අඹ යාළුවෝ දෙන්නෙක් පැළ කරන ආදරය



මේ අමීරා සහ අමීනාගේ කථාවයි. 2015 අවුරුද්දෙදි මේ අඹ යාළුවෝ  දෙන්නට හිතුණා පුංචි බිස්නස් එක්ක පටන් ගන්න. ඒක වෙනස්ම දෙයක් වෙන්න  ඕන කියලා හිතුණට ඒ මොකක්ද කියලා දෙන්නට හරියටම තේරුණේ නෑ. ඔන්න අන්තිමට 2017 අවුරුද්දෙදි මේ දෙන්නට පුළුවන් වෙනවා වෙනස්ම විදියේ හරි අපූරු බිස්නස් එකක් පටන් ගන්න. ඒක තමයි  BUD  කියලා කියන්නේ. පුංචි පුංචි  පැළ හරිම ලස්සන පුංචි පෝච්චිවල දාලා  ඕනම කෙනෙක්ට ගැළපෙන විදියට personalized  කරලා ලබාදෙනවා. මේ පුංචි පැළ  ඕනම කෙනෙක්ට තෑගි විදියට දෙන්න දෙපාරක් හිතන්න  ඕන නෑ. ඉතින් අපි මේ දෙන්නා එක්ක කථා කරමු එයාලගේ මේ බිස්නස් එක ගැන.

අනෙක් gifting සේවාවලින් ඔබේ බිස්නස් එක වෙනස් වෙන්නේ කොහොමද?

BUD වලට අපි ගන්නේ අතින්ම හදපු ටෙරා කොටා මල් පෝච්චි. ඒ වගේම අපි අපේ පාරිභෝගිකයින්ට  ඕන විදියට පේන්ට් කරනවා. ඉතින් BUD කියන්නේ තෑගි දෙන කෙනාට  ඕන විදියට gift  එක හදා ගන්න පුළුවන් තැනක්. ඒ වගේම මේ පැළත් අතින්ම හිටවපු ඇත්තම ඒවා. ඉතින් මේ තෑග්ග හැමදාම වැඩෙනවා. පරණ වෙලා යන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි අපි මෙතනදි යොදා ගන්නේ අපේම ශ්‍රී ලාංකේය  කලාව. ඉතින් ආදරය කරන කෙනෙක්ට දෙන්න හොඳම තෑග්ග මේක කියලා අපි විශ්වාස කරනවා.

මේ බිස්නස් Idea එක ආවේ කොහොමද?

පුංචි කාලේ ඉඳලම අමීනා කැමති වුණේ නෑ තෑගි විදියට මල් දෙන එකට. මල් ලස්සනයි තමයි ඒත් ඉක්මනට පරවෙලා යනවා.ඒත් පැළයක් දෙන්න පුළුවන් නම් ඒක හැමදාම වැවෙනවා. ඒ වගේම ඒකට පණ තියෙනවා. ඉතින් අපිට  ඕන වුණා පැළයක් තෑගි විදියට දෙන්න ක්‍රමයක් හදන්න. හැබැයි අපිට ඒක නිකන්ම කරන්න  ඕන වුණේ නෑ. ඒකට තවත් දෙයක් එක් කරන්න  ඕන කියලා හිතුණා. ඒ තමයි එක එක අයට ගැළපෙන විදියට personalized කරන්න. මේ අදහස තමයි පස්සේ කාලෙදි BUD විදියට එළියට ආවේ. ඒ වගේම අපේ ටැග් ලයින් එක තමයිි ‘Let love grow’ (ආදරයට වැඩෙන්න ඉඩ දෙන්න) මේකේ අදහස තමයි අපි තෑග්ගක් දෙන්නේ ආදරයෙන් ඉතින් ඔබ දෙන්නේ BUD එකක් නම් ඔබේ ආදරය දිනෙන් දින පැළයත් එක්කම වැඩෙනවා. ඒ සතුට ඔබට විඳින්න පුළුවන්. තෑග්ග ගන්න කෙනාට වගේම තෑග්ග ලබන කෙනාටත් එක්ව මේ සතුට විඳින්න පුළුවන්.

ඔබේ මේ අදහස ජනතාව අතරට ගෙනියන්න අමාරු වුණාද?

අපි BUD පටන් ගන්නේ හැමෝම ග්‍රීන් කොන්සෙප්ට් එක ගැන තදින්ම කථා කරන කාලේ. ගොඩක් ඔෆිස්වලට වුණත්  ඕන වුණේ ග්‍රීන් පැත්තට බර වුණු විදියට ඔෆිස් එක හදාගන්න. ඒ වගේම අපි ගොඩක් හොයලා බැලුවා අපේ වගේ බිස්නස් තව තියෙනවද කියලා. එතකොට අපිට පෙණුනු දෙයක් තමයි එයාලා හැමෝම දෙන්නේ පැළය විතරයි කියන එක. ඉතින් අපිට මුල ඉඳලම  ඕන වුණා අපේ පැළය personalized කරන්න. මොකද වගේම අපිට දැණුනා අපි වගේ හැමෝම පැළයක් තෑග්ගක් විදියට ලැබෙනවට කැමති නෑ කියලා. ඒ වගේම විවිධ කාර්යාලවලට අපේ පැළ  ඕන වුණා. ඒක අපිට ලොකු දෙයක් වුණා අපේ බිස්නස් එක දියුණු කරගන්න.

