ඔන්ලයින් ෂොපින් කරන්න කැමති නම් මෙන්න Online Shopping Sites 06 ක්



මේ වෙනකොට ලංකාවේ ගොඩක් අය ඔන්ලයින් ෂොපින් මගින් පිටරට ඉඳලා  බඩු ගෙන්වනවා. තමන්ට  ඕන  ඕනම දෙයක් මේ විදියට ගෙන්වන්න ගොඩක් අය පුරුදු වෙලා තියෙනවා. ඉතින්lunu.lk අපි හිතුවා අපි අතර ජනප්‍රිය වෙලා තියෙන ඔන්ලයින් ෂොපින් සයිට්ස් 06 ක් ගැන කථා කරන්න.

01. Amazon.com


1996 දී තමයි Amazon.com පටන් ගන්නේ. මේ වෙනකොට මේ ඔන්ලයින් ෂොපින්  සයිට් එක ලෝකේ හැම රටකම හරිම ප්‍රසිද්ධයි. Amazon.com මගින් ඔයාට ඇඳුම් පැළඳුම් , පොත්, සෙල්ලම් බඩු, සපත්තු වගේ දේවල්වල ඉඳලා ගෙදරට  ඕන කරන ගෘහ භාණ්ඩ වෙනකන් දේවල් ගෙන්න ගන්න පුළුවන්.

02. ebay.com

මෙමගින් ඔයාට බඩු ගන්න වගේම විකුණන්නත් පුළුවන්. ebay.com හි තියෙන විශේෂත්වය තමයි ඔයාට ඕන කරන දෙයක් ලෝකේ කොහේ හමුවුණේ නැතත් මේකෙන් හොයාගන්න පුළුවන් වීම. ඉතින් ඒකෙන්ම හිතාගන්නකෝ ඔයාට මොනවද ebay එකෙන් ගන්න බැරි කියලා.

03. Alibaba.com

Alibaba.com කියන්නෙත් ගොඩක් ප්‍රසිද්ධ ඔන්ලයින් ෂොපින් සයිට් එකක්. මේකෙන් ඔයාට පුළුවන් භාණ්ඩ රැසක් එකවර ගෙන්වා ගන්න. ඒ වගේම එක එක වර්ගයේ භාණ්ඩ රැසක් ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඔන්න ඔයාගෙත් හිතේ තියෙනවා නම් පොඩියට බිස්නස් එකක් පටන් ගන්න Alibaba එකෙන් බඩු ගෙන්න ගන්න පුළුවන්.

04. Flipkart.com

Flipkart.com කියන්නේ තවම ටික ටික වර්ධනය වෙන ඉන්දියානු ඔන්ලියන් සයිට් එකක්. ඒ වුණත් මේ වෙනකොට මේ ගැන ගොඩක් අය දන්නවා. විශේෂයෙන්ම ආසියානු රටවල් අතර හරිම ජනප්‍රියයි. ඉතින් ඒකෙනුත් ඔයාට ගොඩක් දේවල් හරිම පහසුවෙන් මිළදී ගන්න පුළුවන්.

05. AliExpress.com

Alibaba ගෘප් හිම ව්‍යාපාරයක් තමයි AliExpress.com කියන්නේ. මේක ආරම්භ කරන්නේ 2009 දි. මේක ආරම්භ කරන්නේ චීනයේ කුඩා පරිමාණ නිෂ්පාදකයින්ට, අපනයනකරුවන්ට සහ ව්‍යවසාකයින්ට තමන්ගේ බඩුවලට අන්තර්ජාතික වෙළෙඳපොළක් හදලා දෙන අරමුණෙන්. මෙමගිනුත් බඩු තොග වශයෙන් මිළඳී ගැනීමේ හැකියාව තියෙනවා.

06. Asos

මෙය එක්සත් රාජධානියේ විශාලතම ඔන්ලයින් ෂොපින් ස්ටෝර්ස් අතරින් එකක්. මෙහි විශේෂත්වය තමයි මෙහි තියෙන නිෂ්පාදන බොහොමයක් රූපලාවන්‍ය හා විලාසිතා ක්‍ෂේත්‍රයට අදාල ඒවා වීම. ඒ වගේම කාන්තා සහ පිරිමි දෙපාර්ශවයටම නිෂ්පාදන මෙහි තියෙනවා. මෙම වෙබ් සයිට් එක නිර්මාණය කරලා තියෙන්නෙම හරිම ලේසියෙන් නවීන විලාසිතා ආදිය සොයා ගන්න පුළුවන් විදියට.

ඉතින් ඔයාටත් පුළුවන් වෙනසකටත් එක්ක මේ සයිට්ස්වලින් ෂොපින් කරලා බලන්න. ඒ වගේම අලුත් විදියට හිතලා අලුත් දෙයක් කරන අයටත් මේ සයිට්ස්වලින් ගන්න පුළුවන් ප්‍රයෝජන ගොඩක් තියෙනවා.

Share