ක්‍රිස්බ්‍රෝ ඉහළ දක්ෂතා දැක්වූ සේවකයෝ අගයති



ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්‍රිස්බ්‍රෝ සමාගම විවධ වූ ව්‍යාපාර ඒකක හරහා ආයතනයේ  සාර්ථකත්වයට ඉහළම දායකත්වයක් දැක්වූ සහ දේශයේ පෝෂණ අවශ්‍යතාව ඉටු කිරීමේදී උපරිම කාර්යභාරයක් සිදු කළ  තම කාර්ය මණ්ඩලය ඇගයීම පසුගියදා සිදු කෙරිණි.

ව්‍යාපාර අංශ 18 ක් සහ ඒ හා අනුබද්ධිත ආයතන 6 ක 1200 ක් වන කාර්ය මණ්ඩලයෙන් සේවකයින් 103 දෙනකු තෝරා ගනිමින් සම්මාන සහ ත්‍යාග පිරිනැමූ අතර මෙම ත්‍යාග අතර මුදල් ත්‍යාග, සුඛෝපභෝගී හෝටල් සංචාර, විදේශ සංචාර යනාදිය ඇතුලත් විය.

මෙම සම්මානලාභී පිරිස අතර 75 දෙනකු තම දීර්ඝ සේවා කාලය වෙනුවෙන් ප්‍රණාම ලැබූ අතර හොඳම සේවකයා  කාණ්ඩය යටතේ සෙවකයින් 25 දෙනකු විසින් මුදල් ත්‍යාග, තරු පන්තියේ හෝටල් හී නවාතැන්, සහ විදේශ සංචාරද හිමි කරගනු ලැබීය.

වඩාත්ම කැපී පෙනෙන සේවකයා කාණ්ඩය යටතේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් තිදෙනෙකු මුදල් ත්‍යාග සහ තම පවුල සමග විදේශ සංචාර සඳහා හිමිකම ලැබීය.

මේ අතර තිරසර භාවිතයන් සඳහා වූ වඩාත් දියුණුම ගොවිපළ සහ  හරිත සම්මානය යන සම්මාන  ද්විත්වයම හිමිකරගැනීමට ගල්ගමුව බ්‍රොයිලර් ගොවිපළ සමත් විය.

තවද සේවක සුභසාධනය සඳහා ආයතනයේ කැපවීම තවදුරටත් සනාථ කරමින් සේවක මණ්ඩලයේ සහ ඔවුන්ගේ දරුවන්ගේ කුසලතා ඔප් නැංවීමේ අරමුණින් වැඩසටහන් දෙකක් සංවිධානය කර තිබිණි. ක්‍රිස්බ්‍රෝ කාර්ය මණ්ඩලය සඳහා The Rhythm Ants  නමින් ගායනා තරගයක්ද ඔවුන්ගේ දරුවන් සඳහා සිසුදිරිය නැටුම් සහ  නර්ථන තරගයක්ද සංවිධානය කර තිබිණි.

කාර්ය මණ්ඩලය සඳහා පැවැත්  වූ The Rhythm Ants  ගායනා තරගයෙන් J.A.G. විජේවීර මහතා ප්‍රථම ස්ථානය දිනාගත් අතර දරුවන් සඳහා වූ සිසුදිරිය තරඟයෙන් ප්‍රධාන කාර්යාලය නියෝජනය කරන ලද දරුවන් 17 දෙනකු ශිෂ්‍යත්ව දිනා ගැනීමට සමත් විය.

මේ පිලිබඳ අදහස් දැක්වූ මානව සම්පත් සහ පරිපාලන සමූහ කළමණාකාරු රංජන මහින්දසිරි මහතා,”සාමාන්‍යයෙන් අපි මෙම උත්සවය පවත්වන්නේ සම්මාන රාත්‍රියක් ලෙසයි. එහිදී අපි සියලුම සේවකයින් එක් ස්ථානයකට ගෙන්වා මෙය සමරනු ලබනවා, මෙවරත් අපි අප්‍රේල් මාසයේ එවැනිම උත්සවයක් සුදානම් කල නමුත් නමුත් පාස්කු ඉරුදින ප්‍රහාරය නිසා ශ්‍රී ලංකාවේ ඇතිවූ ශෝකජනක සහ ආරක්ෂාකාරී තත්ත්වය නිසා එවැනි දෙයක් කිරීම නුසුදුසු බව අපි ඒකමතිකව තීරණය කරනු ලැබුවා.”
කෙසේවුවත් වසර පුරා අප ආයතනයේ දියුණුව වෙනුවෙන් කැපවූ සේවක මහත්ම මහත්මීන් වෙනුවෙන් අපගේ ප්‍රණාමය සහ කෘතඥතාව පිරිනැමිය යුතු  නිසා සෑම ව්‍යාපාරික ස්ථානයකම කුඩා සම්මාන උළෙල කීපයක් පැවැත්වීමට අප තීරණය කරනු ලැබුවා ” යයි. පැවසීය.

වෙළෙඳපොල ප්‍රමුඛයා වීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව වර්ෂ 1972 දී කුකුළු පැටවුන් 100 කින් ඉතා කුඩාවට ඇරඹු ක්‍රිස්බ්‍රෝ ආයතනය අද වන විට තත්ත්වයෙන් සහ ගුණාත්මක බවින් යුත් අංක එක කුකුල් මස් නිෂ්පාදකයා වීමට හැකිවී තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට අතිනවීන යන්ත්‍ර  සූත්‍ර  භාවිතයෙන් සම්පූර්ණයෙන්ම පරිඝනකගතව (vertically-integrated) තම නිෂ්පාදන ක්‍රියාවලිය සිදුකරනු ලබයි. එසේම කුකුළු පරම්පරාවන් ආශ්‍රිතව ගොවිපළ පවත්වාගෙන යාම, අභිජනන මධ්‍යස්ථාන, බ්‍රොයිලර් ගොවිපළ, සහ කුකුළු ආහාර සැකසුම්. මධ්‍යස්ථාන ද පවත්වාගෙන යමින් මනා කළමනාකාරිත්වයෙන් යුතුව තම ව්‍යාපාරයන්හී නිරත වන ආයතනයක් ලෙස ක්‍රිස්බ්‍රෝ හැඳින්විය හැක. විශේෂයෙන් ගොවිපලෙන් කෑම මේසයට  (FARM TO FORK)  යන සංකල්පය ක්‍රිස්බ්‍රෝ හී සාර්ථකත්වයට හේතු වූ තවත් ප්‍රධාන කරුණක් ලෙස සැලකිය හැක. ක්‍රිස්බ්‍රෝ සමාගම මේ වනවිට සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම ප්‍රතිලාභ  රැසක් උදා කර දී ඇත. එහි කොටස් හිමියන්ට, දේශීය බඩ ඉරිඟු ගොවීන්ට, සෘජුව සහ වක්‍රාකාරව රැකියා සපයමින් ශ්‍රී  ලාංකික රැකියා ක්‍ෂේත්‍රයට , අවසාන වශයෙන් සමස්ත රටටම මෙහි ප්‍රතිලාභ උදා කර දී ඇත.

Share