අංක එකේ මානව සම්පත් විසඳුම් ලබාදෙන SLT HCS සමාගම සේවකයින්ට ගෞරව උපහාර දක්වයි.



ශ්‍රී ලංකාවේ මානව සම්පත් විසඳුම් ලබාදන ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා ටෙලිකොම් Human Capital Solutions (Pvt) Ltd (SLT HCS) සමාගමේ සාර්ථකත්වය උදෙසා කැපී පෙනෙන දායකත්වයක් ලබාදෙන සේවක සේවිකාවන්ට උපහාර දක්වමින් සම්මාන ප්‍රදානෝත්සවයක් පැවැත්වීය.

HCS සේවකයින් 425 කට අධික පිරිසක් සහභාගී වූ සම්මාන උළෙල මාර්තු 09 වන දා ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවනාගාරයේදී පැවැත්වුණු අතර නව්‍ය මානව සම්පත් විසඳුම් සපයමින් විශිෂ්ට මානව සම්පත් විසඳුම් ලබාදෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මානව සම්පත් ආයතනය වන HCS ආයතනය Super Human Awards 2019 සම්මාන උළෙලේදී සිය සේවක සේවිකාවන්ගේ, ආයතනය වෙනුවෙන් පවත්නා පක්ෂපාතිත්වය, කැපවීම සහ කාර්යයන් ඇගයීම සඳහා ප්‍රමුඛස්ථානය ලබා දුන්නේය.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති පී.ජී. කුමාරසිරි සිරිසේන මහතා, රී ලංකා ටෙලිකොම් Human Capital Solutions (Pvt) Ltd අධ්‍යක්ෂ ජයන්ත නිමල් රත්නායක මහතා, Human Capital Solutions (Pvt) Ltd හි ප්‍රධාන විධායක නිලධාරී රොෂාන් කළුආරච්චි මහතා ඇතුළු සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

සම්මාන ප්‍රදානෝත්සවය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති පී.ජී. කුමරසිංහ සිරිසේන මහතා මෙසේ පැවසීය.” අපගේ සමාගමේ අභිවෘද්දිය වෙනුවෙන් කැපවන, අපගේ වටිනාම වත්කම වන මානව සම්පත අගය කිරීම සමාගමේ මුලිකම ප්‍රතිපත්තියක්. මේ Super Human Awards 2019 සම්මාන උළෙල ක්‍රියාත්මක කෙරෙන්නේ ඒ වෙනුවෙන්. ආයතනය මැදිහත්ව මෙවැනි අවස්ථාවක් සංවිධානය කිරීම පිළිබඳව Human Capital Solutions (Pvt) Ltd හි ප්‍රධාන විධායක නිලධාරී රොෂාන් කළුආරච්චි මහතාට ප්‍රශංසා කල යුතු වෙනවා.

සම්මාන උළෙලේදී තාක්ෂණික, සබඳතා මධ්‍යස්ථාන, පාරිභෝගික සේවා මධ්‍යස්ථාන, කුඩා හා මධ්‍ය පරිමාණ විකුණුම් අංශයන්ගේ 170 අධික සේවක පිරිසක් ‘Super Performers’වරුන් ලෙස හඳුනා ගැනිණි.

තවත් අධ්‍යාපන, නවෝත්පාදන හා ක්‍රීඩා අංශයන්ගේ කුසලතා දැක්වූ සේවක සේවිකාවන් 51 දෙනෙක් ඇගයීමට ලක්කල අතර HCS කාර්ය මණ්ඩලයේ සේවක සේවිකාවන් සඳහා ද සම්මාන 230 පිරිනැමිණි. එසේම තවත් 185 දෙනෙකුට Human Capital Solutions (Pvt) Ltd හි ස්ථිර සාමාජිකත්වය හිමිවිය.

HCS හි ප්‍රධාන විධායක නිලධාරී රොෂාන් කළුආරච්චි සම්මාන උළෙල පිළිබඳව අදහස් දක්වමින් ” අපගේ සංවිධානයේ විශිෂ්ඨයන් අගය කරමින් උපහාර දැක්වීමට ලැබීම අපට ගෞරවයක්. අපගේ මේ උත්සාහයන්ගේ ප්‍රථිපල පාරිභෝගිකයන්ට සහ අපගේ සේවකයින්ට මහත් ප්‍රයෝජනයක් වනු ඇති. ඔවුන් පුද්ගලයින් වශයෙන් සහ ඔවුන්ගේ උත්සාහයන් පිළිබඳව අප සැබවින්ම ආඩම්බර වනවා. අපගේ මානව සම්පත සමාගමේ විශාලතම වටිනාම වත්කම ලෙස විශ්වාස කරන අතර සමාගමේ ඉදිරි දියුණුව වෙනුවෙන් ඔවුන්ගේ හැකියාව සහ උත්සාහයන් වෙනුවෙන් ආයෝජනය කිරීමට අප බලාපොරොත්තුවනවා.

Share