එන්න, මොනවහරි කාලම කථා කරමු !



කෑම කන්න තැනක් හොයන්න අද කාලේ ලොකු මහන්සියක් ගන්න ඕනෙ නැහැ. ඒ තරමටම කෑම කඩවලින් ලංකාවට කිසිම අඩුවක් නැහැ. ඒත් මතක හිටින රසම රස කෑම කන්න තැනක් හොයාගන්න යන එක නම් ටිකක් අමාරු වැඩක්. හැමදාම කන කෑමවලට වඩා වෙනස් කෑම වේලක් කන්න හොඳ තැන් කිහිපයක් ගැන තමයි මේ කියන්න යන්නේ.

01) පූජා ඉන්දියානු ආහාර (Pooja Indian Food)

ඉන්දියානු කෑම කන්න ආස අයට තලවතුගොඩ මාදිවෙල පාරේ තියෙන ” Pooja Indian Food ” කියන්නෙ හොඳ තේරීමක්. බඩ පැලෙන්න කන්න හිතෙන රසම රස ඉන්දියානු කෑම හදන මේ තැන නම් තලවතුගොඩ ඉන්න අය අතර ගොඩක් ජනප්‍රියයි. චීස් පරාටා, චිලි පරාටා, රසම්, සුප් වගේ දේවල්වලට මෙතැන වැඩි ඉල්ලුමක් තියෙන්නෙ කෑම Order එක Ready වෙනකන් කට්ටිය පොඩි Chat එකක් දාගෙන ඒ කෑම රස බලන නිසයි. හවස 5.00 ඉඳන් පටන් ගන්න ” Pooja Indian Food ” එකට යන්න කලින් කෑම Order එක දාගෙනම යනවා නම් ගොඩක් හොඳයි. ඉතින් තලවතුගොඩ යන වෙලාවට මාදිවෙල පාරේ මේ තැනට යන්නත් අමතක කරන්න එපා.

02) ඉස්සෝ වඩේ එක්ක ඉඟුරු තේ

මෙතනට කියන්න නමක් හරියට නැති වුනත් ඉස්සො වඩේ එක්ක රසම රස ඉඟුරු ප්ලේන්ටියක් බොන්න හිතුන ගමන් කට්ටියම යන්නේ මේ තැනට. තලවතුගොඩ ඉඳන් මහරගමට යන පාර අයිනේ එක දිගට කෑම කඩ ගොඩක් තිබුනත්, දවසම වැඩ කරලා මහන්සි වෙලා යන අයට ප්ලේන්ටියක් බොන්න මේ තැන නම් මරු. ඉඟුරු තලලා තේ කොලවලට දාලා ප්ලේන්ටි එක හැදුවත් මෙතන නම් ප්ලේන්ටි එක දෙන්නේ ප්ලේන්ටි එකට ගලේ අඹරපු ඉඟුරු උඩින් දාලා. ඒ නිසා සැරට ඉස්සෝ වඩේ, පරිප්පු වඩේ කන අය මේ ප්ලේන්ටි එක ගන්න අමතක කරන්නේ නැහැ. සාක්කුවේ තියෙන ගානට වෙනස් විදිහෙ දෙයක් කන්න හිතෙනවනම් මෙතෙන්ට එන්න.

03) මස්ම EAT BBQ

මස් කන්න කැමති අයට මේ තැන මරේ මරු. ” මස්ම Eat ” කියලා නම දැම්මට කටට සැරට මාළු එහෙමත් BBQ කරලා ගන්න Chance එකක් ඔයාලට හම්බෙනවා. ඒ වගේම Kebab, Grill Sausages දේවල් මෙතනින් ගන්න පුළුවන්. හවස 5.00 ට පටන් ගන්න මස්ම Eat එක තියෙන්නේ කොට්ටාවේ මාකුඹුරේ. හවසට මස් කන්න ආසාවක් එන ඕනම කෙනෙක්ට මෙතනට ඇවිත් නිදහසේ කෑම වල රස විඳින්න ඔයාලට පුළුවන්. ඒ වගේම මෙතනින් කෑම Deliver කරගන්නත් Chance එක ඔයාලට තියනවා. Weekend එකට මෙතනට ඇවිත් යන්න එන්න.

04) BITE Shop

” Bite Shop ” කියන නම අහපු ගමන් ඕනම කෙනෙකුට තේරෙනවා මොකක්ද මේ කියන්න හදන්නෙ කියලා. ” Bite Shop ” එක බොරලැස්ගමුවේ පාර අයිනෙම තිබුනත් හවසට ගිහින් නිදහසේ රස කෑම කන ගමන් ඉන්න කියාපු තැනක්. ඒ වගේම තමයි රස Bite එකක් එක්ක යාළුවොත් එක්ක Set වෙන්නත් නියමයි. මෙතනට ගෑණු ළමයිට එන්න බැරිද කියලා හැමෝම දෙපාරක් හිතනවා. එහෙම කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. Bite වගේම ඕනම කෑමක් මෙතනින් ගන්න පුළුවන්.

05) දුප්පතාගේ හිතවතා

නමත් වෙනස් ඒ වගේම තමයි හැමදාම කන ෆ්‍රයිඩ් රයිස් එකට වඩා, රුපියල් 130 ට Unlimited කන්න මෙතනට ගොඩක් අය නිතරම එනවා. Take a way නම් 120 ක් විතරයි යන්නේ. මෙතනට එන Office Crowd එකෙන් නම් Lunch Hour එක වැහිලා තියෙන්නෙ. මෙතන රෑ වෙනකන්ම ෆ්‍රයිඩ් රයිස් දෙනවා. ඒ වගේම තමයි බය නැතුව දෙපාරක් තුන්පාරක් එකම ගානට කන්නත් පුළුවන්. Town Hall එකේ විහාර මහාදේවි පාර්ක් එක ඉස්සරහ තියන මේ කඩේට ඒ පැත්තේ නොගිය කෙනෙක් නැහැ. ලාබෙට කන්න පුළුවන් වගේම තමයි ඉතින් රසත් මරු.

Share