ඉන්සි සංස්ථා සිමෙන්ති 8වන වරටත් ජනතා සම්මානයට පාත්‍ර වෙයි



ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන ඉන්සි සිමෙන්ති හි මෙරට පැරණිතම සිමෙන්ති නාමය වන ඉන්සි සංස්ථා සිමෙන්ති පසුගියදා පැවති SLIM-Nielsen People’s Awards 2019 සම්මාන උළෙලේදී අඛණ්ඩව 8 වන වරටත් නිවාස සහ ඉදිකිරීම් වෙළඳ නාමයට හිමි ජනතා සම්මානය දිනා ගත්තේය.
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කර පිරිනමනු ලබන SLIM-Nielsen People’s Awards සම්මානය සඳහා ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට විවිධ ක්‍ෂේත්‍ර ගණනාවක වෙළඳ නාම සඳහා තම කැමැත්ත සහ ඡන්දය ප්‍රකාශ කිරීමේ වටිනා අවස්ථාව මෙහිදී හිමි වන අතර එම ජනතා ඡන්දය අනුව සම්මාන පිරිනැමේ. මේ වසරේදීත් නැවත වරක් ඉන්සි සංස්ථා නාමය ඉහළට ඔසවා තබමින් ජනතා සම්මානයට පාත්‍ර කිරීමෙන් ”සංස්ථා” සන්නාමය කෙරෙහි ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ගේ හද පත්ලෙන් නැගෙන කැමැත්ත සහ විශ්වසනීයත්වය මනාව පිළිඹිබු වේ.
ශ්‍රී ලංකාවට ප්‍රථම වතාවට බ්ලෙන්ඩඩ් සිමෙන්ති  නිෂ්පාදනය කරමින් හඳුන්වාදීමේ ගෞරවය හිමිකරගන්නා ඉන්සි SLS 1253 හිමි පෝට්ලන්ඩ් හුණුගල් වලින් නිෂ්පාදිතය. නිවාස ඉදිකිරිම සඳහා ලොව පිළිගත් සිමෙන්ති නාමය ඉන්සි සංස්ථා සිමෙන්ති වන අතර මෙරට සෑම නිවාස තුනකින් එකක්ම ඉදිකර ඇත්තේ ඉන්සි සංස්ථා සිමෙන්ති වලිනි. ඉන්සි සංස්ථා සිමෙන්ති පිරිසිදු කැල්සියම් කාබනේට් (CaCO3) භාවිතයෙන් දේශීයව නිෂ්පාදනය කරන අතර එහි ප්‍රතිපලයක් ලෙස ඉතා අඩු ජල ප්‍රමාණයක් අවශ්‍ය වීමත් ඉහළ ශක්තිමත් භාවයකින් යුතු කොන්ක්රිට්වල කල් පැවැත්ම වඩා ඵලදායිතාවයකින් යුක්තය.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLS) වෙතින් ලබා දෙන SLS 1253:2015 තත්ත්ව සහතිකය ඉන්සි බ්ලෙන්ඩඩ් සිමෙන්ති සඳහා හිමි අතර ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලය  (GBCSL) මගින් පිරිනමන හරිත සිමෙන්ති නිෂ්පාදනය සඳහා වන Green Labeling තත්ත්ව සහතිකය ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට හිමි කර ගනු ලැබුවේ ඉන්සි සංස්ථා සිමෙන්තිය. එමෙන්ම Ceylon Institute of Builders ආයතනය විසින් පිරිනමන හරිත සලකුණු රන් සම්මානයද ඉන්සි සංස්ථා සිමෙන්ති වලට හිමිය.
”ඉන්සි සංස්ථා වෙළඳ නාමය වසරින් වසර ඉහළට ඔසවා තබමින් පාරිභෝගික ජනතා විශ්වාසය වර්ධනය කර ගනිමින් සිටින අතර පාරිභෝගික ඉල්ලුම සපුරාලමින් ඔවුන්ට ඉහළ ගුණාත්මක භාවයකින් යුතු නිෂ්පාදන ලබා දීමට ඉදිරියටත් අප ආයෝජනා දිරිමත් කරමින් කටයුතු කරනු ලබනවා”  යැයි ඉන්සි සිමෙන්ති සමාගමේ විකුණුම්, අලෙවිකරණ හා නව නිපැයුම් විධායක උප සභාපති යාන් කුනික් මහතා මේ පිළිබඳව දහස් දක්වමින් පැවසිය.
වැඩි දුරටත් ඔහු මෙසේද පැවසීය.”අප වෙළඳනාම සඳහා මිනුම් දඬු ඇති කිරීමට කටයුතු කිරීමේදී ඉන්සි සංස්ථා ඇතුළු අනෙකුත් ඉන්සි නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකා වෙළඳ පොළ තුල වැඩි ඇල්මක් ඇති බව දැක ගැනීමට හැකි වුනා. රටේ නිවාස සහ ඉදිකිරීම් වෙළඳ නාමය ලෙස ජනතාවගේ පැහැදිලි කැපී පෙනෙන තොරා ගැනීමක් අප හට ලැබීම මහත් සතුටට කාරණයක් සේම ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තය තුල වෙනස්වන අවශ්‍යතාවලට සරිලන පරිදි ඉදිරියේදීත් ඉන්සි මහත් සතුටින් තම නිෂ්පාදන සහ සේවා සපයනු ලබනවා”.
Share