pickme සාර්ථකත්වයේ සැඟවුණු කථාව: පුංචියට පටන් අරන් වාර්තාගත බිලියනක් වූ ආදායමක් උපයයි
2014 වසරේදී ආරම්භ කළ pickme අද වන විට ලංකාවේ සාර්ථතකම වූ ව්‍යාපාරයක්. විශේෂතම දේ වන්නේ පුංචියට පටන් අරන් අද වන විට මේ තරම් ලොකු සාර්ථකත්වයක් ලබා ගැනීමට හැකිවීමයි. ඉතින් අපි අද ඒ ගැන කථා කරමු.
pickme කියන්නේ එදිනෙදා ගමන් බිමන් සඳහා ටැක්සි ලබාදෙන ආයතනයක්. මෙය ක්‍රියාත්මක වෙන්නේ App එකක් මගින්. මෙහි තියෙන විශේෂත්වය තමයි අපි ළඟට අපි කැමති වාහනයක් ගෙන්වා ගන්න පුළුවන් වීම. ඒ වගේම කොච්චර ගාණක් යනවද කියලත් හයර් එක යන්න කලින්ම බලාගන්න පාරිභෝගිකයින්ට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ගෙවන මුදලට රිසිට් පතකුත් ඔබට ලැබෙනවා.
ඉතින් මේ ඔක්කොම පහසුකම් එක්ක pickme ලංකාවට එන්නේ uber කියන ගෝලීය ටැක්සි සමගින් තරග කරන්න බලාගෙන. මොකද ඒ වෙනකොට තමයි ලංකාවේ තිබුණු එකම ටැක්සි ඇප් එක. ඉතින් අවුරුදු 04 ක් ඇතුළත pickme ට පුළුවන් වුණා බිලියනයක ආදායමක් සමගින් එයාලා කොච්චර තරගකාරිද කියලා පෙන්නන්න.
ඒ වගේම pickme භාවිත ක්‍රම උපාය මාර්ග හරිම අපූරුයි. මොකද ඔවුන් පාරිභෝගිකයින්ට අවශ්‍ය විදියටයි සේවාව ලබා දෙන්නේ. මේ වෙනකන් අපිට ටැක්සි එකකට ගෙවන්න මුදල් අතේම තියෙන්නම ඕන. ඒත් pickme එක්ක පාරිභෝගිකයින්ට පුළුවන් වුණා ක්‍රෙඩිට් කාඩ් සහ ඩෙබිට් කාඩ් මගින් හයර් එක ගෙවන්න. ඒ වගේම දැන් දැන් ඕනම ටුක් ටුක් එකක් හඳුන්වන්න යොදා ගන්න වචනය වෙලා තියෙන්නෙත් pickme කියන එක. ඒ තමයි ශක්තිමත් බ්‍රෑන්ඩ් එකක තියෙන හැකියාව කියලා කිව්වොත් නිවැරදියි.
pickme දියණුවේ රහස උපක්රමශීලි වීමද?
pickme සමගින් බොහෝ රියදුරන් එක්වුණේ එහි ඇති විශේෂාංග නිසයි. ඒ තමයි වෙනත් රැකියාවක් කරන අයෙක්ට වුණත් pickme සමගින් එක්වෙලා ඔහුගේ රැකියා කාලයෙන් පස්සේ අතිරේක ආදායමක් හොයාගන්න හැකියාව ලැබුණා. ඒ නිසා රියදුරන්ට ඔහුගේ සුපුරුදු ජීවිතයට බරපතල වෙනසක් කරන්න ඕන වුණේ නෑ. ඒ වගේම ඇප් එකේ ක්‍රියාකාරිත්වයත් ඕනම අයෙක්ට තේරෙන සරල දෙයක් වුණා.
ඒ වගේම මෙමගින් රියදුරන්ට ලැබුණු තවත් විශේෂ ප්‍රතිලාබයක් තමයි ඔවුන්ට හයර් තියෙන තැන් සොයා ගන්න හැකියාව ලැබීමයි. ඉතින් ඔවුන්ට ඔවුන්ගේ ටුක් එක ළඟට හයර් එකක් එනකන් බලාගෙන ඉන්න ඕන වුණේ නෑ.
තවත් උපක්රමශීලි දෙයක් තමයි කාර්යාල සඳහාත් pickme තමන්ගේ සේවාව ලබාදීම. ඒ සඳහා වෙනම පැකේජයන් හඳුන්වාදෙමින් ඔවුන් එය සාර්ථකව කළා. එමගින් ඔවුන්ගේ පාරිභෝගික ජාලය තවත් වැඩි වුණා.
මේ වන විටත් අලුත් අලුත් දෑ සොයමින් තමන්ගේ ව්‍යාපාරය වැඩි දියුණු කිරීම ගැන pickme හිතනවා. ඒ තමයි සාර්ථක ව්යාපාරකයෙකුගේ ලක්ෂණ. ආරම්භයේදී තියෙන උනන්දුව හා අසාව දිගටම තියෙනවා නම් ඔබටත් සාර්ථකත්වය නිසැකයි