ටික කාලයක් යනකොට අපේ අදහසත් එක්ක ගොඩක් අය එකතු වුණා. ඒ වගේම අපි පටන් ගන්නකොට දුන්නු පොරොන්දුව වෙන personalized කරන එක ඒ විදියටම තියාගත්තා. ඒකත් හිතන තරම් ලේසි වුණේ නෑ. මොකද එක එක අයට  ඕන විදිය වෙනස්. ඒ වගේම එයාලා බලාපොරොත්තු වෙන විදියටම ෆයිනල් ප්‍රඩක්ට් එක දෙන එක අපේ වගකීම.

ඔබේ අධ්‍යාපනය අත්දැකීම් උදව් වුණාද ඔබේ බිස්නස් එකට?

ඇත්තටම ඔව්. අපි විශ්වාස කරනවා අපි ඉගෙන ගන්ත හැමදේමත් අපි ලබා ගත්ත අත්දැකීමුත් උදව් වුණා අපේ BUD  බිස්නස් එක මේ දුරට ගේන්න. අපිට මේ බිස්නස් අයිඩියා එක එනකොට අපි දෙන්නා අපේ Interior Design ඩිග්‍රි එක කරනවා. ඉතින් අපිට ඒ ඉගෙන ගත්ත දේවල් ගොඩක් උදව් වුණා ග්‍රීන් කොන්සෙප්ට් එකට සහ ඩිසයිනින් පැත්තට. ඒ වගේම ඒක අපිට උදව් වුණා අලුත් විදියට හිතන්න.

තව දෙයක් කියන්න  ඕන අපිට BUD  අදහස එන්නේ අපේ ඩිග්‍රි එකේ දෙවන අවුරුද්දෙදි. මේ කාලේ අපිට තිබුණා Business management සබ්ජෙක්ට් එකට assignment එකක් කරන්න. ඉතින් මේකෙදි අපි බිස්නස් අයිඩියා එකක් දෙන්න  ඕන. ඉතින් අපි එක එක හේතු කිය කිය කල් ගත්තා බිස්නස් අයිඩියා එක දෙන්න. මොකද අපි ගොඩක් රිසච් කළා මේ අයිඩියා එක ගැන. අන්තිමට අපි අපේ BUD අයිඩියා එක හොයා ගත්තා.

බිස්නස් එකට ආපු ප්‍රශ්න එහෙමත් තියෙන්න ඇති

මුලින්ම අපිට තිබුණේ බිස්නස් එකේ හැමදෙයක් තනියම කරන්න වුනු එක. මාකටින්, අකවුන්ටින්, සේල්ස් ඔක්කොම බලන්න වුණා. හිතපු තැනි විදියේ ලොකු  ඕඩර්ස් ලැබුණමත් අපිට හිතා ගන්නා බැරි වුණා මොකද කරන්නේ කියලා. ඒ වගේම පැළ මැරෙනවා කියලා කම්ප්ලෙන්ස් ආවා. ඉතින් ඇයි එහෙම වෙන්නේ කියලා හොයලා බලන්න වුණා. කොහොමහරි අපි මේ හැමදේකටම විසඳුම් හොයාගෙන ආවා.

ඉතින් සෝෂල් මීඩියා මගින් බිස්නස් කරන්න හිතන අයට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද?

අනිවාර්යයෙන්ම  ඕන දෙයක් තමයි ඔයාගේ බ්‍රෑන්ඩ් එකට සෝෂල් මීඩියා ගැළපෙනවද කියලා බලන එක. ඔයාගේ පාරිභෝගිකයාට ළඟා  වෙන්න පුළුවන්ද කියලා බලන්න  ඕන. ඊට පස්සේ හැමවෙලාවෙම ඔයාගේ ප්‍රඩක්ට්ස් ගැන පාරිභෝගිකයාව දැනුවත් කරන්න. එයාලා එක්ක දිගටම ඉන්න.

මේ අඹ යාළුවෝ දෙන්න ඉස්සරහට මොකද කරන්න හිතන් ඉන්නේ

මුලින්ම අපිට හිතුණේ BUD කියන්නේ gifting idea එකක් විදියට විතරයි. හැබැයි ඉස්සරහට අපි හිතනවා ඉවෙන්ට් මැනේජ්මන්ට්, ඉන්ටීරියර් ඩියසින්, කැෆේ, අලුත් ගිෆ්ටින් ප්‍රඩක්ට්ස් වගේ ගොඩක් දේවල් ට්‍රයි කරලා බලන්න.

Share