අතට ලැබෙන සල්ලිවලට වුණු දෙයක් නැද්ද?



“අතට ලැබෙන සල්ලිවලට වුණු දෙයක් නැහැ“ මේ කතාව අපිට අලුත් දෙයක් නම් නෙවෙයි. මාසයක් මහන්සිවෙලා ගන්න සල්ලි වියදම් කරන්න අපිට වැඩිම යන්නේ දවස් පහක් වගේ අඩු කාලයක්. ඉතුරු කාලේ ගෙවන්න වෙන්නේ ණයට අරන් රෝලක් ගහගෙන. හැමදාම මේ වගේ ජීවත්වෙන්නෙ නැතුව අතට ලැබෙන ගානට වැඩටික කරගන්න පුළුවන් Tips ගැන තමයි මේ කතා කරන්න හදන්නේ.

01) අතට ලැබෙන මුදල මතක තියාගන්න

අපිට ලැබෙන ගාන අමුතුවෙන් මතක තියාගන්න දෙයක් නැහැ කියලා හිතුනත්, ඇත්තටම අපිට වියදම් කරන්න යනකොට අපිට කරන්න තියෙන අනෙක් දේවල් ගැන මතක් වෙන්නෙ නැහැ. ඒක තමයි අතට ලැබෙන සල්ලි වියදම් වෙන ලොකුම හේතුව. ඒ නිසා වියදම් කරන්න හිතෙන හැම වෙලාවකම තමන්ට අතට ලැබෙන ගාන ගැන මතක් කරගන්න. ඒ නිසා අනවශ්‍ය දේවල්වලට වෙන වියදම අඩු කරගන්න හොඳම දෙයක් තමයි මේ කිව්වේ.

02) Budget එක හදාගන්න

ලොකු වෙලාවක් අරගෙන Budget හදන්න යන එක වෙන්නෙ නැති වැඩක්. ඒ නිසා නිදහසක් ලැබුන ගමන් තමන්ට අවශ්‍ය වියදම් List එක හදාගෙන ඒ වියදම මුලින්ම වෙන් කරන්න පටන් ගන්න. අපි මුල ඉඳන්ම අත්‍යාවශ්‍ය වියදම්වලට සූදානම් වෙනවා කියන්නේ අනවශ්‍ය වියදම්වලට තමන් විසින්ම පොඩි වාරණයක් දාගන්නවා වගේ වැඩක්. ඉතින් මාසෙ අන්තිම Salary එක අතට ලැබුනම අමතක නොකර ඒ වියදම පරිස්සමට වෙන් කරලා තියාගන්න.

03) හදිස්සියක් වුනොත්?

විවාහ වෙලා නැති කෙනෙක් නම් මේ ගැන වැඩිය හිතන්නෙ නැහැ. ලෙඩක් දුකක් හැදුනම බෙහෙත් ගන්න එක ගැන තරුණ වයසේ කෙනෙක් හිතන්නෙම නැති තරම්. ඉතින් එහෙමයි කියලා හදිස්සියකට මුදල් වෙන් නොකර ඉන්න එපා. මේ හදිස්සිය ඔයාට වගේම ඔයාගෙම පවුලේ කෙනෙක් මුහුණදෙන්න පුළුවන්ඒ. නිසා පුළුවන් හැම මොහොතකම ඔබේ අතට ලැබෙන වැඩි මුදල ඉතිරි කරන්න අමතක කරන්න එපා.

04) කැමතිම දේවල්වලට තිත

අපි හැමෝම කැමති දේවල් තිබුනත් අතේ මුදලක් ඉතිරි කරගන්න ඕනම නම් අපිට ඒ කැමැත්තට ඉඩක් දෙන්න අමාරුයි. ඒක හැමදාටම කරන්න ඕනෙ නැහැ. තමන් කැමති දේවල් ගන්නත් මේ විදිහට සල්ලි ඉතිරි කරන්න පුරුදු වුනොත් ඒ දේවල් ගන්න එක ගැන දෙපාරක් හිතන්න ඕනෙ වෙන්නෙ නැහැ.

Share