කතරගම පෙරහැරත් බලලා සොබාදහමත් විඳගෙන එමුද?



ලංකාවේ අපි හැමෝම පුජනීයව සළකන අංගයන් අතරට රුහුණු කතරගම පෙරහැරත් එක්වෙනවා. ඉතින් මෙදා සැරේ කතරගම පෙරහැර බලන්න යන්න ඔයත් හිතාගෙන ඉන්නවා නම් පෙරහැරත් බලලා කවදාවත් අමතක නොවෙන නිවාඩුවකුත් ගත කරලම එන්න plan කරන්න. ඉතින් lunu.lk අපි හිතුවා කතරගමට ළඟින් තියෙන හරි අපූරු නවාතැන් පොළවල් කිහිපයක් ගැන ඔයාට කියන්න..

01. Rice Rice Villa’s Resort

හරි අපූරු කුඹුරු යායකට මැදි වෙලා මේ නවාතැන් පොළ පිහිටලා තියෙන්නේ තිස්සමහාරාම – යාල පාරේ. තිස්සමහාරාමයේ ඉඳලා 5 Km කින් තමයි මෙතැන තියෙන්නේ. කලබල පරිසරයෙන් මිදිලා සොබාදහමත් එක්ක කුළුපගු වෙන්න නම් මෙන්න කියාපු තැන. මේ වගේ තැනකදී ගතට දැනෙන සනීපය සහ ඒ දැනෙන සීතල සුළඟ නම් ඔන්න AC එකකින් නම් කවදාවත් ලැබෙන්නේ නෑ. ඉතින් මේ තැන හිතට ඇල්ලුවා නම් කතා බහ කරලා අදම දිනයක් වෙන් කරගන්න.

වැඩි විස්තර දැනගන්න click කරන්න 

02. My Village

නමටම ගැළපෙන විදියට ගම්මානයක සිරියට නිමවෙලා තියෙන මේ තැනත් හරිම නිදහස් තැනක්. තිස්සමහාරාමයේ තිස්ස වැව ළඟ ඉඳලා මෙතැනට මීටර් 900 යි. ඉතින් හවසට වැව වටේ රවුමක් දාන්නත් පුළුවන්. ඔන්න එතකොට නම් ඒ පැත්ත දාලා ආයෙත් එන්න නම් හිතෙන එකක් නෑ. ඒ වගේම කතරගමටත් ඉතින් වැඩි දුරක් නෑනේ. හරි හරි ඔන්න වැඩිය කියන්න යන්නේ නෑ වැඩි විස්තර එතනට කෝල් එකක් එහෙම දීලා අහගන්නකෝ.

වැඩි විස්තර දැනගන්න click කරන්න 

03. Thaulle Resort

තාවුල්ල පිහිටලා තියෙන්නෙත් තිස්සමහාරාමයේ. ඒ වගේම මෙතැන ඉඳලා කතරගමට යන්න යන්නේ විනාඩි 20 ක් වගේ කාලයක්. යාල ජාතික වනෝද්‍යානයටත් විනාඩි 10 කින් වගේ යන්න පුළුවන්. තිස්ස පන්සල හරිම ලස්සනට මෙතැන ඉඳලා බලන්න පුළුවන්. ඒ වගේම යෝධ වැව ළඟ මේ තැන තියෙන නිසා ඒ දර්ශනයත් හරිම ලස්සන වෙයි. මෙතැන තියෙන තවත් විශේෂත්වයක් තමයි ආයුර්වේද මධ්‍යස්ථානයක් තිබීම. ඉතින් ඔයාට ඒ අත්දැකීමත් විඳගන්න පුළුවන්.

වැඩි විස්තර දැනගන්න click කරන්න 

04. Saraii Village

තිස්සමහාරාමයේ ඉඳලා කිලෝමීටර 10 කින් මේ තැන පිහිටලා තියෙනවා. ඒ වගේම මෙතැන ඉඳලා යාල ජාතික උද්‍යානයට සහ කිරින්ද බීච් එකටත් යන්නේ විනාඩි 30 යි. මෙතැන නවාතැන් ගන්න අයට වටේ පිටේ රවුමක් එහෙම දාලා එන්න බයිසිකල්නුත් මෙතැනින් ඉල්ලා ගන්න පුළුවන්. ඒ වගේම මාලු අල්ලන්න යන්නත් පුළුවන්. කොහොමද ඒක නේද? ඉතින් මෙම තවතැන් පොළ හදලා තියෙන විදියෙන් වගේම තියෙන ක්‍රියාකාරකම් වලිනුත් ඔයාට ලබා දෙන්නේ වෙනස්ම අත්දැකීමක්.

වැඩි විස්තර දැනගන්න click කරන්න 

05. Chaarya Resort

මේ තැන නම් ටිකක් luxury place එකක්. හැබැයි තැන නම් හොඳයි. ඒ නිසා මේ තැන ගැනත් කියන්නම්කෝ. මෙතන ඉඳලත් කතරගමට, යාලට වගේම බුන්දල ජාතික උද්‍යානයටත් ළඟයි. ඒ වගේම මෙතන outdoor swimming pool එකක් වගේම massaging jets නුත් තියෙනවා. ඉතින් සොබාදහම විඳින්න පුළුවන් විදියට හදලා තියෙන මේ තැනත් ඔයාගේ නවාතැන් ලැයිස්තුවට දාගන්නකෝ.

වැඩි විස්තර දැනගන්න click කරන්න 

06. Kithala Resort

විශාල කුඹුරු යායක සුන්දරත්වයෙන් නැහැවුණු මේ නවාතැන්පොළත් ජීවිතය විඳින්න කියාපු තැනක්. කතරගම සහ යාල අතර තමයි මේ තැන තියෙන්නේ. ඉතින් උදේ පාන්දරම කුරුල්ලන්ගේ හඬත් එක්ක සීතල හුළඟක් එක්ක දවස පටන් ගන්න තියෙනවා නම් කියලා හිතපු දවස් අන්නත්වත් ඇති නේද? එහෙනම් මෙන්න ඒ දවස සැබෑ කරගන්න පුළුවන් තැනක්. ගොඩක් අය කියන විදියට මේ තැනේ staff එකත් හරිම හොඳයි.

වැඩි විස්තර දැනගන්න click කරන්න 

ඉතින් ඔන්න අපි ඔයාට කතරගම ගිහින් නවතින්න ලස්සන තැන 06 ක් ගැන කිව්වා. ඉතින් ඔයා මේ ගැන හිතන්නේ මොනවද කියලා කියන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තවත් අලුත් දෙයක් ගැන කියන ලිපියකින් හමුවෙමු. එහෙනම් හැමෝටම කඳ සුරිඳු පිහිටයි.

Share