ඔබේ පොඩ්ඩාටත් Soft Toys හදලා දෙන්න මධුෂා සූදානම්



අපි හැමෝටම උත්සහාය සහ කැපවීම තියෙනවා නම් බාධක කියන්නේ එක වචනයක් විතරයි. ජීවිතේ අපි දකින හීනවලට යන්න ලොකු කාලයක් ගියත් ඒ වෙනුවෙන් අපි කරන කැපකිරීම්වලට වටිනාකමක් ලබාදෙන්න පුළුවන් වෙන්නෙත් ඔයාට විතරමයි. මධූෂා දිසානායක Soft Toysවලින් පටන් ගත්ත Online බිස්නස් එක ගැන එයාගේ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගත්තේ මෙන්න මෙහෙමයි.

01. ඉතින් මධුෂා මේ Soft Toys හදන අදහස මුලින්ම ආවේ කොහොමද?

Soft Toys එකක් කියලා මම මුලින්ම හදන්න ගත්තේ Cot Mobile එකක්. ඒ කාලෙදි මට මගේ පුතා ලැබෙන්න හිටියේ. මගෙ පුතාට දෙන්න Soft Toys හදන්න ආසාවක් තමයි මට තිබුනේ. YouTube වීඩියෝස්වලින් තමයි මම මේ ගැන ඉගෙන ගත්තෙ.

02. පුංචි දරුවෙක් එක්ක මේ බිස්නස් එක කරගෙන යන්න අමාරුයි නේද?

ඔව් ගොඩක් අමාරුයි. මගෙ පුතාට දැන් මාස තුනයි. එයා එක්ක දවල් කාලය ගතකරන නිසා මම පුතා රෑට නිදාගත්තම පාන්දර වෙනකම් Soft Toys මහනවා.

03. Soft Toys වලට තියෙන ඉල්ලුම කොහොමද?

ලොකු ඉල්ලුමක් තියෙනවා. මේ දවස්වල මට හුස්ම ගන්නවත් වෙලාවක් නැති තරමට orders ඇවිත් තියෙන්නෙ. පුතාගේ වැඩයි බිස්නස් එකයි කොහොමහරි Balance කරගන්නවා.

04. මධුෂා හදන Soft Toys වර්ග ගැනත් කියමු නේද?

Cot Mobile, Name Banner, Finger Puppets, Toys Numbers, Alphabet , Educational items, Animals pack වගේ දේවල් හදනවා. මේ වගේ දේවල්වලට ලොකු ඉල්ලුමක් තියනවා.

05. ගෙදර අයගෙන් මේ වැඩේට ලැබෙන සහයෝගය ගැනත් මතක් කරමු

මගෙ හස්බන්ඩ් රෑ වෙනකම් මේ දේවල් හදන්න උදව් කරනවා. ඒ වගේම හස්බන්ඩ්ගෙ අම්මා මගෙ බබාව බලාගන්නවා දවල් කාලෙදි ඒ නිසා මගෙ බිස්නස් එකට ලොකු උදව්වක් වෙනවා. Orders වැඩි දවසට මගෙ අම්මා ඇවිත් මහන්න උදව් කරනවා. ඒ අයව ගොඩක් ආදරෙන් මතක් කරනවා.

06. Orders වැඩිවෙන දවස්වලට මධූෂා කොහොමද වෙලාව හදාගන්නෙ?

දවල්ට මහන්නෙ අඩුවෙන් බබා එක්ක ඉන්න නිසා.එයා නිදාගන්න වෙලාවට තමයි දවල් කාලයේ මම මහන්නේ.නැත්නම් රෑට තමයි Soft Toys මහන එක මම පටන් ගන්නෙ.

07. අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න කෙනෙක්ට මොනවද කියන්න තියෙන්නෙ?

මට ඉස්සර මහන්න බැහැ. ඒත් ඕනම කෙනෙක්ට උවමනාව තියනවා නම් කරන්න බැරි දෙයක් නැහැ. සාර්ථකත්වය සහ ලාභය කියන දේවල් හිතන්නේ නැතුව තමයි පටන් ගන්න ඕනෙ. අලුතෙන් බිස්නස් එකක් කරන්න කැමති අයට මම කියන්නේ කැපවීමයි උත්සාහයයි තියෙන අයට කරන්න බැරි දෙයක් නැහැ කියලයි.

08. බිස්නස් එක නිසා වුණු අමතක නොවන සිදුවීම් එහෙමත් ඇති නේද?

මම හදපු මුල්ම Order එක ප්‍රතික්ෂේප වුණා. හදලා ඉවර වුනාම මගෙ Customer Order එක එපා කිව්වා. ඉතින් එදා ගොඩක් ඒ ගැන දුක් වුනා. එදා තමයි මම හිතාගත්තේ මගෙ බිස්නස් එක දිගටම කරගෙන යනවා කියලා.

09. මේ වැඩේ ඉස්සරහට දියුණු කරගන්න මධූෂාට අදහසක් තියනවද?

මගෙ ලොකු හීනයක් තියනවා මගෙම Baby Items තියෙන Shop එකක් පටන් ගන්න. දැනට මම Baby Items තියෙන Shops ලට මගෙ Soft Toys දානවා. Online බිස්නස් එක කරගෙන යන ගමන් මගෙ හීන සැබෑ කරගන්න තමයි හිතාගෙන ඉන්නෙ.

10. Soft Toys වලට කැමති අය මධූෂාගෙන් Soft Toys මිලදී ගන්නෙ කොහොමද ?

මදූ ෆේස්බුක් පිටුව හරහා ඔයාලා කැමති ඕනම Soft Toy එකක් මිලදී ගන්න පුළුවන්. ඔයාලා කැමති Design එකක් තිතියෙනවා නම් ඒ විදිහටම Soft Toy එක අපි හදලා දෙනවා.

Facebook  Link – Click Here

Share