇත. එහි කොටස් හිමියන්ට, දේශීය බඩ ඉරිඟු ගොවීන්ට, සෘජුව සහ වක්‍රාකාරව රැකියා සපයමින් ශ්‍රී ලාංකික රැකියා ක්ෂේත්‍රයට ,අවසාන වශයෙන් සමස්ත රටටම මෙහි ප්‍රතිලාභ උදා කර දී ඇත.

Share